|
භාග්‍යා
මේ දවස්වල ‘යූ ටියුබ්’ එක හරහා ඇසෙන මේ ගීතය අසන්නන් අතර බොහොම ජනප්‍රිය ගීතයකි. ඒ ගීතය ගයන්නේ සොඳුරු යුවතියක් මෙන්ම නවක නිළියක වන භාග්‍යා හෙට්ටිආරච්චියි. ඒ සුන්දරත්වයට හිමිකම් කී භාග්‍යා හෙට්ටිආරච්චි නම් යුවතිය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘සුංගි’ යන ආදරණීය නාමයෙනි. ඒ ඈ පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘ඉඳුවරී’ ටෙලි නාට්‍යයෙහි රඟපෑ ‘සුංගි’ නම් අවිහිංසක යුවතියගේ චරිතයයි. දැන්වීම්වල කළ නිරූපණයෙන් පසුව පුංචි තිරයට පිවිසෙන ඕ හා පුරා කියා වසන්ත මොරගොඩගේ ‘සඳ සාක්කි’ ටෙලි නාට්‍යයෙහි ස්වේතා නම් ආබාධිත යුවතියක ලෙස රංගනයෙහි නියැලුණි. ඉන් පසුව ‘ඉසිර බවය’ ටෙලි සිත්තම සඳහා සිය දක්ෂතා විදහා දක්වන මේ සොඳුරු යුවතිය මේ දිනවල ඔබගේ විසිත්ත කාමරයට පිවිසෙන්නේ ජාතික රූපවාහිනියෙහි රාත්‍රී 8.30 ට විකාශය වන බාලොලි මල් ටෙලි සිත්තමෙහි රුවන්‍යා ලෙසිනි. එමෙන්ම සිරස රූපවාහිනියෙහි රාත්‍රී 7.30 ට විකාශය වන ‘සුරවිමන’ ටෙලි සිත්තමේ ‘නිනී’ ලෙස ද ඇයව ඔබට අමතක නොවනු ඇත. ඉදිරි කාලයේදී භාග්‍යා රඟපෑ ‘වීණාවි’, ‘ඉසිර බිම්සර’, ‘සසර සක්මන’, ‘හිම පියලි’, ‘රන් තරු’ ආදී ටෙලි නාට්‍ය රැසක්ම විකාශය වීමට නියමිතය. මේ දිනවල බොහෝ කාර්යබහුල ජීවිතයක් ගත කරන සමනලියක වූ භාග්‍යා ‘ආදර සංධ්වනි’ හා ‘තීර්ථ තරණය’ යන ටෙලි සිත්තම්හි රංගන කටයුතුවල නියැලෙයි. ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත සෙවණෙහි හැදී වැඩුණු ඇය සිය ජීවිතය හා සමානවම රංගනයටත්, සංගීතයටත් ආදරය කරන්නීය. භාග්‍යා ඔබට සරසවියෙන් සුබපැතුම්!
|