|
සිංහයෙකුට ගලකින් ගහපු Make up artist මනෝජ් ලක්සිරිමා ඔබව රැගෙන යන්නේ අසූව දශකයේ අගභාගයට. ඒ කාලයවන විට අද අපේ කථානායකයා වන මනෝජ් ලක්සිරි මුල්ලේරියාව ශ්‍රී රාහුල විද්‍යාලයේ අ.පො.ස සාමාන්‍ය පෙළ පංතියේ ශිෂ්‍යයෙක්. දිනක් ඔවුන්ගේ පංති භාර ගුරුවරයා පංතියට ඇවිත් ළමුන් එකිනෙකා නැගිට්ටුවා අනාගතයේ කවුරුන් වෙන්නද කැමැති කියාලා ඇහැව්වා. ඒ උසස් පෙළ සඳහා ඔවුන්ට සුදුසු විෂය මාලාව තෝරා දෙන්න. දොස්තර කෙනෙක්. ග්‍රාම සේවක මහත්තයෙක්. තැපැල් ස්ථානාධිපතිවරයෙක්.
දැන් මනෝජ්ගෙ වාරේ
සර් මං නළුවෙක් වෙනවා. ඔහු එහෙම කිව්වම ඇතැමෙකුට සිනහා පහළ වුණා. මං මනෝජ්ට සුබ පතනවා. ඒත් නළුවෙක් වෙන්න නම් ඉතින් ආර්ට් තමයි කරන්න ඕන. ගුරුතුමා එහෙම කියලා යන්න ගියා. මං කොහොම හරි ආර්ට් කරලා නළුවෙක් වෙනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල එනතෙක් ගෙදර ඉන්න කාලේ මනෝජ් එහෙම හිතුව වාර අනන්තයි. නමුත් ඔහු උසස් පෙළ කලා විෂයයන් කළෙත් නැහැ. නළුවෙක් වුණෙත් නැහැ. ඒ වුනත් අද ඔහු සම්මානනීය කලාකරුවෙක්. ඒ කොහොමද අප ඉතිරිය ඔහුගෙන්ම අසා දැන ගනිමු. මට නළු පිස්සුවනේ තිබුණේ. අම්මත් ඒකට මාර සපෝට් එකක් දුන්නා. ඕලෙවල් ප්‍රතිඵල එනකම් ඔහේ නිකම් ඉන්න කාලේ මගෙ අයියා රංජිත් තිලකසිරි එකපාරටම මාව සොයාගෙන ඇවිත් මෙහෙම කිව්වා. මල්ලී, උඹට නාට්‍යයක පොඩි කෑල්ලකට ඉන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා. හැබැයි එතනට ඕන කරලා තියෙන්නෙ මේකප් ඇසිස්ටන් කෙනෙක්. මුලින් එහෙම සෙට්වෙලා පස්සේ ෂේප් එකේ රඟපාන්න ඉල්ලගන්න. මං එක පයින්ම වැඩේට කැමැති වුණා. නාට්‍යය සුදත් දේවපි‍්‍රය මහතාගේ ‘අඹ යාහළුවෝ’. එතකොට එහි ප්‍රධාන අංග රචනා ශිල්පියා වුණේ නිමල් රාජපක්‍ෂ මහතා. ඔහුගේ ගෝලයා විදිහට වැඩ කළා. ඉන් අනතුරුව ‘චරිත තුනක්, හැට හය ශ්‍රී’ වැනි නාට්‍යවලත් අංග රචනා සහායකයකු විදිහට වැඩ කළා.
එතකොට ඔබේ නළු හීනය? අන්න ඒකට තමයි මාර වැඩේ වුණේ. ඒ හීනය මකනයක් අරන් මැකුවා වගේ ඉරේස් වුණා. අංග රචනා පිළිබඳ පුදුමාකාර උන්නදුවක් ඇති වුණා. මට විවිධ පර්යේෂණ කරමින් මේ කලාව ඉදිරියටම ගෙනියන්න හිතුණා.
පළමුව තනිව අංග රචනා ශිල්පියකු විදිහට වැඩ කළේ? මගෙ මතකයේ හැටියට 1993 අවුරුද්දෙ ‘කඳුයාය නිසලයි’ නාට්‍යය. ඊට පසුව මේවෙනකම්ම මං චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන අංග රචනා ශිල්පියා විදිහට වැඩ කළා.
ඒ අතරින් ‘බිනරි සහ සක්විත්තෝ’ ඔබට සුවිශේෂයි නේද? අනිවාර්යයෙන්ම, ඒ නාට්‍ය දෙක නිසයි මං සම්මානනීය අංග රචනා ශිල්පියකු වුණේ. බිනරි සඳහා 2012 සිග්නිස් සම්මාන උළෙලෙත් සක්විත්තෝ සඳහා 2011 රාජ්‍ය සම්මාන උළෙලෙත් හොඳම අංග රචනයට හිමි සම්මාන ගත්තා.
ඔබේ වෘත්තිය සහ පවතින ආර්ථික ක්‍රමය අනුව තෝරා බේරාගෙන වැඩ කරන්න අමාරුයි කියලා කිව්වොත්? සහතික ඇත්ත, ඒත් කරන්න දෙයක් නැහැ.
ඔබ වැඩිපුරම ආසාවෙන් හැඩගැන්වූ මුහුණු කිහිපයක් මතක් කළොත්? මං මට ලැබෙන ආධුනිකයගේ ඉඳලා බොහොම ආසාවෙන් මේකප් කරන්නේ. මගේ මේ ගමන අතරතුරදී හමු වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහා රංගධරයාට මේකප් දාපු මොහොත මට අමතක කරන්න බැහැ. ඒ වගේම නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මිය. මං කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා ඒ අවස්ථාවන් මතක් වෙනකොට.
මේ දිනවල මොනවද ඔබේ කලා කටයුතු? සනත් ගුණතිලක අධ්‍යක්‍ෂණය කරන සුනිල් ටී නිෂ්පාදනය කරන ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ සහ ජැක්සන් ඇන්තනි මහත්මාගේ ‘සලාංහන්තේ’ වැඩ සටහනෙත් ‘මුතු පළස’ ටෙලි නාට්‍යයේත් ප්‍රධාන අංග රචනා ශිල්පියා විදිහට වැඩ කරනවා.
ඔබ ගැන මං අපූරු කතාවක් අහලා තියෙනවා. ඒ අපි‍්‍රකාවෙදි සිංහයෙකුට ගලක් ගහන්න ගිහින් වෙච්ච අකරතැබ්බයක් ගැන? කොහෙන්ද ඕක ආරංචි වුණේ. එහෙම දෙයක් නම් වුණා තමයි. ජැක්සන් අයියගෙ සලාංහන්තේ වැඩ සටහනට අපි අපි‍්‍රකාවෙ ගියා. කැලයකදි සිංහයෙක් බිම දිගාවෙලා ඉන්නවා. අපිට ඕන වුණා උගේ ඉරියවු කිහිපයකින් දර්ශන රූගත කරන්න. පැය ගාණක් හිටියා එකම විදිහට ඒකා ඉන්නේ. මං ඉතින් ජිප් එකෙන් බැහැලා ගිහින් ගඩොල් භාගයක තරමේ ගලක් අරන් සිංහයාට ගැහැව්වා. ඌට හිතාගන්න බැහැ මොකද වුණේ කියලා. වෙලාවට සිංහයා දැක්කේ නැහැ ගල ගැහැව්ව කෙනා.
මොනවද ඔබේ පවුලේ විස්තර? මගෙ බිරිය ප්‍රදීපා පි‍්‍රයදර්ශනී. මට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. පුතා තීවක, දුව දිල්කි. දශක දෙක හමාරකට වඩා වැඩිකාලයක් ක්‍ෂේත්‍රයේ රැඳී සිටීමට ඔබට උදව් කළ අය ගැනත් මතක් කරමු. මුලින්ම මගෙ අම්මා, ඊට පසුව නිමල් රජපක්‍ෂ, අයියා රංජිත් තිලකසිරි, ලේක්හවුස් ආයතනයේ සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, සුදත්ත තිලක්සිරි, ජැක්සන් ඇන්තනි, විමලරත්න අධිකාරි, එච්. ඩී. ප්‍රේමරත්න, නලින් මාපිටිය, වී. සිවදාසන්, සනත් ගුණතිලක, සුනිල් ටී ප්‍රනාන්දු, තිශුල දීප තඹවිට.
|