වර්ෂ 2013 ක්වූ අගෝස්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම

වෙල්ලස්සේ වෙඩි හඬ

වික්ටර් බණ්ඩාර සේනාරත්නගේ ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ වේදිකා නාට්‍යය ඩී. වී. ඩී. ලෙස දැන් නිකුත් වී ඇත. මෙරට සිදු වූ ඓතිහාසික සිදුවීමක් වන 1818 ඌව - වෙල්ලස්ස කැරැල්ල ඇසුරින් නිර්මාණය වූ මෙහි කුවින්ටස් වීරකෝන්, දේශාන් අමරසිංහ, නීල් ඩී මොරිස්, සුමනා ගෝමස්, ස්ටැන්ලි ක්‍රිශාන්ත, රෝයි ජයවර්ධන, කේ. පියකරුආරච්චි, ප්‍රියා ආරියසේන, සුනිමල් දාබරේ, සුසන්ත බාලසූරිය, නිශංකා වීරසිංහ රංගනයෙන් දායක වේ. වෙල්ලස්සේ වෙඩි හඬ ඩී. වී. ඩී. නිකුත් කිරීම ටොරානා වීඩියෝ මූවිස් වෙතිනි.

Inappropriate

‘ඉනැප්‍රොප්‍රියේට්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. වින්ස් ඔෆර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි රොබ් සචින්ඩර්, මයිකල් රොඩ්‍රිග්‍යුස්, ඒඩ්‍රියන් බ්‍රෝඩ්, ලින්ඩ්සෙ ලොහාන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති. ඉනැප්‍රොප්‍රියේට් මිනිත්තු 84 ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයකි.

Disconnect

‘ඩිස්කනෙක්ට්’ ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. හෙන්රි ඇලෙක්ස් රුබින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 115 ක ධාවන කාලයකින් යුක්ත වේ. ජේසන් බැට්මැන්, හෝප් ඩේවිස්, ෆ්‍රෑන්ක් ග්‍රිලෝ, ඇන්ඩ්‍රිග් රයිස්බර්ග්, පාවුලා පැටන් ඩික්කෙනෙක්ට් හි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.

I’m So Excited

‘අයි ඈම් සෝ එක්සයිටඩ්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. පෙඩිරෝ අමෝඩ්වර් අධ්‍යක්ෂණය කළ මෙහි ජේවියර් කම්රා, ඇන්ටෝනියෝ ඩි ලා ටොරේ, රාවුල් අරෙව්ලෝ, චාලොස් අසෙස්, හියුගෝ සිල්වා, ලෝලා ඩ්‍යුනස්, සසිලියා රාත් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

අයි ඈම් සෝ එක්සයිටඩ් මිනිත්තු 90 ක ධාවන කාලයකින් යුතු වේ.

Frances Ha

‘ෆ‍්‍රාන්සස් හා’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක් නෝආ බොයුමිබැච් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 86 ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයක්. ග්‍රේටා ගවිශ්, මිකී සුමිනර්, ඇඩම් ඩ්‍රයිවර්, මයිකල් එස්පර්, ග්‍රේස් ගුමර්, ජෝෂ් හැමිල්ටන් ඇතුළු පිරිසක් ෆ‍්‍රාන්සස් හා චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.

Killing Season

‘කිලින්ග් සීසන්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. මාර්ක් ස්ටීවන් ජොන්සන් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 91 ක ධාවන කාලයකින් යුතුවේ. රොබට් ඩී නිරෝ, ජෝන් ට්‍රැවොල්ටා, මයිලෝ වෙන්ටිමිග්ලියා, එලිසබෙත් ඔලින් කිලින්ග් සීසන් හි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.

Rabba Main Kya Karoon

‘රබ්බා මේන් ක්‍යා කරෝන්’ ආදරය, හාස්‍ය රැගත් බොලිවුඩ් චිත්‍රපටයක්.

අම්රිත් සාගර් චොප්රා විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ආකාශ් චොප්රා, අර්ෂාඩ් වාර්ඩි, පරේෂ් රාවල්, රාජ් බබ්බර්, ශක්ති කපූර්, රියා සෙන්, හිමානි ශිවපූරි, අනුරාධා පටේල්, ටිනු ආන්න්ද් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

Ankur Arora Murder Case

‘අන්කුර් අරෝරා මර්ඩර් කේස්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හින්දි චිත්‍රපටයක්.

සුහාලි ටටාරි අධ්‍යක්ෂණය කළ මෙහි අර්ජුන් මථූර්, කේ. කේ. මෙනෝන්, විශාඛා සිංග්, මිස්කා චෝප්රා, පඕලි දාම්, සචින් කුරානා, මනිෂ් චවුද්රි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. අන්කුර් අරෝරා මර්ඩර් කේස් මිනිත්තු 129 ක ධාවන කාලයකින් යුතු වේ.