|
||||||
එබැවින් ආදරයෙන්සුන්දරත්වයෙන් මෙන්ම අව්‍යාජ ගැමි සුවඳින් පිරී ගිය ගම හැරදා ක්‍රමයෙන් නගරයට ළඟ වෙද්දී සුලක්ෂණාට දැනුණේ හිත පහුරු ගා බුර බුරා දැවෙන සියුම් වේදනාවකි. නීල සේල වලා වසා ගත් සුන්දර පියකරු, කඳු මුදුන් වෙනුවට ප්‍රචණ්ඩ හිරු කෙඳීති මත එතී පීඩා විඳීන ගොඩනැගිලි දෙස ඈ බැලුවේ තිගැස්සුණු නෙතිනි.
තමා කලක් පෙම් කළ රුවන් ද ගමට සින්න කර තබා මේ විසල් නගර බිමට පැමිණියේ නිළියක වීමේ සිහිනය දෝත දරා ගනිමිනි. තමාගෙන් වෙන් වු දුකෙන් තෙත බරිත වූ රුවන්ගේ නෙත සිහිවන හැම විටෙකම සුලක්ෂණාට දැනුණේ මඟහැර යා නොහැකි වේදනාවකි. නිළියක වීමේ සිහිනය දෝත දරා කොළඹට පැමිණි ඈ උදෑසන හිරු දුටු මොහොතේ සිිටම කලාකරුවන් හමුවෙයි. මෙසේ තමාගේ සිහිනය හඹා යන සුලක්ෂණාට නවීන් නම් අධ්‍යක්ෂවරයා හමුවන්නේ ප්‍රථම රංගන ගුරුහරුකම ලබමිනි. ඉතාමත් යහපත් ගති පැවතුම් ඇති නවීන් සමඟ කටයුතුª කරන සුලක්ෂණා කෙටි කලකින් ජනප්‍රිය නිළියක බවට පත්වෙයි. ගමේ සිට ගෙන ආ සුවඳ මෙන්ම විනීත බව වගේම ගමේ ප්‍රේමය ද ඉතාමත් සුරක්ෂිතව රකිනා සුලක්ෂණා තමාගේ ගමන දිරියෙන් ඉදිරියටම යයි. ජනප්‍රියත්වය සමඟ ඇති වන මඩ ප්‍රහාර හමුවේ නොසැලෙන සුලක්ෂණා දිනෙන් දින ජනප්‍රියතම නිළියක් වෙයි. මේ අතර තමාගේ ගුරුවරයා වන නවීන්ගේ හිදිසි අභාවයෙන් සුලක්ෂණා තනි වෙයි. ඉන් පසුව කොළොම්පුර තනි වූ සුලක්ෂණාට කුමකින් කුමක් සිදු වේවිද? මේ සියල්ල දිග හැරෙන්නේ දිය මත ලියමි ටෙලි සිතුවම හරහාය. පරමාදර්ශී නිළියකගේ භූමිකාව තිරය මතට ගෙනෙන දිය මත ලියමි හේමන්ත ප්‍රසාද්ගේ රූපවාහිනී රචනයකි. පුංචි තිරයට අර්ථවත් ටෙලි සිත්තම් රැසක් දායාද කළ සුධර්මා නෙත්තිකුමාර දිය මත ලියමි නිෂ්පාදනයෙන් සවිබල ගන්වයි. චන්දන ධර්මප්‍රිය සහ නාලක තලගලගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන දිය මත ලියමි මේ දිනවල ස්වාධීන රූපවානියෙන් විකාශය වෙයි.
නිර්මාණශීලී දායකත්වය
නිෂ්පාදනය - සුධර්මා නෙත්තිකුමාර රූපවාහිනී රචනය - හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය - චන්දන ධර්මප්‍රිය / නාලක තලගල කැමරාකරණය - චන්දන ධර්මප්‍රිය සහාය අධ්‍යක්ෂණය - චන්දන ඉරුගල් බණ්ඩාර සංස්කරණය - පුබුදු වනිගසේකර කලා අධ්‍යක්ෂණය – වජිර ප්‍රියශාන්ත අංග රචනය – ප්‍රියංක රත්නායක / පුෂ්පකුමාර බණ්ඩාරගම නිෂ්පාදන කළමනාකාරණය - ගයාන් දේශප්‍රිය / සමින්ද කාරියවසම් සංගීත අධ්‍යක්ෂණය - ජානක ෆොන්සේකා ගීත ගායනා - අයෝමි පෙරේරා (රණවිරු ස්ටාර් 2012), සමන්ත පෙරේරා තේමා ගී සංගීතය - සමන්ත පෙරේරා ගී රචනය - සුධර්මා නෙත්තිකුමාර
රංගන දායකත්වය - රොජර් සෙනවිරත්න, ශලනි තාරකා, නීටා ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, පියුමි බොතේජු, හේමන්ත ඊරියගම, රූපා ගෝමස්, චමිලා පීරිස්, නිල්මිණි කෝට්ටගොඩ, සමන් අල්මේදා, ප්‍රියන්ත ප්‍රනාන්දු, සහන් රන්වල, ගිවන්ත අර්ථසාද්, සුදර්ශන බණ්ඩාර, අමායා ද සොයිසා, ප්‍රියන්ත විජේකෝන්, ක්‍රිස්ටින් ගුණවර්ධන, සෝමවීර ගමගේ, ජනක රණසිංහ, රූපා පතිරණ, ඉෂාන් මෙන්ඩිස්, නදී චංචලා, මල්ෂානි පෙරේරා, තිරාශා ප්‍රනාන්දු, ශිරෝමිකා ප්‍රනාන්දු, ප්‍රින්සි ප්‍රනාන්දු, තරුෂ ලක්මාල්, ප්‍රිති විජේසිංහ, පවිත්‍රා මධුභාණි, නට්ලි තක්ෂි, රුක්මන් තිලකරත්න, සාලිය රණවීර, විලාසිනී දේවනාරායන
|
||||||