|
ඉන්දියානු සිනමා කතාව 30
සිද්ධාර්ථ ගෞතම රඟපෑ නළුවා අකල් මරණයක
වර්තමාන ඉන්දියානු සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපට ගොන්නෙහි ලා සැලකෙන අචුත් කන්‍යා බොම්බේ ටෝකිස් නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූයේ 1936 වසරේ ය. නූතන සමාජය කුලහීන යුවතියක සහ බ්‍රාහ්මණ තරුණයකු වටා කේන්ද්‍ර කර ගනිමින් තැනුණ එය නිරන්ජන් පාල්ගේ තිරනාටකයක් අනුව නිර්මාණය කරන ලද්දේ ද ෆ්‍රාන්ස් ඔස්ටන් විසිනි.ඛේදාන්තයක් ලෙස එළි දුටු එහි ද ප්‍රධාන චරිත රඟපෑවේ අශෝක් කුමාර් සහ දේවිකා රාණි විසිනි.අචුත් කන්‍යා චිත්‍රපටය සිනමා මාධ්‍යය ඉතා සූර ලෙස හසුරුවමින් ප්‍රේක්ෂක ඇසට කඳුළක් ගෙන එන වර්ගයේ චිත්‍රපටයකි. එය එකල නරඹන ලද ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් එහි අවසානයේ කඳුළු සැලූ බව වාර්තාවේ.
මේ සමග මිලියන ගණනාවක ඉන්දියානුවන් චිත්‍රපටයේ එන කුලහීන තරුණිය කෙරෙහි අනුකම්පා කරන්නට පටන් ගත්හ.චිත්‍රපටය පුරා ඉන්දියානු ගැමි ජීවිතය ග්‍රහණය කරන්නට ෆ්‍රාන්ස් ඔස්ටන් සමත් වූයේය.එහිදී ඔවුන් චිත්‍රපටයේ දෙබස් උච්චාරණය කරවන ලද්දේ ද අදාළ ගැමි පරිසරය ඉස්මතු කර වන ආකාරයටය.සරස්වතී දේවියගේ සංගීතය මේ චිත්‍රපටයේ ජනප්‍රියත්වයට හේතු වූයේ නැති තරම්ය.එමෙන්ම හිට්ලර් ගේ ප්‍රචාරක නිලධාරියා වන ගොබෙල්ස් හමුවේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරවන්නට එහි අධ්‍යක්ෂ ෆ්‍රාන්ස් ඔස්ටන් සමත් විය. දේවිකා රාණි සහ අශෝක් කුමාර් එක් කොට තවත් චිත්‍රපට හතරක් තනන්නට බොම්බේ ටෝකිස් සමත් විය.එනම් ජනම් භූමි (1936) ඉසාත් (1937) ජීවන් ප්‍රභාත්(1937) සහ සාවිත්‍රි (1937) එම චිත්‍රපට විය. මේ අතරින් දේව පුරාණයෙන් උකහා ගත්තේ සාවිත්‍රි පමණී. මහා භාරතයෙන් උකහා ගැනෙණ සාවිත්‍රි කතාන්තරය එයට පෙර කිහිප වතාවක්ම සිනමාවට නැඟණ පුවතක් විය.එහෙත් බොම්බේ ටෝකීස් සමාගම වෙනුවෙන් ෆ්‍රාන්ස් ඔස්ටන් අතින් සිනමාවට නැඟෙණ සාවිත්‍රි රූපයෙන් සහ පසුතල නිර්මාණය අතින් ඉතා අලංකාර වූයේය.අනතුරුව ඔස්ටන් අතින් තැනුණ බාබි,නිර්මලා,වචන්,නව් ජීවන් සහ දුර්ගා යන චිත්‍රපට සියල්ල වාණිජමය වශයෙන් සාර්ථක විය. මේ අතරින් නව්ජීවන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මරාති සිනමාවේ ඒ වනවිටත් ජනප්‍රිය නමක් දිනා සිටි හංසා වඩ්කර්ය. රතන් සල්ගයොන්කාර් නමින් උපත ලැබ 11 හැවිරිදි වියේ දි ළමා නිළියක ලෙස සිනමාවට එක්වන ඇය පසුව කරච්චියේ ගෝල්ඩන් ඊගල් චිත්‍රාගාරයේ නිළියක ලෙස ප්‍රධාන චරිතයට පිවිසුණාය.ඇයබොම්බේ ටෝකීස් සමග එක්වනුයේ දුර්ගා චිත්‍රපටයෙනි.ඉන් තෙවසරකට පසු ඇය ප්‍රභාත් සමාගම සමග එක්වූවාය. හංසා වඩ්කර් හින්දි මෙනම මරාති සිනමාවේ ද අතිශය ජනප්‍රිය නිළියක ලෙස හැඳීන්විණ.1960 වසරේ දී ඇය සිය ආදර සම්බන්ධතා ඇතුළු කටුක ජීවිත අත්දැකීම් අළලා මනූස් නම් සඟරාවට ස්වයං ආපදාන ලිපි පෙළක් රචනා කළාය. පසුව එය සංග්තේ ආයිකා නමින් ග්‍රන්ථයක් ලෙස ද එළි දැකිවිණ. විශිෂ්ට සිනමාකරුවකු වන ශ්‍යාම් බෙනගල් සිය භූමිකා චිත්‍රපටයේ ස්මිතා පටෙල් හරහා ප්‍රති නිර්මාණය කරන ලද්දේ ද හංසා ගේ චරිතාපදානයයි.ඇය සිය ජීවන අත්දැකීම් අළලා යෙදෙන අපුරු විවරණයක මෙසේ පළ වෙයි.නිදන සයනයන් ද පසුතල ද පිරිමින්ගේ වේශ නිරූපණයන් ද වෙනස් වන නමුත් පිරිමි වෙනස් නොවෙති.
මේ වනවිට ඔස්ටන් හිට්ලර් ගේ නාසි පක්ෂයේ සාමාජිකයකුව සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ ඔස්ටන් සහ කැමරා ශිල්පි වර්ෂිංග් ආලෝක කරණ ශිල්පින් වූ කාල් ෆෙයුන්ඩ් සහ ආනෝ වැග්නර් ඇතුළු ජර්මානු පිරිසම අත් අඩංගුවට පත් වීමය.එයින් පසු ඉන්දියාවෙන් පිටුවහල් කෙරෙන මේ පිරිස අතරින් වර්ෂිංග් යළි ඉන්දියාවට පැමිණ මිය යනතුරුම එහි ජීවත් වුව ද ඔස්ටන් යළි ඉන්දියාවට පැමිණියේ නැත.එහෙත් මේ විශිෂ්ට ජර්මානු වන් පිරිස ඉන්දියානු සිනමාවේ අභිවෘද්ධිය උදෙසා කළ මෙහෙය සදා සිහිපත් කළ යුතු එකකි. ඒ ඔවුන්ගෙන් පසු එම කර්මාන්තය ඉදිරියට ගෙන යෑම සඳහා විශිෂ්ට සිනමා පරපුරක් බිහි කළ නිසාම නොවේ. තමන්ට වඩා හාත්පසින් වෙනස් සංස්කෘතියක සිට එය හඳුනා ගෙන කළ නිර්මාණ නිසාවෙනි. ඔස්ටන් බොම්බේ ටෝකීස් වෙනුවෙන් කළ සෑම නිර්මාණයක්ම පාහේ කලාත්මක අතින් අගය කළ හැකිවාකු මෙන්ම වානිජමය වශයෙන් ද සාර්ථක විය. ඔහු සිය සිනමා නිර්මාණ නාටකීය අවස්ථාවන් සඳහා බොහෝ විට භාවිතා කළේ ඉන්දියානුවන්ගේ එදිනෙදා සිරිත් විරිත් හා සිදුවීම් ය. එමෙන්ම බොම්බේ ටෝකීස් ඇතුළු ඉන්දියානු චිත්‍රපට 14 ක දී ඔහු සමග කටයුතු කළ කැමරා ශිල්පියා ද රචකයා ද සංගීත අධ්‍යක්ෂවරයා ද බොහෝ විට නළු නිළියන් ද එකම පිරිසක් විය.දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු යළි ඉන්දියාවට නො ආව ද ඔස්ටන් ජර්මනියේ සිය සොහොයුරාගේ එමෙල්කා චිත්‍රපට හා එක්ව චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළේය.එහෙත් ඒ කිසිවක් ඉන්දියාවේ දී ඔහු තැනූ චිත්‍රපට මෙන්අවධානය දිනා ගත්තේ නැත.ඔහු 1956 දෙසැම්බර් දෙවැනි දා ජර්මනියේ දී මිය ගියේය.ඒ වන විට ඔහු අසූ හැවිරිදි වියේ පසු විය. ඉන්දියාවේ දී ඔහු අවසන් වරට නිර්මාණය කරමින් සිටි කන්ගන් නිම කරන්නට ඔස්ටන්ට හැකි වූයේ නැත.ඒ වන විට ඔස්ටන් ගේ දැනුමෙන් සන්නද්ධව සිටි ඔහුගේ ඉන්දියානු ශිෂ්‍යයන් වූ එන්.ආර්.ආචාර්ය සහ නජම් නක්වි චිත්‍රපටය සම්පූර්ණ කළහ. චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂවරයෙක් ද හඳුන්වා දෙනු ලැබීය. ඔහු රාම්චන්ද් පාල් ය.පාල් එතෙක් ඉන්දියානු සිනමා සංගීතයට හුරු සංගීතය වෙනුවට බටහිර වාද්‍ය භාණ්ඩ ඔස්සේ නව නාද රටා මැවීමට සමත් විය.
හොලිවුඩ් සිනමාව ගොඩ නැංවීමේ දී පළමුව යුනිවර්සල් සමාගමටත් දෙවැනුව මෙට්‍රො ගෝල්ඩ්වින් මේයර් සමාගමටත් එක් වන අර්වින් තැල්බර්ග් ගේ අලුත් සංකල්පනා නොවන්නට හොලිවුඩ් නගරය ලෝක සිනමාවේ අගනුවර නොවනු ඇතැයි සිනමා ඉතිහාසඥයන්ගේ මතයයි.එමෙන්ම බොලිවුඩ් සිනමාවේ පුදුම ඉලන්දාරියා ලෙස හැදින්විය හැක්කේ හිමන්සු රායි ජිවත් වනුයේ වයස අවුරුදු හතළිස් අටකි. එහෙත් ඒ කාලය ඇතුළත චිත්‍රපට කෙෂත්‍රයේ සියලු අංශ කෙරෙහි ඔහු කෙතරම් අවධානයක් යොමු කළා ද යත් බොම්බේ ටෝකිස් හරහා හින්දි සිනමාවේ අගනුවර බොම්බාය බවට පත් කළේය. චිත්‍රපට යේ වෙළඳ පොළ පිළිබඳ ඔහු දැඩි අවධානයක් යොමු කළේය. එපමණක් නොව බොම්බේ ටෝකිස් හරහා අති විශාල සිනමා පරම්පරාවක් ගොඩ නැගිණ. මේ පරම්පරාවට නෑකම් නොකියන කිසිවක් හින්දි සිනමාවේ නැති තරම්ය.ඒ හරහා ගොඩ නැගුණ සිනමා අධ්‍යක්ෂවරු සිනමා කාර්මික ශිල්පින් එමටය.ආචාර්ය සහ නක්වි මෙන්ම ශෂීධර් මුඛර්ජි,ආර්.ඩී.මතූර්, වැනි සිනමාකරුවන් මෙන්ම දේවිකා රාණි,අශෝක් කුමාර්,කිශොර් සාහු.ලීලා චිට්නිස් වැනි සිනමා තාරකාවන් ද හිමන්සු රායිගේ සොයා ගැනීම් විය. චිත්‍රපට සම්බන්ධව දැඩි ඕනෑම තීරණයක් ගැනීමට හිමන්සු රායි කිසි විටෙකත් පසුබට නොවීය. දක්ෂතා ඇති අය හඳුනා ගැන්මට ඔහුට කිසි විටෙකත් අපහසුවක් නොවීය. 1940 වසරේ මැයි 16 වැනි දින හදිසියේ නහරයක් පුපුරා යෑමෙන් ඔහු මිය යන විට ඔහුගේ බිරිය දේවිකාරාණි 42 හැවිරිදි වියෙහි පසු වූවාය. අකල් මරණයට ගොදුරු වූ හිමන් සුරායි මුල්වරට රඟපෑ ලයිට් ඔෆ් ඒෂියා චිත්‍රපටයේ සිද්ධාර්ත ගෞතම චරිතයයි. එහෙත් බොලිවුඩ් සිනමාවේ සියලු හැඩ තළ ඒ වන වට ඔහු විසින් සිත්තම් කරන ලද්දේදැයි හෝ තම සිනමා පරම්පරාව එය ඉන්දියානු කලාපයෙන් බැහැර ලොව පුරා ගෙන යනු ඇතැයි කිසි විටෙකත් සිතන්නට නැත. මතු සම්බන්ධයි.
|