|
කවුද මේ දුෂ්්යන්තිකවුද මේ? මම දුෂ්්‍යන්ති නදීශා.
තවදුරටත් හඳුන්වා දුන්නොත්? මගේ ක්ෂේත්‍රය ගායනය. මං සුපර් ස්ටාර් හතරවැනි අදියරේ අන්තිම හතළිස් අට දෙනාට ඇවිල්ලා එස්. එම්. එස්. මදි වෙලා අයින් වුණා.
ඊට පස්සේ? ඒ තරගාවලියෙන් මාව මිනිස්සු හඳුනා ගත්තා. මං කළා මගේම සිංදු දෙකක්.
ඒ මොනවද? මතුදාක සහ පිරිමි මංකඩ. ඒවායින් පිරිමි මංකඩ ගොඩක් ජනප්‍රිය වුණා.
ඒ ගීත ඔබට නිර්මාණය කර දුන් නිර්මාණකරුවන් ගැන කිව්වොත්? මතුදාක යළි ලිව්වේ ආචාර්ය අජන්තා රණසිංහයන්. නවරත්න ගමගේ මහත්මයා සංගීතවත් කළා. පිරිමි මංකඩ වසන්ත දුක්ගන්නාරාළගේ රචනයක්. ඉරාජ් වීරරත්න සංගීතවත් කළා.
පිරිමි මංකඩ මොන වගේ ගීතයක්ද? ඒක විරහ ගීතයක්. එහි රූප රචනාවක් ද කළා. මේ දිනවල එය විකාශය වෙනවා.
විශේෂ හේතුවක් තියෙනවද විරහ ගීත කියන්න? මෙහෙමයි, මේ ගීතයට මගේ කිසිදු පුද්ගල සම්බන්ධයක් නැහැ. ප්‍රේමය තුළ විරහ රසය තියෙනවා. පුද්ගලික මං විරහව විඳින්න කැමැති නැහැ. පිරිමි මංකඩ තුළින් චපලකම් කරන අයට හොඳ පණිවුඩයක් දෙනවා. ඒකයි මෙවැනි ගීතයක් කළේ.
ඔබ හිතනවද ගීයක් වැනි මාධ්‍යයක් තුළින් සමාජයට පණිවුඩයක් දී වැරැදි කරන අයව නිසි මඟට ගන්න පුළුවන් කියලා? ඔව්, මොකද බැරි. අර්ථවත් ගී තුළින් සමාජයේ යම් යම් වැරැදි හදාන්න පුළුවන්. නිහාල් නෙල්සන් මහත්මා ගයන එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ගීතය අහලා සෑහෙන්න පරිසක් ගව මස් කෑමෙන් වැළකුණා කියලා මං අහලා තියෙනවා.
ඒ කියන්නේ ඔබ ඉදිරියට ගයන්න හිතාගෙන ඉන්නේ උපදේශාත්මක ගීත ද? ඉහත උත්තරයෙන් මං එහෙම දෙයක් නෙවෙයි අදහස් කළේ.
දුෂ්්‍යන්ති සුපර් ස්ටාර් තරගාවලියේ ඊළඟ අදියරට අයැදුම් කළේ නැත්තේ ඇයි? මට එකෙන්ම එපා වුණා. මං තනිව මගේ ගමන යන්න තීරණය කළා. විශේෂයෙන්ම පිරිමි මංකඩ සඳහා වීඩියෝවක් කළේ ඒකයි.
වෙනින් කිසිම රියැලිටි තරගයකට ඉන් පසුව සහභාගි වුණේ නැතිද? මං ස්වර්ණවාහිනියේ ලවිං ස්ටාර් එකට ගියා. චිලී තමයි හිටියේ. මං එහි දෙවැනියා වුණා.
ඒ කියන්නේ හොඳට ආදරේ කරන්න පුළුවන්? ආදරේට ආදරේ කරනවා. එච්චරයි.
ඔබ රංගනයටත් පිවිසුණා කියලා දැනගන්නට ලැබුණා? ඔව්. මුතුපළස නාට්‍යයෙනුයි මං රඟපාන්න ආවේ. එහි මං හිරුණි. එහි අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ රේඛීය නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහත්වරුන්ට තුති පුදන්න ඕනෑ මට ඒ අවස්ථාව දුන්නට. මං දැනට ඔබිනාමුණි ගාමිණී ද සිල්වා සර් යටතේ රංගනය හදාරනවා.
ඉක්මනින් ජනප්‍රිය වන්නද රංගනයටත් යොමු වුණේ? කලාවේ නියැළෙද්දී ජනප්‍රිය වෙනවා. ඒක ඉබේ වෙනකම් මං ඉන්නවා. මට පුළුවන් හැකියාවන් මොනවද කියලා දන්න නිසයි ගායනය රංගනය සහ ඒ හා බැඳි තරගවලට සහභාගි වුණේ.
ඔබ ගැන කෙටි විස්තර ටිකක් කියමු? අහන්නකෝ.
කොහෙද ගෙවල් තියෙන්නේ? මීගමුවෙ පදිංචිය. ගම නම් කුලියාපිටිය.
උපන් දිනය? 1988. 10. 10
පාසල? වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකාව සහ කුලියාපිටිය සුරදූත බාලිකා යන ඉස්කෝලවලින් මං අධ්‍යාපනය හැදෑරුවා.
ලග්නය? ධනු.
ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න? බොහොම නිවිච්ච කෙනෙක්. කාටද තුති පුදන්න තියෙන්නේ? සුසාර දිනාල් ඇතුළු මට උදව් කළ හැමෝටම.
|