|
දෙවොල් මඩුවෙන් කල එළි බසින රන්චාමර
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන 34වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.
මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි. යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙන්න බලාපොරොත්තු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, බස්නාහිර පළාතෙන් දෙවොල් නර්තනය ඉදිරිපත් කරමින් පහතරට ඒකළ පිරිමි ඛණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් බොරලැස්ගමුව පදිංචි ඩී.එල්.ඉඳුනිල් සඳුන් රන්චාමර පිළිබදවයි. සඳුන් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලයන් ගෙන් මූලික අධ්‍යාපනය ලබා සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ තාලවාද්‍ය අධ්‍යනාංශයෙ දෙවන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියි. වයස අවුරුදු 4 දී දේශීය නර්තනයේ අත්පොත් තබන්නේ සන්දෝරිස් ජයන්ත ගුරුතුමා යටතේයී. 2003 වර්ෂයේදී උපාලි චන්ද්‍රසිරි ගුරුපියාණන්ගෙන් පහතරට දෙවොල් මඩු මංගල්‍යයන්හී මඩු බැසීමේ චාරිත්‍ර ඉටු කරගත් රන්චාමර, 2006 වර්ෂයේදී අජිත් අමරසිරි ගුරුපියාණන්ගෙන් උඩරට නර්තන කලාවේ හිසවෙස් පැලදයීය. අන්තර් විශ්වවිද්‍යාලයීය කවිතා තරගාවලියේ නිර්මානාත්ම බෙර වාදනයට ද සම්මාන හා සහතික ද , සමස්ත ලංකා පාසල් නැටුම් හා නාට්‍ය තරගවලදී 2003 සිට 2007 දක්වා ප්‍රථම ස්ථානද , ජාතික හා ජත්‍යන්තර මට්ටමින් බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමට ඔහු සමත් වී තිබේ. කලා කුසලතාවන්ට මෙන්ම ක්‍රීඩාවෙන්ද දස්කම් පෑ රන්චාමර වොලිබොල් ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යයන්තර තරග සදහා සහභාගි වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් දිනාගෙන ඇත. උඩරට,පහතරට නර්තනයන්ට මෙන්ම බෙරවාදනයෙන්ද දක්ෂතා පෙන්වන ඔහු සම්ප්‍රදායික ශිල්පියකු වශයෙන් ශාන්තිකර්මයන්ට හා පෙරහර ආදී වූ අවස්ථාවන්ට සම්බන්ධවී ලත් පන්නරය මේ සෑම ජයග්‍රහණයකටම වස්තු විෂය වී තිබේ. ශ්‍රී ලංකා සාම පදනම, BEAT DRUMMERS, බුධවත්ත රංගායතනයන් ගේ නියෝජනයෙන් ජපානය,ස්පාඤ්ඤය,ප්‍රංශය, තායිවානය,චීනය,හොංකොං,මාලදිවයින, ඉන්දියාව,යන රටවල්වල සංචාරය කිරීමෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට විදහා පෑමට අවස්ථාව ඔහුට හිමි වී තිබෙන්නේද මෙකී කලාවට පින්සිදුවන්නටය. ශ්‍රී ලාංකේය වේදිකාව තුළින් ජාත්‍යන්තරයට ගොස් හොද නිර්මාන කරනයේ යෙදී ප්‍රේක්ෂක ජනතාවට උසස් කලා කෘතින් ඉදිරිපත් කිරීම රන්චාමර ගේ මූලික අරමුණයි. කෙතරම් සම්මාන සහතික ලැබුවද 2012 යෞවන තරගාවලියේදී ජාතික සම්මානය ලැබීම නිසා ලැබුණු මෙකී අවස්ථාව මව, පියා ,ආච්චි අම්මාටත්,සුධර්මා ප්‍රියන්ති ,අජිත් අමරසිරි , උපාලි චන්ද්‍රසිරි , දයා පෙරේරා , යන ගුරුවරුන්ටත් , විශ්වවිද්‍යාලයෙ සැමට ස්තූතිය පුද කළ රන්චාමර ජාතික තරුණ සේවා සභාවටත්, ලේක් හවුස් ආයතනයේ සරසවිය කතෘ මණ්ඩලයටත් තුති පුදන්නටද අමතක නොකළේ කැලැවේ පිපුණු මල් පරවීමට නොදී ඒවා සුගන්ධවත් කිරීමට දරන මෙකී වෑයම නිසාවෙනි.
|