|
|
ඉන්දියානු සිනමා කතාව 27සිනමාවට ආලෝකය ගෙන ප්‍රභාත් උපදියි
ඔවුන් නම් විශ්ණුපාන්ත් දාම්ලේ,සයිද් ෆත්තේ ලාල්,වී,ශාන්තාරාම්, සහ කේශව්රාඕ දයිබර් ය.දාම්ලේ සහ ෆතේ ලාල් මහාරාෂ්ට්‍ර ෆිල්ම්ස් වෙතින් ඉවත්ව නව සමාගමක් තැනීමේ යෝජනාව ගෙනා අතර සෙස්සන් එයට එක්විය.ඒ වනවිට පේන්ටර් සහ එහි සෙස්සන් අතර අමනාපකම් වැඩි වෙමින් තිබිණ.එය වඩාත් දැනුණේ මේ පිරිසගේ ආර්ථිකයටය.සමාගමේ වඩා නිර්මාණශීලි පිරිස ඔවුන් වුව ද ඒ වෙනුවෙන් ප්‍රමාණවත් ගෙවීමක් නොකෙරිණ.එය ඔවුන්ගේ අසතුටට හේතු විය.
1929 වසරේ ජූනි පළමු වැනි දින කොලහපූර් නගරයේ දී ‘ප්‍රභාත්’ ඇරඹුණ අතර ආරම්භක
ප්‍රාග්ධනය රුපියල් පහළොස් දහසක් විය.සමාගමේ මුල්ම නිෂ්පාදනය ‘ගෝපාල් ක්‍රිෂ්ණා’ය.
අනතුරුව ඔවුන් චිත්‍රපට පහක් නිර්මාණය කළ අතර ඒ සියල්ල අධ්‍යක්ෂණය කරන ලද්දේ
ශාන්තාරාම්ය. ශාන්තාරාම් මේ පිරිස අතර වයසින් බාල වුව ද නිර්මාණශීලීත්වයෙන් ඉහළම
තැනැත්තා ශාන්තාරාම් සිය මුල් චිත්‍රපටයේ සිට දේව පුරාණයන් හා සමකාලීන සමාජ ආකල්ප මෙන්ම අරගල ද මනාව මුසු කරන්නට සමත් වූවෙකි.ශාන්තාරාම් රාජාරාම් වන්කුද්රේ (1901.11.08-1990.10.30) කොලහපූර් නගරයේ උපත ලැබ ජීවිකාව සඳහා ලියුම් බෙදන්නෙකුගේ සිට කැමරා සහායකයකු ව දක්වා විවිධ රැකියාවන් හි නිරත වන්නෙකි.එමෙන්ම ඔහු සංගීත නාටක සමාගම් සඳහා අතිරේක රංගන ශිල්පියකු ලෙස ද දායක වූවෙකි. ඔහු මහාරාෂ්ට්‍ර ෆිල්ම්ස් වෙත එක් වනුයේ 1921 වසරේ තැනුණ ‘සුරේකා හසන්’ චිත්‍රපටයේ අතිරේක නළුවකු හැටියටය. ඔහුට ඒ අවස්ථාව ලැබෙනුයේ පෙන්ඩර්කාර් ඔහුගේ ඥාති සොහොයුරෙකු බැවිනි.ඉතා ඉක්මනින් චිත්‍රාගාරයේ සියලු අංග පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ශාන්තාරාම් තම සහජ නිර්මාණශීලිත්වය එයට මුසු කරන්නට සමත් විය.හැකියාව නිසාම පේන්ටර් ගේ දකුණු අත බඳු වන්ට ඔහුට වැඩි කලක් ගත නොවෙයි. ශාන්තාර්ම් ගේ මුල්ම අධ්‍යක්ෂණය වනුයේ ‘නේතාජි පල්කර්’ය.ඒ දයිබර් සමඟ සම අධ්‍යක්ෂණයකි.ප්‍රභාත් සමාගම වෙනුවෙන් තැනුණ ‘ගෝපාල් ක්‍රිෂ්ණා’ ඔහුගේ මුල්ම ස්වීය අධ්‍යක්ෂණය විය.
මුල්ම මරාති කතානාද චිත්‍රපටය වූ ‘අයෝධ්‍ය කා රාජා’
චිත්‍රපටයේ සිට ඩොක්ටර් කොට්නිස් කී ‘අමර් කහානි,අම්රිත් මන්තන්,අමර් ජෝති,දුනියා
නා මානේ,ශෙජාරි,ජනක් ජනක් ප්‍යාල් බාජේ,දෝ අන් එයින් ලද දියණියන් අතර 60 දශකයේ ජනප්‍රිය නිළියන් වන රාජ් ශ්‍රී සහ තේජ් ශ්‍රී ද වෙයි. ශාන්තාරාම් ගේ තෙවැනි විවාහය සිදුවනුයේ ‘ජනක් ජනක් ප්‍යාල් භාජේ’,’දෝ ආන්කේන් භාරහ් හාත්’,’නව්රාංග්’ වැනි චිත්‍රපටවල රඟ පෑ සන්ධ්‍යා සමඟය. සන්ධ්‍යා ජය ශ්‍රී ගේ නැඟණිය වූවාය. එයින් ඔහු ලද දරුවන් ගණන පස් දෙනෙකි.වර්තමානයේ මහාරාෂ්ට්‍ර රජය මගින් ශාන්තාරාම් සම්මානය පිරිනමනුයේ වසරේ විශිෂ්ට දායකත්වය සපයන මහාරාෂ්ට්‍ර සිනමාකරුවන්ටය.ඒ වෙනුවෙන්ම ශාන්තාරාම් චලන චිත්‍ර විද්‍යා පර්යෂණ සහ සංස්කෘතික පදනම ද පිහිටුවා ඇත්තේය.සම්මාන පිරිනමනුයේ ශාන්තාරාම්ගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වැනි දිනටය. ඔහුගේ සිනමාව බොහෝ ඵෙතිහාසික පුවත් නවමානයකින් අර්ථ දැක්වීම් විය.එමෙන්ම සිනමා මාධ්‍යය හැසිරවීමේදී ශාන්තාරාම් නිතරම රූපයට වැඩි තැනක් දුන්නේය. බොහෝ චිත්‍රපට සඳහා කවර සංගීතඥයෙකු යොදා ගත්ත ද ඒ පසුපස සිටියේ ශාන්තාරාම් බැව් රහසක් නොවීය.
කතානාද සිනමාව ඇරඹුණ වහාම ඒ සඳහා පෙළ ගැසෙන්නට නොගිය ශාන්තාරාම් ඒ සඳහා ප්‍රේක්ෂකයන්ගේ හැඩ ගැසිම කෙබඳුද යන්න මෙන්ම එහි දුර්වලතා හා ශාක්‍යතා හඳුනා ගැන්මට හෙතෙම උත්සාහ කළේය.නිකම්ම නාටකීය දෙබස් වහරද්දි හඬ කවනවාට වඩා යමක් කතානාද සිනමාවේ කළ හැකි බැව් ශාන්තාරාම් ගේ අදහස විය. එබැවින් ඉක්මන් නොවුව ද මුල්ම මරාති කතානාද සිනමා කෘතිය නිර්මාණය කරන්නට ඔහු ට හැකි විය.ඒ ‘අයෝධ්‍ය කා රාජා’ය. එයට පාදක වනුයේ මුල්ම ඉන්දියානු චිත්‍රපටය වන රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයේ කතාවමය. ශාන්තාරාම් හැමවිටමඉන්දියානු සිනමාවේ පියාණන් වන තවත් මරාති ජාතිකයකු වන පාල්කේට බෙහෙවින් ගර කළේය. ඉන්දියානු සිනමාවේ විසි පස් වසර සැමරූ උළලේ ප්‍රධාන සංවිධායකයකු වූ ශාන්තාරාම් එදා පාල්කේට නිසි ගෞරවය ලබා දුන්නේය. අති දැවැන්ත වියදමක් දරන ලද ‘අයෝධ්‍ය කා රාජා’ චිත්‍රපටයේ පසුතල ෆත්තේ ලාල් විසින් නිර්මාණය කරන ලද අතර ශබ්ද මෙහෙය වූයේ දාම්ලේය.එහි කැමරා මෙහෙයවීමෙන් කේශව්රාඕ දයිබර් ද සංගීතයෙන් ගෝවින්ද්රඕ තෙම්බේ ද චිත්‍රපටයට දායක වූවෝ අතර සිටියහ.චිත්‍රපටය පසුව හින්දි බසින් ද දෙබස් කවා ප්‍රදර්ශනය කරන ලදී. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ද ගොව්න්ද්රාඕ තෙම්බේ,දුර්ගා කෝටේ,බාබුරාඔ පෙන්ඩර්කාර්,මාස්ටර් විනයාක් ය.මේ අතරින් තෙම්බේ එහි හරිශ්චන්ද්‍ර රජුගේ චරිතය රඟ පෑවේය.දුර්ගා කෝටේ (1905.1.14-1991.09.22) මුලින්ම රඟපානුයේ මොහාන් භව්නානි අධ්‍යක්ෂණය කළ ෆරේබි ජාග් චිත්‍රපටයේය. එහෙත් එය අසාර්ථක වූ අතර එයින් පසු ඇය රඟපෑවේ ප්‍රභාත් සමාගමේ ‘අයෝධ්‍යා කා රාජා’ චිත්‍රපටයේය. වසර 2000 දී සහශ්‍රකය වෙනුවෙන් ඉන්ඩියා ටුඩේ සඟරාව නිකුත් කළ ඉන්දියාවේ හැඩ රුව වෙනස් කළ පසු ගිය සියවසේ සියදෙනෙක් යන කවරයේ කතාවට දුර්ගා කොටේ ගේ නම ද ඇතුළත් ව තිබිණ.එය පවසන අන්දමට දුර්ගා නොවන්නට ඉන්දියානු සිනමාව තරුණියන්ට තවමත් අකැප වන්නට ඉඩ තිබිණ.ඇය ඇතුළත් ව තිබුණේ ඉන්දියාවේ ඉහළම බ්‍රාහ්මණ වංශිකයන් වන ගවුද් සරස්වති බ්‍රාහ්මණ පරපුරටය. ඒ කතානාද සිනමාව සමඟ ඉන්දියානු සිනමාවට හොඳීන් ඉන්දියානු භාෂාවන් හදාරන සහ ගායනයේ ද සමත් තරුණියන් වුවමනා වූ සමයයි.
දුර්ගා ඉන්දියානු සිනමාවට දායක වද්දී ම ඇය චිත්‍රාගාර නළු නිළි රටාවට එකඟ වූයේ නැත. චිත්‍රාගාර නළු නිළි ක්‍රමයේ දී ඔවුන් අදාළ සමාගම් සමඟ ඇති කර ගන්නා ගිවිසුම් පරිද්දෙන් මාසික වැටුපකට සේවය කරති. එහෙත් එයට විරුද්ධ වූ දුර්ගා එනිසාම ප්‍රභාත් චිත්‍රාගාරයේ මෙන්ම කල්කටාවේ නිව් තියටර්ස් චිත්‍රාගාරයේ චිත්‍රපටවලද වෙනසක් නැතිව රඟ පෑවාය.පසු කලෙක වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක මව් චරිතය රඟපෑවේ ද දුර්ගාය.
අයෝධ්‍යා කා රාජා චිත්‍රපටයෙන් පසු පසු ජල්ති නිශානි සහ මායා මචින්ද්‍ර යන චිත්‍රපට තැනූ ශාන්තාරාම් ඉන්දියාවේ මුල්ම වර්ණ චිත්‍රපටය ශෛරාන්ද්‍රි නිර්මාණය කළේය.ඒ සඳහා රසායනාගාර පහසුකම් ඉන්දියාවේ නොවූ බැවින් එහි රසායන කටයුතු සඳහා ශාන්තාරාම් ජර්මනියට ගියේය. ඇග්ෆා රසායනාගාරයේ ශෛරාන්ද්‍රි නිර්මාණය කරන කාලය හිට්ලර් ජනප්‍රියත්වයේ උපරිම අවධිය ගත කළ කාලයයි.හිට්ලර් ගේ ප්‍රචාරක නිලධාරියා වූ ගොබෙල්ස් විසින් සිනමාව භාවිත කරමින් සිය නායකයාගේ ප්‍රතිරූපය ගොඩනඟන අයුරු ඇසුරෙන් සිනමා මාධ්‍යයේ බලසම්පන්න බව ශාන්තාරාම් අධ්‍යයනයක යෙදුණේ මේ සමයේය.එමෙන්ම ජර්මානු නව සිනමාවේ හැඩ පිළිබඳ ඉගෙන ගැන්මට ද ශාන්තාරාම් මේ කාලය භාවිත කළේය. පූනා නගරයේ ප්‍රසාද් චිත්‍රාගාරය අක්කර ගණනාවකින් යුත් බිමක් විය. එහි යාබද වූයේ කඳු පන්තියකි.පරිබාහිර ශබ්දය නොඑන පසුතල ද ශබ්දාගාරය ද ගොඩනැඟූ පසු එහි තැනූ මුල්ම චිත්‍රපටය ‘අම්රිත් මන්තන්’ 1934 වසරේ දී නිර්මාණය විය.එය බුද්ධ කාලීන ඉන්දියාව පාදක කර ගෙන තැනුණ චිත්‍රපටයක් විය.සිනමා මාධ්‍ය භාවිතයේ දී ශාන්තාරාම් සමකාලීන ඉන්දියානු සිනමා කරුවන් අභිබවා යන ආකාරයක් ‘අම්රිත් මන්තන්’ මනාව ප්‍රදර්ශනය කළේය. හින්දි සහ මරාති යන දෙබසින් ද නිර්මාණය වූ එම චිත්‍රපට යුගලේම සිනමා රංගනය විශිෂ්ට එකක් විය.
එමෙන්ම නළු නිළියන් ගේ
මරාති වේදිකාවේ මහා පුරුෂයෙකු වූ බාල් ගාන්ධර්වගේ නාටක් මණ්ඩලී නාට්‍ය කණ්ඩායම ශාන්තාරාම් ගේ කලා කුසලතාවන් එළි දුටු තැනක් විය.’ධර්මාත්මා’ චිත්‍රපටය පාදක කර ගනුයේ 16 වැනි සියවසේ මරාති කවියකු වන ඒක්නාත් ගේ ජීවන වෘතාන්තයයි.ඒක්නාත් පිළිබඳ පුවත් මරාති ජනතාව අතර නිතර රැව් දෙන වෘත්තාන්ත බවට පත්ව ඇත්තේය.ප්‍රභාත් සමාගම වෙනුවෙන් ෆතේ ලාල් සහ දාම්ලේ එක්ව නිර්මාණය කළ ‘ශන්ත් තුකරම්’ චිත්‍රපටයට පාදක වනුයේ ද එබඳු ජනප්‍රවාදයක් වූ තුකරාම් නම් හින්දු සාන්තුවරයකු පිළිබඳවය.එහි තුකරාම්ගේ චරිතය විශ්ණුපාන්ත් පග්නිස් විසින් නිරූපණයකරන ලදී.පග්නිස් ඒ වන තෙක් නිරූපණය කර තිබුනේ කාන්තා චරිත පමනක් වීම විශේෂත්වයකි. වැනිස් සිනමා උළෙලේ දී ශන්ත් තුකරම් මහ ඉහළින් වර්ණනාවට ලක්විණ.එය ඉන්දියානු සිනමා කෘතියක් පිළිබඳ මුල් වරට විශාල වශයෙන් ජාත්‍යන්තර අවධානය දිනාගත් අවස්ථාවයි. චිත්‍රපටය ඉන්දියාවේ දී අති සාර්ථක ආදායම් වාර්තා පිහිටුවා ලූයේය.එය බොම්බායේ පමණක් වසරකට වැඩි කලක් එක දිගට තිරගතවූ මුල්ම ඉන්දියානු චිත්‍රපටය විය.එහි තුකරාම් ගේ චරිතය ගොඩ නැඟීමේදී ආගමට වැඩි නැඹුරුවක් දැක්වීම නිසා සිය කුටුම්භ රක්ෂණයේ දී සිදු කරන මග හැරීම් මෙන්ම පවුල වෙනුවෙන් වෙහෙසන එමෙන්ම ධෛර්ය සම්පන්න කට සැර ගැහැනියගේ චරිතයට ද එක ලෙස යුතුකම් ඉටු කොට තිබිණ. මතු සම්බන්ධයි |



ප්‍රභාත් චිත්‍රාගාරය මෙන් ඉන්දියානු කලා සම්ප්‍රදායන් ගුරු කොට ගනිමින් සහ සිනමා
සම්ප්‍රදායන් එයට මුසු කරමින් ගොඩ නැඟුණ වෙනත් සිනමා චිත්‍රාගාරයක් ඉන්දියානු සිනමා
ඉතිහාසය ඇතුළත හමු නොවන තරම්ය.ඉන්දියානු සිනමා තාක්ෂණ ශිල්පීන් පිරිසකගේ එකතුවෙන්
තැනුණ මුල්ම සමාගම පමණක් නොව එය එකම සමාගම ද විය. එය බිහි කිරීමේ පුරෝගාමින් වනුයේ
බාබුරාඕ පේන්ටර් ගේ මහාරාෂ්ට්‍ර ෆිල්ම්ස් ආයතනයේ සිටි හොඳම වැඩකරුවන් පිරිසය.
එබැවින් වඩා යහපත් ක්‍රමය නම් තමන්ගේම නිෂ්පාදන සමාගමක් පිහිටුවා ගැනීම බැව් ඔවුන්ට
වැටහිණ.මේ සිව්දෙනාම රිදී හැන්ද මුව රුවා උපත ලද්දෝ නොවෙති.එමෙන්ම විධිමත්
අධ්‍යාපනයක් ද ලද්දෝ නොවෙති. ඔවුන්ගේ හොඳම විශ්වවිද්‍යාලය ජීවිතය විය.අලුත් සමාගමට
ආයෝජනය සඳහා කොලහපූර් හි ජීවත්වූ රන් ව්‍යාපාරිකයකු වූ එස්.වී.කුල්කර්නි ද හවුල්
විය. ඒ අනුව සමාගමට ආලෝකය යන අරුතෙන් ‘ප්‍රභාත්’ යැයි නම තබන ලද්දේ මහාරාෂ්ට්‍ර
සමාගමේ තවත් නිර්මාණශීලි පුද්ගලයකුව සිටි බාබුරාඕ පෙන්ඩර්කාර් විසිනි.පෙන්ඩර්කාර්
ආරම්භයේ දී ප්‍රභාත් සමඟ එක් වුවද ඔහු පසුව කොලහපූර් සිනෙටෝන් සඳහා එයින් ඉවත්
විය.
විය. ‘කූනි කන්ජර්’,’රානි සහේබා’,’උදයකාල්’,’චන්ද්‍රසේන’ සහ ‘සුලුම්’ මේ
චිත්‍රපට විය. කතානාද සිනමාව පැමිණීමත් සමඟ නිව් තියටර්ස් වහා සිය සැලසුම් වෙනස්
කළේය. වාසියට හිටියේ ප්‍රභාත් මුල් චිත්‍රපට සියල්ල වාණිජමය වශයෙන් සාර්ථක වීමය.ඒ
අනුව කොලහපූර් සිට පූනා වේ වඩා ඉඩකඩ සහිත පෙදෙසකට යන්නට ‘ප්‍රභාත්’ පිරිස සූදානම්
වූහ.
කේන් භාරහ් හාත්,නව්රංග්,ගීත් ගයා
පතරොංග්,ස්ත්‍රී’ ඔහුගේ සෙසු චිත්‍රපට අතර කැපී පෙනෙයි. ශාන්තාරාම් දෙවන ලෝක මහා
සංග්‍රාම සමයේ ඉන්දියානු චිත්‍රපට උපදේශක මණ්ඩලයේ ප්‍රධාන නිෂ්පාදකවරයාව අගනා
වාර්තා චිත්‍රපට රැසක් ද නිර්මාණය කළේය.ඔහු තමාගේම රාජ්කමාල් කලා මන්දිර් සමාගම ගොඩ
නැංවීම සඳහා 1942 වසරේ දී ප්‍රභාත් වෙතින් ඉවත්ව ගියේය. ඔහු තෙවරක් විවාහ වූ අතර
මුල් විවාහයේ භාර්යාව විමලා නම් විය.දෙවැනි වර ඔහුගේ විවාහය සිදු වූයේ ඔහුගේ
චිත්‍රපට රැසක රඟපෑ ජය ශ්‍රී සමඟය.
ඔහු ‘උදයකාල්’ චිත්‍රපයට පාදක කරගත්තේ මරාති රණ විරුවකු වන ශිවාජිගේ ජීවන
චරිතාපදානයයි.මේ චිත්‍රපති ශිවාජි රජු විසින් ඩෙකාන් සානුව ඔස්සේ මෝගල්වරුන්ට
එරෙහිව දැවන්ත සංග්‍රාමයක් කොට මරාති අධිරාජ්‍යයක් ගොඩ නැංවීය.මේ අධිරාජ්‍යය
වර්තමාන තමිල්නාඩුවේ කොටසක් දක්වාම ව්‍යාප්ත වුවකි.බොම්බාය කේන්ද්‍ර කොටගත්
මහාරාෂ්ට්‍රයේ මහා විරුවාණන් ලෙස සැලකෙන ශිවාජි චරිතය පාදක කොට ගෙන තැනුණ චිත්‍රපටය
ශාන්තාරාම් මුලින් නම් කරන ලද්දේ ‘ස්වරාජ් තොරාන්’ යනුවෙනි.එහි අර්ථය ‘නිදහසේ ධජය’
යන්නයි. එය බ්‍රිතාන්‍ය පාලකයන්ගේ උදහසට ලක්විය.චිත්‍රපටය උදයකාල් නම් වූයේ එයින්
පසුවය.
ඒ වනවිටත් දරු
දෙදෙනෙකුගේ මවක් වූ දුර්ගා වැන්දඹුවක් ව උන්නාය.ඇගේ සැමියා විශ්වනාත් කෝටේ
ඉන්දියානු කොටස් වෙළෙඳ පොළෙහි විශාල ආයෝජකයකු වූවා පමණක් නොව ප්‍රධාන පෙළේ මාර්ග
ඉදි කිරීමේ කොන්ත්‍රාත් සමාගමක හිමිකරුවෙක් ද විය.එමෙන්ම ඉංජිනේරුවරයකු ද විය.තරුණ
වියේ ම ඔහු මිය යන අතර ඇය කලා ලෝකයට පිවිසෙනුයේ එයින් පසුවය.ඇගේ දෙවන විවාහය මොහමඩ්
රශිඩ් සමඟ සිදුවන අතර එය අසාර්ථක විවාහයක් විය. ඇගේ පුතුන් දෙදෙනා අතරින් හරින්
විවාහ වූයේ සිනමාකාරිණියක ලෙස පතල විජය මෙහ්තා සමඟය.
ඒ අතර මූගල් ඊ අසාම් චිත්‍රපටයේ ජෝදා බිසවගේ චරිතය කැපී පෙනෙයි.දුර්ගා ගේ ජීවන
වෘතාන්තය අයි දුර්ගා කෝටේ නමින් එළි දැක ඇත.
සමීප රූප හා ක්ෂණික ඡේදන ද බහුල සිනමා කෘතිය එයට
පෙර ඉන්දියානු සිනමාවේ නොවිඳී අත්දැකීමක් ගෙනාවේය.ශාන්තාරාම්ගේ ඊළඟ චිත්‍රපටය වූයේ
1935 වසරේ තැනුණ ධර්මාත්මාය. එහි මුල් නම මහත්මා වුවද චිත්‍රපටයේ නම වාරණයට
ලක්විණ.එය ඉන්දියානු සම්ප්‍රදායික කුල ක්‍රමය තදින් විවේචනය කළ චිත්‍රපයටයක් විය.
චිත්‍රපටය විලාසයෙන්ම මහත්මා ගාන්ධිගේ ආකල්පවලට සමගාමී වූයේය.මේ චිත්‍රපටයේ ප්‍රධාන
චරිතය රඟපෑවේ බාල ගාන්ධර්ව විසිනි.