|
||||||||||||
ඕමානයේ රටවිරු තරු
විදෙස් ගත වූ ලාංකිකයන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් රියලිටි වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙන්නේ ඕමානයේදියි. මේ වන විට එහි අදියර දෙකක් ඔබ හමුවට පැමිණ අවසන්. ලබන 04 වැනි ඉරුදින රාත්‍රි 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන්න නියමිත එහි තෙවැනි අදියරෙහි කලා හැකියා පෙන්වන්න සූදානම් වන රටවිරුවන් පිරිස ගැනයි මේ කෙටි සටහන. නිලන්ත සිල්වා ඕමානයේ රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ ගායන අංශයෙන්. කුඩා කල සිටම සංගීතයට වූ ලැදියාව නිසාම පාසලේදී විෂයක් ලෙස සංගීතය හැදෑරු ඔහු අද ඒ හැකියාව දක්වන්නේ ඕමානයේදීය. කුරුණෑගල පදිංචි නිලන්ත විදෙස් සේවයට එක් වෙන්නේ 2005 වසරේ සිටයි. කුඩා කාලයේදී ගුවන් විදුලි ළමා ගායකයකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි සමන් පද්ම හර්ෂ මාහිංගොඩ මෙවර රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ළමා වියේදී සංගීත අධ්‍යක්ෂවරු රැසක් යටතේ ගීත ගායනා කර ඇති හර්ෂ චිත්‍රපට පසුබිම් ගායනටත් එක් වෙලා. අද ඕමානයේ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පිියෙකු වශයෙන් කටයුතු කරන ඔහු විදෙස් සේවයට එක්වෙන්නේ 2005 වසරේදියි. කත්‍රිආරච්චිගේ රේණුකා රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහනට එක්වෙන්නේ ගායන අංශයෙන්. කුඩා කාලයේදීම ගීත ගායනයට යොමු වූ ඇය, පාසලේදී විෂයයක් ලෙසත් සංගීතය හදාරා තියෙනවා. පිළියන්දල පදිංචි රේණුකා විදෙස් සේවයට එක් වෙන්නේ 1999 වසරේ සිටයි. රන්ජිත් කර්තේලිස් රටවිරුවෝ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන කුසලතාව එළි දක්වන්නයි. සංගීතයට ඇති ලැදියාවෙන් ඒ පිළිබඳ හැදෑරූ රන්ජිත් භාත්ඛණ්ඩේ ප්‍රථම පරීක්ෂණයෙන් පළමු පෙළ සාමාර්ථයක් සමඟින් සමත්. පිළියන්දල පදිංචි ඔහු විදෙස් සේවයට එක් වෙන්නේ 1982 වසරේ සිටයි. සීදූවේ පදිංචි විනෝඩ් ගිහාන් ඇන්ටන් කුඩා කාලයේ පටන් ගායනයට විශේෂ උනන්දුවක් දැක් වූ රටවිරුවෙක්. ඔහු අද තම ගායන හැකියාව එළිදක්වන්න අවස්ථාව උදා කර ගත්තේ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාවෙන්. විනෝඩ් ඕමානයේ සේවයට එක් වෙන්නේ 2002 වසරේ සිටයි. හිලරි නිර්මලත් රොඩ්නි ප්‍රනාන්දු රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන අංශයෙන්. සහජයෙන් ලද ගායන හැකියාවත් සංගීතයට වූ ලැදියාවත් නිසාම පාසල් කාලයේ සිට ගායනයට උනන්දු වූ ඔහු අද තම හැකියාව රටවිරුවෝ වේදිකාවෙන් එළිදක්වන්න සූදානම්. මීගමුවේ පදිංචි නිර්මලත් ඕමානයේ අලෙවි විධායකවරයකු ලෙස සේවයේ නිරත අතර ඔහු විදෙස් සේවයට එක් වෙන්නේ 1990 වසරේ සිටයි.
|
||||||||||||