වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම

සංගීතා

තිමති වීරරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘සංගීතා’ සිංහල චිත්‍රපටය දැන් ඩී. වී. ඩී. ලෙස නිකුත් වී ඇත. විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ගාමිණී අබේසිංහ, අනූෂා ගීතාංජලී, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, එඩී ජූනියර්, නෙල්සන් කරුණාගම මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘සංගීතා’ නිෂ්පාදනය තිමති වීරරත්න විසිනි. මෙය ටොරානා වීඩියෝ මූවීස් නිකුත් කිරීමකි.

Only God Forgives

‘ඔන්ලි ගෝඩ් ෆොගිව්ස්’ අපරාධයක කතා පුවතක් රැගත් ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක්. නිකොලස් වින්ඩින්ග් රිෆින් අධක්ෂණය කළ මෙහි රයන් ගොස්ලින්, ක්‍රිස්ටින් ස්කොට් තෝමස්, විත්යා පැන්ස්රින්ග්රම්, ටොම් බෲක් ප්‍රධාන චරිත නිරූපණය කරති. ඔන්ලි ගෝඩ් ෆොගිව්ස් මිනිත්තු 90 ක ධාවන කාලයකින් යුතු වේ.

The Internshim

‘දි ඉන්ටර්න්ෂිම්’ හාස්‍ය රැගත් හෙලිවුඩ් චිත්‍රපටයක්. වින්ස් වෝග්න්, ඕව්න් විල්සන්, රෝස් බ්‍රයන්, මැක්ස් මින්ග්හෙලා, ජෝආනා ගාසියා, ජෝන් ගුඩ්මන්, ඩෙලන් ඕබ්‍රේන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක්වෙති. දි ඉන්ටර්න්ෂිම් මිනිත්තු 119 ක ධාවන කාලයකින් යුතු වේ. අධ්‍යක්ෂණය ෂාව්න් ලෙවී විසිනි.

Monsters University

‘මූන්ස්ටර්ස් යුනිවසිටි’ ත්‍රිමාණ පරිගණක සජීවකරණ චිත්‍රපටයක්. හාස්‍ය රැගත් මෙය මිනිත්තු 103 ක ධාවන කාලයකින් යතු වේ. ඩැන් ස්කැන්ලන් අධ්‍යක්ෂණය කළ මූන්ස්ටර්ස් යුනිවසිටි හි බිලී ක්‍රිස්ටල්, ජෝන් ගුඩ්මන්, ස්ටීව් බසෙමි, ජොඑල් මුරේ, සේන් හේයස්, ඩේව් ෆොලේ ඇතුළු පිරිසක් හඬ දායකත්වය ලබා දෙති.

Aftershock

නිකොලස් ලෝපේස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ආෆ්ටර්ෂොක්’ ත්‍රාසජනනක සිදුවීම් පෙළක් රැගත් චිත්‍රපටයක්. එලී රොත්, ඇන්ඩ්‍රියා ඔස්වර්ට්, එරියල් ලෙවී, නිකොලස් මාර්ටින්ස්, ලොරොන්සා ලසෝ, නතාෂා යරොවෙන්කෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

This is the End

‘දිස් ඊස් දි එන්ඩ්’ ත්‍රාසය සහ හාස්‍ය ද රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. සීත් රොගෙන් සහ ඊවන් ගොල්ඩ්න්බර්ග් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 106 ක ධාවන කාලයක් රැගත් චිත්‍රපටයක්. සිත් රොගෙන්, ජේ. බෝචුඑල්, ජේම්ස් ෆ‍්‍රැන්කෝ, ජොනාබ් හිල්, ඩැනී මැක්බ්‍රයිඩ්, ක්‍රෙග් රොබින්සන් ඇතුළු පිරිසක් දිස් ඊස් දි එන්ඩ් හි චරිත සඳහා පණ පොවති.

The Iceman

‘දි අයිස්මෑන්’ ත්‍රාසජනනක සිදුවීම පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. මයිකල් ෂැනොන්, විනෝනා රයිඩර්, ක්‍රිස් එවැන්ස්, රේ ලියොටා, ජේම්ස් ෆ‍්‍රැන්කෝ, ස්ටෙෆර් ඩ්‍රොෆ් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති. දි අයිස්මෑන් ඒරියල් වෝමන්ගේ අධ්‍යක්ෂණයක්.

Ek Thi Daayan

‘ඒක් තී දායන්’ ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක්. කනාන් ලියර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඉම්රාන් භෂ්මි, හුමා කුරේෂ්, කුන්කුනා සෙන් ෂර්මා, කල්කී කොච්ලින් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.