|
ඇන්ටන් ජූඩ් අවසන් වරට රඟපෑ ‘වීර්යා’ වැඩ නිමයි
තිරගත කිරීමට තෝරා ගැනීම සඳහා මණ්ඩල කිහිපයකට චිත්‍රපටය යොමුකොට ඇති බව අධ්යක්ෂවරයා දන්වා සිටියි. විනෝදාත්මක පවුලේ චිත්‍රපටයක් වන වීර්යා හි ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, ජගත් චමිල, දුලීකා මාරපන, නිරෝෂන් විජේසිංහ, සරණපාල ජයසූරිය, රම්‍යා වනිගසේකර, ඥානාංග ගුණවර්ධන, සරත් කොතලාවල, සුජානි මේනකා, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, අංජුලා රාජපක්ෂ, නෝමන් පළිහවඩන සමඟ ශේෂාද්‍රි චරිත මවති. කතාව, දෙබස්, තිර රචනය ලාල් පාගොඩආරච්චිගෙනි. අයෙශ්මන්ත හෙට්ටිආරච්චි කැමරාව මෙහෙයවා ඇත. අජිත් රාමනායකගේ සංස්කරණයකි. ඉන්දික උදාර ලංකා අංග රචනා ශිල්පියාය. ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි ද, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම ද, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත පතිරගේ ද, නිෂ්පාදන කළමනාකරණයෙන් සුමිත් ප්‍රසන්න ද වීර්යා සඳහා එක් වී තිබේ. සංගීතයට ප්‍රමෝද් නාරායන සහ අමිත් ගුරුලවෙල දායක වෙයි. වීර්යා සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි අධ්‍යක්ෂණය වන අතර ටිකිරි සුවඳ ඔහුගේ පළමුවැන්නයි. ක්ලීන් අවුට්, සැපට දුකට සනී, ටිකිරි සුවඳ සුනිල් මීට ප්‍රථම නිෂ්පාදනය කොට ඇති සිනමාපට වේ.
මෙත්තසේනගේ කෙටි චිත්‍රපටයට බොහෝ දේවල් සොයයි
ලියන සහ ඡායාරූප ගන්නා කටයුතු මධ්‍යයේ මෙත්තසේන තවත් අලුත් වැඩකට අතගසා ඇතිවගයි ආරංචිය. ඔහු මිනිත්තු විස්සක ධාවන කාලයකින් යුතු කෙටි චිත්‍රපටයක් කරන්න ලැහැස්ති වෙනවා. එය මුද්‍රණාලයක් සහ ඒ හා සබැඳී පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳ කියවෙන්නක්. මේ දෙබස් නොමැතිව පුද්ගල හැඟීම් සහ චලන ආශ්රයෙන් නිර්මාණය වන මෙහි එක් දර්ශනයක් සඳහා ලෙටර් ප්‍රේස් මැෂින් එකක් මෙත්තසේනට ඕනෙලු. ඒ පිළිබඳ දන්න කියන කෙනෙක් වෙතොත් 0777716357 අංකයෙන් තමාට දන්වන්න කියලා මෙත්තසේන කියනවා. ඒ විතරක් නෙවෙයි කෙටි චිත්‍රපටය සඳහා වයස අවුරුදු 25 – 30 අතර නවක නිළියක, නළුවකු සහ වයස අවුරුදු 40 – 50 අතර මැදි වියෙහි කෙනෙකු ද අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් දන්වා සිටිනවා. මෙම කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවල් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බව ද වැඩිදුර තොරතුරු සොයා යාමේදී දැනගන්නට ලැබුණා.
නිල්මිණී වේදිකාවට
එහි වැඩ ඇරැඹුණේ පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදීය. නිල්මිණි සමඟ හේමන්ත ඊරියගම, හෂිනි කරළියැද්ද, සමන් හේමරත්න, මිහිර සිරිතිලක රංගන දායකත්වය සපයති. හාස්‍යෝත්පාදක නාට්‍යක් වන ජෝගි හමාරයි පිටපත ඊ. ඩී. ශ්රියාපාලගෙනි.
වුල්වරින්
අද සිට සැවෝයි
ජේම්ස් මැන්ගෝලීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම හොලිිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය වුල්වරින් ත්‍රීඩී මෙම මස පළමුවැනිදා එනම් අද සිට වැල්ලවත්ත සැවෝයි ත්‍රීඩි සිනමාහලේදී තරගත වේ. ඉතාමත් ජනප්‍රිය එක්ස්මෑන් චිත්‍රපට මාලවේ ඊළඟ කොටස වන මෙහි ප්‍රධාන චරිතය හියු ජැක්මන් විසින් නිරූපණය කරනු ලබයි. සෙසු චරිත විල් යුන් ලී, ජේම්ස් පෙෂර්, ලුක් වෙබ් සහ ඉයන් මැක්ලින් ඇතුළු පිරිසගෙනි. |