වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




රශ්මි හරහා කලා ලොවට ආ ලක්ෂිකා

රශ්මි හරහා කලා ලොවට ආ ලක්ෂිකා

ලක්‍ෂිකා ජයවර්ධන කලා ලොවට පායන අලුත්ම තරුවකි. පී‍්‍රතිරාජ් වීරරත්න අධ්‍යක්‍ෂණය කළ ‘රශ්මි’ ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟමින් කලා ලොවට අවතීර්ණ වූ ලක්‍ෂිකා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසල් අවදියේදී කලා කටයුතු රැසකටත් දායක වූ ඇය නිදහස් නිවේදිකාවක් ලෙසටද කටයුතු කරමින් සිටී.

ඉදිරියේදී විකාශය වීමට සහ තිරගත වීමට නියමිත ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක ප්‍රධාන භූමිකා රඟමින් ඔබ හමුවට පැමිණීමට නියමිත ලක්‍ෂිකාගේ රුවින් ඇද ද ගැලරි සැරසේ.

විවිධ චරිත රඟපෑමට බලාපොරොත්තුවෙන් සිටින ලක්‍ෂිකා වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වීමට ඇත්තේ දැඩි කැමැත්තකි.

නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් කලා ලොව ජයගැනීම ඇගේ අරමුණයි.

[email protected]  විද්‍යුත් ලිපිනය ඔස්සේ ඔබට ලක්‍ෂිකාට සුබපැතිය හැකියි.