වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

වෙලාව අවේලාවේ නරකයි?

ටී. වී. එකේ ටෙලි නාට්‍යයක් බැලුවත් ප්‍රවෘත්තියක් බැලුවත් වෙනත් වැඩසටහනක් බැලුවත් මේ දිනවල රසාස්වාදයට බාධා කරන වෙලාව දැනුම් දීම දැන් කරදරයකි. පැයෙන්, පැය භාගයකට වරක් සහ සමහර විට පැය කාලෙන් කාලට වෙලාව ඇතැම් වෙළෙඳ ආයතන තරගයට මෙන් ප්‍රචාරය කරයි. රූපවාහිනී ආයතන පවත්වාගෙන යන මාධ්‍ය ප්‍රධානීන් ද මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. වෙලාව මිනිසාට අවශ්‍ය දෙයකි. එහෙත් අතළොස්සක් මාධ්‍ය ප්‍රවෘත්ති අතරතුර ද වෙලාව සඳහන් කරයි. මෙය ප්‍රේක්ෂක මනසට මානසික වධයකි. පැයකට වරක් වෙලාව ප්‍රචාරය වෙනවා නම් හොඳයි.

අජිත් ලක්මාල්

මීගමුව

‘ඉසිවරුණ’ අලුත්ම වෙනසක්?

තම මවටත්, පියාටත් එකම සහෝදරියටත් තන්හාව නිසා ද්‍රෝහි වන තරුණයකු සහ පරිත්‍යාගශීලියකු වටා ගෙතුණ ප්‍රබල කතාවක් රැගත් ඉසිවරණ මෙතෙක් නොදුටු ටෙලි නාට්‍යයන්ගෙන් වෙනස් වන්නේ එහි ඇති අමුතුම මුහුණුවර නිසයි. ශ්‍රියන්ත මෙන්ඩිස් කථානායකයා ලෙසින් තම චරිතයට ප්‍රාණවත්ව ජීවය දෙයි. මෙමඟින් සමාජ ශෝධනය ද සියුම්ව සිදු වේ. එය ඉදිරියේදී බොහෝ සාකච්ඡාවට බඳුන් විය හැකි ආන්දෝලනාත්මක චරිතයකි.

ඩඩ්ලි ගෝමස්

මොරටුව

කටුබැද්ද

පැය තිස් තුනක් ගෙවුණා දැනුණේම නැහැ?

ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගුණ සමරු දිනයේ ඔහු ගැයූ ගීත එක දිගටම පැය තිස් තුනක් දෙරණ ගුවන් විදුලියේ ප්‍රචාරය වීමෙන් අප සැමගේ හවතට දැනුණේ කිව නොහැකි තරමේ සතුටකි. ඔහු අප අතරින් වියෝ වුවත් ගී හඬ ඇසෙද්දී සිතෙන්නේ ඔහු තවමත් ජීවමානව සිටින බවයි.

අප කෙදිනකවත් නොඇසූ ගීත රැසක්ම එම දෙදින පුරාවටම ප්‍රචාරය විය.

සෝමා එච්. පතිරණ

කහවත්ත

‘වෙනස’ කිසිම වෙනසක් නෑ

වෙනස වැඩසටහන මුලදී මෙන් දැන් නම් කිසිම වෙනසක් නැති බවයි මට නම් පෙනෙන්නේ. වෙනස වෙනසක්ම කරන්නේ නම් හොඳයි.

මාලිනී ජයසිංහ

ජයසිංහවිලා

ගැටහැත්ත

අරුත්බර ගී ලියන්නට ඉදිරියටත් හැකි වේවා

සුළඟ නුඹ වගේ, අහස පොළව වට පිටාව, කෝපි මල් සිනා, ගජමන් නෝනා, ගහක මල් පිපිලා වැනි රසවත් ගීත රචනා කොට ඇති ගී පද රචිකා යමුනා මාලිනී පෙරේරාට ඉදිරියටත් එවැනි අරුත්බර ගීත බිහි කරන්නට ලැබේවා.

සුජාතා ගුණවර්ධන

කඩවත

‘කවි සරණිය’ මදි

ජාතික රූපවාහිනියෙන් විකාශය කරනු ලබන අගනා කවි සැන්දෑවක් ගෙනෙන කවි සරණිය වැඩසටහන අඩු තරමින් මාසයකට දෙවතාවක්වත් ඉදිරිපත් කර විකාශය කිරීමට කටයුතු සලස්වනවා නම් හොඳයි.

තිලකරත්න විල්වල

කෑගල්ල

පරාක්‍රමබාහු තිදෙනාම කදිමයි

මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වන ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටය හොඳ සිනමා නිර්මාණයකි. එහි පරාක්‍රමබාහු රජුගේ චරිතය රඟන දරුවන් තිදෙනාම ඉතා හොඳයි.

මනහර මහින්ද

බෙලිගල

මොරීන් චාරුනීට,

ඔබ කලා ලොවට අත්පොත් තැබුවේ සිනමාවෙනි. ඒත් අද ඔබව වැඩිපුර දක්නට ලැබෙන්නේ පුංචි තිරයෙනි. මොනවා වුණත් සිනමාව අමතක කරන්න එපා.

කරු මන්දාවල

නාත්තණ්ඩිය

ජීවතුන් අතර සිටින සහ ජීවතුන් අතර නොමැති ප්‍රවීණ නිවේදක නිවේදිකාවන්ගේ ජීවන තොරතුරු ඇතුළත් කොට රූපවාහිනි වැඩසටහනක් කරන්නේ නම් අගය කොට සලකමි.

එච්. ඉන්ද්‍රපාල

එච්. මදාරා මුතු මැණිකේ

මග්ගොන

චන්දික නානායක්කාරට,

ඔබ ඇත්තටම හරිම කඩවසම්. එමෙන්ම ඔබේ කතා විලාසයටත් අප කැමැතියි.

අශෝකා

වත්සලා

චන්දන

අම්බලන්තොට

ගී ලොව කෝකිලයා එච්. ආර්. ජෝතිපාල වේ.

අනුලාවතී

කුඩගම

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී දයාසිරි හෙට්ටිආරච්චිගේ රංගනය අති සාර්ථකයි. හැඟුම්බරයි.

කුමාරි

හොරණ

විශ්ව කොඩිකාර අයියේ,

ඔබේ පියාණන් වූ පද්මසිරි කොඩිකාර අධ්‍යක්ෂණය කළ ‘කෝරළේ මහත්තයා’ ටෙලි සිතුවමේ ඔබ සිටිනු දැකීම සතුටකි.

නිලුකා

අවිස්සාවේල්ල

ජාතික රූපවාහිනිය මඟින් ඉදිරිපත් කරන ත්‍රිතාල්, රසසිරි ගී වැනි සංගීතමය වැඩසටහන් ඉතාමත් හරවත්. ඒවා රසික රසිකාවන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යාමට සමත්. මින් ප්‍රථම විකාශය වූ සුරම්‍ය රාත්‍රී වැඩසටහන ද එවැනිම වැඩසටහනකි.

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ

අළු බඳුන ටෙලි නාට්‍ය මරේ මරු.

නිමන්දි

ගිනියාතැන්න

සුජාතා අත්තනායක යනු ලක්මාතාවට සිටින අනගි මැණිකකි. ඇයගේ හඬ පරයා යන්න කිසිම ගායිකාවකට නොහැකි වුණා. ඇයගේ ගායන පරාසය ‘ආකාසයේ කුරුල්ලෝ’ ගීතයෙන් පැහැදිලි වේ.

මේ හඬත් එක්ක ළඟින් තියන්න අදටත් හඬක් බිහි වී නොමැති බව මම නොබියව පවසමි.

දිල්ශාන් ලක්මාල්

කොල්ලුපිටිය

ආශා නිසා අළු බඳුන සොඳුරුයි.

ශෂිකා

ලක්ෂිකා
බොරලැස්ගමුව

ඉසිරභවය ටෙලි නාට්‍යයේ සිරිනා ලෙස රඟන සුසිලා කෝට්ටගේ ගේ රංගනයට සම්මාන නොදෙනවා නම් පුදුමයි.

රවී වසන්ත

මීටියාගොඩ

සිහින විලක් සහ අම්මවරුන් ටෙලි නාට්‍යය රංගනයෙන් හැඩ කරන ප්‍රියන්ත මංසිළු නමැති නව පරපුරේ රංගන ශිල්පියාට කලා ලොවේ දිගුකල් රැඳීමට වාසනාව සහ ධෛර්යය ලැබේවා.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

චිරාත් කාලයක් වැජඹිය යුතු ගායනවේදියෙකි ටී. එම්. ජයරත්න.

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

හිරු ටී. වී නාලිකාව් කොපිචැට් නිෂ්පාදකතුමන්ට,

කොපිචැට් ප්‍රෝගෑම් එක අතිශය වින්දනීයයි. ඒත් සෙනසුරාදා දින එය නැවත විකාශය වන්නේ අඩුවෙනි. එහෙම කරන්න එපා. එදාටත් කොපිචැට් සම්පූර්ණයෙන්ම පෙන්වන්න.

නිපුනි

බෙලිඅත්ත

පුබුදු චතුරංග රඟපාන චිත්‍රපටයක් නරඹන්න ආසයි.

සංජු

මාවතගම

‘දස දෙසින් හතට’ ඔබේ හඬ රැව් පිළිරැව් දේවා

‘දස දෙසින් හතට’ වැඩසටහන ඉදිරිපත් කරන ශ්‍රී ලංකා
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන්
සමරසිංහයන්ටයි මේ පැදි පෙළ ලියා එව්වේ අඟුලාන
සමඟි මාවතේ රංජනී ශ්‍යාමලී පීරිස්.

බස හසුරා රස මුසු කොට ඉතිහාසේ
ඇවිදින පොත්ගුලකි ඔබේ සිහබාසේ
ලැබ දී දනට අරුතට දැනුමක් බෝසේ
තියුණුය වදන් විදු සැර මෙනි ආකාසේ

ලක් මව සනසවන එඩිතර පුතකු වන
ඔබේ හඬ රටට අභිමාන රැගෙන එන
මවුබිම නමින් දෑකාමෙන් පුබුදු වුණ
ඔබ රන් අසිපතකි සතුරක් දෙපළු වන

දස දෙස හතට රැව් පිළිරැව් පිළි දේවා
මිනිසත් ගුණ රැඳෙන වදනින් සරුවේවා
තරුවට සුපුන් සඳ ලෙස ඔබ බැබලේවා
පවතින තුරු මෙලක ඔබේ හඬ රැව් දේවා