වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




නදීකාගේ මවු ගුණ සුවඳ

නදීකාගේ මවු ගුණ සුවඳ

නදීකා ගුණසේකර කියන්නේ අප රටේ සිටින දක්ෂතම නිළියක්. මෙරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් දිනූ ප්‍රථම නිළිය වන්නේ ද ඇයයි. කාංචනා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නදීකා පසු කලෙක බැද්දේගම, යහළු යෙහෙළි, චංචල රේඛා වැනි චිත්‍රපට හරහා දක්ෂ නිළියක් මෙන්ම ජනප්‍රිය නිළියක බව ද පසක්කර සිටියා.

නදීකාගේ සිනමා ගමනේ අත්වැල වූයේ ඇගේ මව වූ තලතා ගුණසේකරයි. පහුගිය දවසක සාදයක් අතරතුර නදීකා එකවරම හඬා වැටුණා. ඇය පත්තර සගයකුටත් තදින් දෝෂාරෝපණය කළා. හේතුව ඇයගේ මවගේ අනුස්මරණ දිනය අමතක කිරීම සම්බන්ධවයි.

නදීකා මවුගේ ගුණ කියමින් හඬන්නට පටන් ගත්තා. සොයා බලාගෙන යනකොට පුවත්පතේ තලතා ගුණසේකර අනුස්මරණය ගැන නොලිව්වා යැයි ඇය හඬා වැටුණත් ඒ දිනය යෙදී තිබෙන්නේ සැප්තැම්බර් මාසයටයි. මාසයක් කල් තියා නදීකා හඬා වැටීම ගැන කවුරුත් ඇයගේ මවු සෙනෙහස පිළිබඳ කම්පා වුණා. මෙවර තලතාගේ අනුස්මරණය හේතුවෙන් නදීකා දානයකුත් දෙනවාලු.