|
වික්ටර්ට සම්මානයක්
ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයෙහි විශිෂ්ටතම ගායකයකු ලෙස අඛණ්ඩව සිය ගෞරවය සහ කීර්තිය
දරා සිටි ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක පසුගියදා බංග්ලා දේශයේ පැවැති කෙසේ වෙතත් වික්ටර් රත්නායකයන් පසුගියදා මාධ්‍ය හමුවකදී ‘සරසවිය’ පුවත්පතේ කවරය තමන්ට කෙතරම් වටිනාකමක් දෙන්නේදැයි හෙළිදරව් කර සිටියා. එහිදී වික්ටර් රත්නායකයන් කියා සිටියේ ‘ස’ ප්‍රසංගය අවසාන මොහොතේ ‘සරසවිය’ පුවත්පතේ කවරය ඒ වෙනුවෙන් වෙන් නොකොට එවර රණවිරු රියල් ස්ටාර් සම්මානයෙන් පිදුම් ලැබූ ජයග්‍රාහිකාවගේ රුවින් සැරසුව බවය. වික්ටර් වැනි අග්‍රගණ්‍ය ගායකයකු පවා ‘සරසවිය’ කවරයක වටිනාකම ඉහළින් හෙළිදරව් කිරීම පිළිබඳ මාධ්‍යවේදීන්ගේ අගැයීමට ලක්විය. කවරයේ වික්ටර් රත්නායකයන් නොවූව ද එම කලාපයේ ඇතුළත පිටු අටක් ඔහු වෙනුවෙන් වෙන් කොට තිබූ වග එම පුවත්පත් සාකච්ඡාවේදී හෙළිදරව් නොකිරීම අඩුපාඩුවක් විය. |