වර්ෂ 2013 ක්වූ අගෝස්තු 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -123

සිංහල සිනමා විස්තරය -123

හස්ති වියරුව

තිරගත වූ දිනය – 1983 ජුනි 17

ඉදිරිපත් කිරීම – ක්‍රවුන් ෆිල්ම්ස්

නිෂ්පාදනය – ලක්ෂ්මන් ජිනදාස

අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න

කතාව හා සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු

දෙබස්, තිර නාටකය – දයා රාජපක්ෂ

සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්

සහාය නිෂ්පාදනය – රංජිත් ජිනදාස / රනෝජ්

පෙරේරා / ගාමිණී ජිනදාස / විමල් ගමගේ/ වයලට් ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න

කැමරා සහාය - සුමින්ද වීරසිංහ / චන්ද්‍රලාල්

මනමේන්ද්‍ර / සුනිල් ජයවීර / නිමල් බන්දුසේන /එම්. එල්. ජිනදාස

සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි සහාය – හැරිස් නන්දසිරි

අංග රචනය - ඊබට් විජේසිංහ / රංජිත් මතඟවීර

කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල

ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු

රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය

පසුබිම් සංගීතය පටිගත කිරීම – ලයනල් ගුණරත්න

දළ සේයාපට සැකසුම - ඩෙන්සිල් ජයවීර

නිෂ්පාදන කළමනාකාරිත්වය – උපාලි දසනායක / වෝල්ටර් එල්ලවලගේ / ජයදේව කළුබෝවිල / රුක්මන් මොහොට්ටිමල්වත්ත

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු

කාර්මික සේවා - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්

ප්‍රචාරක කළමනාකරු - ඔලිවර් පෙරේරා

ධාවන කාලය – පැය 1 විනාඩි 15 – දිග ප්‍රමාණය අඩි 12000

නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු (රාහුල ගජසිංහ), සබීතා පෙරේරා (යසෝ), ෆෙ‍්‍රඩී සිල්වා (වේලු), වින්සන්ට් වාස් (කොරාළ), සොමී රත්නායක (දවුලා), ෆීලික්ස් ප්‍රේමවර්ධන (දිසාපති), විමල් කුමාර් ද කොස්තා, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, නිමල් සිල්වා, රුක්මල් මල්මොට්ටිවත්ත, බැසිල් ද සේරම්, තලතා ගුණසේකර, තිස්ස උඩංගමුව, අනෝජා වීරසිංහ, නීල් මොරායස්, ටියුඩර් කරුණාතිලක, එච්. ඒ. පෙරේරා

මංගල දර්ශනය – මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පෝල් පෙරේරා මැතිතුමා සහ එම මැතිනියත්, ජපන් තානාපතිතුමාගේත් ප්‍රධානත්වයෙන් පැවැත්විණ,මෙම චිත්‍රපටයට මුලින්ම සංගීතය සපයන ලද්දේ කැලැරන්ස් විජේවර්ධන විසිනි. ආචාර්ය අජන්තා රණසිංහ සහ ක්ලැරන්ස් ලියූ, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව, ක්ලැරන්ස් සහ ඉන්ද්‍රාණි පෙරේරා ගැයූ ගීත දෙකක් ඇතුළත්ව තිබූ අතර, චිත්‍රපටය තිරගත වන විට ක්ලැරන්ස්ගේ සංගීතයත් ගීතත් ඉවත් කොට, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ඇතුළත්ව තිබිණ.

මෙම අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමෙන් තොරව සිදු වූ බව ඔහු විසින් ප්‍රකාශ කර තිබිණ.

ආරම්භක සිනමා ශාලා - ක්‍රවුන්- මරදාන, මානෙල් - දෙමටගොඩ, රොක්සි - වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, පබ්ලික්හෝල් - ගම්පහ, චිත්‍රා - කළුතර, රාජ් – මීගමුව, ඕඩියන්- මහනුවර, ජීවනි – අලව්ව, නිව් සිනමා - කුරුණෑගල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, ක්වින්ස් - ගාල්ල, ඡායා - කෑගල්ල, පර්ල් - හලාවත


සෙනෙහසක කඳුළු

තිරගත වූ දිනය – 1983 ජුනි 17

ඉදිරිපත් කිරීම – ජීවන්ති චිත්‍රපට

නිෂ්පාදනය – චන්ද්‍රා මුතුතන්ත්‍රි

සංස්කරණ උපදෙස්, අධ්‍යක්ෂණය – හේමසිරි සෙල්ප්පෙරුම

කතාව, දෙබස් සහ තිර නාටකය - සෝමවීර සේනානායක

සහාය අධ්‍යක්ෂණය – වී. ලාල් පීරිස්

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ ගපූර්

සංස්කරණය – එච්. එස්. අලිමාන්

අංග රචනය – හීනටිගල ප්‍රේමදාස - සහාය – විමලරත්න අධිකාරි

කලා අධ්‍යක්ෂණය – රුවන් දනන්සූරිය -

සහාය - සුනිල් ශ්‍රියාසිංහ

කැමරා ක්‍රියාකරවීම – ජී. නන්දසේන / එස්. එන්. අස්මීන්

කැමරා සහ කාර්මික උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට

කාර්මික ශිල්පීන් - උපාලි සුනිල් අලවත්තේගම

/ ඩී. එස්. ඩී. ගුණතිලක, ජනක විජේරත්න / අශෝක ශ්‍රීලාල්

ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්

අතිරේක ශබ්ද - ලෙස්ලි ප්‍රේමසිරි

දෙබස් පටිගත කිරීම - සෙන්ට් ජෝන්

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - හොංකොං

රසායනාගාර නියෝජිත – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

සැකසුම – විජය චිත්‍රාගාරය / ලංකා චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරණය - ටී. දයාරත්න ප්‍රනාන්දු

නිෂ්පාදන කළමනාකරණ සහාය – ඩබ්. ධනපාල / සී. ආතර් පෙරේරා / වසන්ත ගුරුගේ / විමලදාස / චන්ද්‍රදාස

නිෂ්පාදන විධායක – බී. ලෙස්ලි එඩ්මන්ඩ් පීරිස්

නිෂ්පාදන අධිකාරි – ඩී. හැරිසන් ඊ. පීරිස්

නිශ්චල ඡායාරූප - සී. මාටින් පෙරේරා

ගී පටිගත කිරීම – මර්වින් බෙන්ස්, නෙළු ශබ්දාගාරය

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ / අජන්තා රණසිංහ

ගීත – රන්ගෝමර මාලේ – නන්දා මාලිනී

යාළුවේ වරෙල්ලා - එච්. ආර්. ජෝතිපාල සහ පිරිස

නළු නිළියන් - සොමී රත්නායක (පොරමොලා), සෝනියා දිසානායක (සෙල්ලි), තිස්ස විජේසුරේන්ද්‍ර (නඳුනා), රුවන් දනන්සූරිය (ජොනතන්), සෙයින් සුහේර්න්, කරු දිසානායක, විජේරත්න වරකාගොඩ, ටී. එම්. පී. බණ්ඩාර, මහේෂ් ජයසිංහ, ලාල් පීරිස්

ආරම්භක සිනමා ශාලා- එල්ෆින්ස්ටන් – මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජිත – රත්මලාන, රීගල් - මීගමුව, විජය – කඩුවෙල, මුවිටෝන් –දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, මොඩර්න් - කුරුණෑගල, ජෝති – රත්නපුරය


පස මිතුරෝ

තිරගත වූ දිනය – 1983 ජුනි 22

ඉදිරිපත් කිරීම – ‘සා’ චිත්‍රපට කතාව, දෙබස්, තිර නාටකය, නිෂ්පාදනය සහ

අධ්‍යක්ෂණය – ආනන්ද හේවගේ

නිෂ්පාදන සහාය – එම්. ඩබ්ලිව්. රත්නවංශ, පර්ල් ජයතිලක, පී. ඒ. විමල් කුරේ, එල්. ඒ. ජෝන්, දයා සෙනෙවිරත්න, විශ්වනාත්

විජේසිංහ, ජේ. වී. මානවඩු, ඩී. ඒ. කේ. එඩ්වින්, යූ. එච්. එම්. විජේරත්න, ඩී. එස්. ලොකුබාලසූරිය

නිෂ්පාදන අංශ කටයුතු - ෆ‍්‍රැන්ක්ලින් ප්‍රනාන්දු, රංජිත් මහේන්ද්‍ර පීරිස්, මහේෂ් ජයසිංහ, සුමිත් චන්දන ආනන්ද, ප්‍රභාත් දර්ශන ආනන්ද

සහාය අධ්‍යක්ෂණය – ආනන්ද ෆොන්සේකා

කැමරා අධ්‍යක්ෂණය – ලලිත් ගුණවර්ධන

කැමරා සහාය – එම්. ඩී. ඇන්තනි, චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, ජී. නන්දසේන

සංස්කරණය - අභය බණ්ඩාර ගිරිහාගම

සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, ගාමිණී ජයමාන්න

අංග රචනය – ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර

කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය), කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය)

ශබ්ද සහාය - ශ්‍රිලාල් මෙන්ඩිස්, ඒ. අයි. අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගූ, පී. සුන්දරරාජා, ඩබ්ලිව්. පී. කරුණාදාස, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. පී. පොඩිරත්න, උපාලි කේ. අරම්පොල

රසායනාගාර පාලක – එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී)

රසායනාගාර සහාය – වී. සිවදාසන්, එච්. එම්. ප්‍රේමදාස, එන්. යෝගරාජා, පී. කේ.පියදාස

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

නාමාවලිය - ඩෙනිස්ටන් පෙරේරා - සහාය - ෆ‍්‍රැන්ක්ලින් ප්‍රනාන්දු

නිෂ්පාදන විධායක - ශීලා ලොකුබාලසූරිය,

ප්‍රේම් කංකානම්ගේ

නිශ්චල ඡායාරූප – නලින් කන්නංගර, සුමිත් චන්දන ආනන්ද

කැමරා සහ අලෝක උපකරණ සැපයීම – ඊ. ඒ. පී. ෆිල්ම්ස්, සේන සමරසිංහ චිත්‍රපට, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්

ධාවන කාලය – පැය 1 විනාඩි 50 / දිග අඩි 9900

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්, එච්. ඒ. රත්නසිරි, ආනන්ද විමලවර්ධන, ආනන්ද එස්. විජේසිරි, ඊ. රත්නම්

ගීත -

වන දහනේ රජ දහනේ - ටී. එම්. ජයරත්න, චන්ද්‍රිකා සිරිවර්ධන

හිරු සඳු හා මල් සිනාසේ - ගුනදාස කපුගේ, මුත්තිලගම්

බැම්මක් බැඳිලා එක මඟ යන්නට – ටී. එම්. ජයරත්න, දයා සෙනෙවිරත්න

දෙපා සිඹ – චන්ද්‍රිකා අල්විස්

නළු නිළියන් - මර්වින් ජයතුංග (ගැමුණු), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (වේලු), අනෝජා වීරසිංහ (මැණිකේ), විජය කුමාරණතුංග (ගැමුණුගේ සොහොයුරා), ශාන්ති ලේඛා (ගැමුණුගේ මව), කරුණාරත්න කුමාරපේලි, දීප්ති ලීලාරත්න, රංජිත් මහේන්ද්‍ර පීරිස්, එල්. සී. පෙරේරා, එම්. ඩී. ඇන්ටනි, ෆ‍්‍රැන්ක්ලින් ප්‍රනාන්දු, සරත් ගුණතුංග, මහේෂ් ජයසිංහ, ටී. බී. එස්. කරුණාරත්න, උපාලි වික්‍රමරත්න, එල්. ආර්. ධර්මරත්න

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, ටි‍්‍රයෝ - දෙහිවල, ෂැම්රොක්- වෙන්නප්පුව, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්ත – ගම්පහ, ටාසන් – කැගල්ල, නිව් ඉම්පීරියල් - පානදුර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, සරසවි – ගාල්ල, ජයන්ති - පොළොන්නරුව


ලොකු තාත්තා

තිරගත වූ දිනය – 1983 ජුනි 25

ඉදිරිපත් කිරීම – රංගා චිත්‍රපට

නිෂ්පාදනය – අයිරාංගනී සෙනරත්

අධ්‍යක්ෂණය සහ කැමරාකරණය - කේ. ඩී. දයානන්ද

කතාව, දෙබස් සහ තිර නාටකය – ධර්මසිරි ගමගේ

විධායක අධ්‍යක්ෂණය – පියරත්න සෙනරත්

සහාය අධ්‍යක්ෂණය - සෝමපාල ලැනරෝල්

සංස්කරණය – රංජිත් නිට්ටන් ප්‍රනාන්දු

අංග රචනය - සනත් සී. විජේවර්ධන

කලා අධ්‍යක්ෂණය – හර්ෂ සෙනරත්, ප්‍රභාත් සෙනරත්

සංස්කරණ මැදිරිය – දිසානායක චිත්‍රපට සංස්කරණ මැදිරිය

රසායනාගාර කටයුතු - එස් තිරුනාවුකරසු

සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - ශ්‍රිලාල් වීරසිංහ, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. ජී. පොඩි මහත්තයා

රසායනාගාර සහාය – වී. සිවදාසන්, ඇන්. යෝගරාජන්, රන්දෙනි ජයවර්ධන, පීටර් රේමන්ඩ්

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා, ලලිත් ධර්මවර්ධන

ඇඳුම් නිර්මාණය – ගයානි සෙනරත්, සුරේනි සෙනරත්

කැමරා සහ ආලෝක උපකරණ – ඩී. එන්. එෆ්. සී ආයතනය

නමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදන කළමනාකරණය – එච්. පී. විල්සන්.

ස්ටැන්ලි ඒ. ගුණවර්ධන

පියරත්න එම්. සෙනරත්

සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් දළුගම

ගීත - ඉගිලී නැළ වී තටු සලා - එච්. ආර්. ජෝතිපාල

– පද රචනය – ධර්මසිරි ගමගේ

අමා ගංගාව සෑදූ – එච්. ආර්. ජෝතිපාල,

ඇන්ජලින් ගුණතිලක – පද රචනය - සිරිල් ඒ. සීලවිමල

මං ලොකු තාත්තා - එච්. ආර්. ජෝතිපාල,

විජිත කුසුම් ලියනගේ – පද රචනය – ධර්මසිරි ගමගේ

යාළු යාළු මගේ පණේ - එම්. එස්. ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා, ටියුඩර් ජයශාන්ත – පද රචනය – ධර්මසිරි ගමගේ

නයනේ සැනසී තුරුලේ - ලතා වල්පොල – පද රචනය – කරුණාරත්න අබේසේකර

එන්න ලොකු තාත්තේ – දමයන්ති ඒකනායක, පුලස්ති ඉන්දික රණතුංග - පද රචනය - සෙනෙවිරත්න වල්පිට

නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, උපාලි අත්තනායක, සෝනියා දිසානායක, පියරත්න එම්. සෙනරත්, ලයනල් දැරණියගල, රොබින් ප්‍රනාන්දු, සුරේනි සෙනරත්, දෙනවක හාමිනේ, දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, බී. ඇස්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, බන්දුල ගලගෙදර, සමන්ති ලැනරෝල්, ජෝර්ජ් තිලකරත්න, ගංගා උදයකුමාරි, අංජානා සමන්දනී ගමගේ, සම්පත් කොතලාවල, රෝහණ හෙට්ටිආරච්චි, වී. ශාන්ති කොතලාවල, රංජිත් කුරුප්පුආරච්චි, උපුල් දිසානායක, ජිනසිරි ලියන්වල, නෙල්සන් ආර්. තිලකරත්න, ජී. ඊ. සී. පෙරේරා, ගයානි සෙනරත්, බී. ජී. සුනිල්, සිරිල් වනිගසේකර, ජී. සී. පෙරේරා, එච්. ඒ. මුණසිංහ, ඩෙන්සිල් ලොයිඩ්ගේ, ප්‍රේමින්ද පලිපාන, ඩබ්ලිව්. කේ. පී. ඩයස්, සෙව්වන්දි ලැනෙරෝල්

විශේෂතා - 1984 පැවැති 12 වන සරසවිය සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් උපාලි අත්තනායකට විශේෂ කුසලතා සම්මානයක් හිමි විය.

ආරම්භක සිනමා ශාලා - අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඉම්පාලා - රාජගිරිය, එමෙස් – මොරටුව, රත්නාවලී – ජාඇල, වේල්ස් - මහනුවර, අප්සරා - හෝමාගම, මේඛලා - ගම්පහ, නිව්මිනර්වා - කළුතර, නිව් සිනමා - මාතර, මිලාමෝ –කෑගල්ල, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, සමුපකාර – හිගුරක්ගොඩ