වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




කලකින් ඇසුණු අපූරු ගීතයක්

කලකින් ඇසුණු අපූරු ගීතයක්

ප්‍රමුඛ තරු පිරිවරාගත් විරාග රාගය

විරාග රාගයේ සම්පූර්ණ පදමාලාව

අමරසිරි - විරාග රාගය අතරේ තනිවූ ආලය

විරාම දෙයි එක් හදකට පුදා පරාජය

අමල් - විරාග රාගය අතරේ තනිවූ ආලය

දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

අමරසිරි - අඩවන් නෙතු කරමින් ආ තතු

ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහලදා

ඈ මුකුලිත වූවා

අමල් - කරගනු දෑ සතු නොරිසී ඔබ සිතු

ඈතින් ඔබෙ මුනිවර මනසින් පෙම් කළදා

ඈ අසරණ වූවා

විරාග රාගය...

අමරසිරි - නුරා එගිනිදළු දවමින් නෙතු

සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා

ඈ ලොව අහිමි වුණා

අමල් - ඔබේ මිලිනගති ඇයට නොවේරිසි

පෙමින් තොරව ඇගෙ දිවිය කතරක් වූදා

ඈ මා වෙතට ආවා

විරාග රාගය...

මහේන්ද්‍ර පෙරේරා

යශෝධා විමලධර්ම

හේමාල් රණසිංහ

මේ තිදෙනා ගැන හදුන්වාදීමට අවැසිවන්නේ නැහැ. එතරම්ම ඔබ ඔවුන්ව හඳුනනවා. මේ අය ආවට ගියාට රඟපාන අය නොවෙයි. තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන්නට ඔවුන් කටයුතු කරනු අපට දක්නට පුළුවන්. මහේන්ද්‍ර, යශෝධා සහ හේමාල් රඟන මියුසික් වීඩියෝවක් ඉකුත් දිනෙක නිකුත් වුණා. මේ වනවිට එය අන්තර්ජාලය හරහා දහසකුත් පිරිස නරඹලා. ගීතයේ නම විරාග රාගය. සාමාන්‍යයෙන් මහේන්ද්‍රවත්, යශෝධාවත්, හේමාල්වත් අප මියුසික් වීඩියෝ තුළින් දුටුවේම නැතිතරම්. එහෙත් ඔවුන් මේ සඳහා එකතුවෙලා තියෙන්නෙ විරාග රාගය කියන්නෙ එසේ මෙසේ ගීතයක් නොවන නිසා. ප්‍රතිභාපූර්ණ ගායනවේදින් දෙපොළක්වන අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා තමයි ඒ සඳහා හඬ මුසුකරලා තියෙන්නෙ. මෙහි රූපරචනාව නිමකොට ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂ තිසර ඉඹුලාන විසින්. නිනෝලයිව් සිනමාපටය අධ්‍යක්ෂණය කළේ මේ තිසර. ඒ වගේම අපට සිටින අති දක්ෂතම සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු වන චන්න දේශප්‍රිය මෙහි රූප කැමරාවට නඟා තිබෙනවා. විරාග රාගයේ ගීය රචනය බන්දුල නානායක්කාරවසම්. සුරේෂ් මාලියද්දගේ සංගීත අධ්‍යක්ෂණයක්.