|
මට එපා ඒ සල්ලි
මෙතෙක් සිදු වූයේ මෙහෙමයි නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. අද එතැන් සිට...
එහා මෙහා දුවන මිනිසුන් අතරින් රිංගා ගිය බිනරි කඩයට ගොඩ වූවාය.තාත්තා ගේ පලතුරු කඩය දැන් විසිතුරු බඩු අළෙවි කරන තැනක් බවට පත් ව තිබේ.එය කුලියට ගත් සුදර්ශන කඩය පිලිවෙළට තබා ඇති අයුරු ඇය දුටුවාය.ගණුදෙනුකාරියක සමග කටයතු කළ සුදර්ශන බිනරි දුටුවේ අනතුරුවය. ඇය ඒ වන විට සාප්පුවේ ඇති ඇස පිනන දෑ දෙස විමසිල්ලෙන් සිටියාය.ගනුදෙනුකාරිය ගත්තේ විලවුන් බෝතලයකි.ඇය නොඅනුමානවම කොළඹ රස්සාව කරන ගැමි තරුණියකැයි බිනරි අනුමාන කළාය. විලවුන් බෝතලය ඇය සිය ගමන් මල්ලේ ලා ගත්තේ රන් හුයක් ආරක්ෂා කරනවාටත් වඩා සොම්නසිනි.සාප්පුවට පැමිණි හැඩකාර ගැහැනිය එහි ඇති දෑ දෙස වුවමනාවෙන් බලනු සුදර්ශන දුටුවේය.හැඩට පෙනෙන හොදට අඳීන ඇතැම් තරුණියන් ඇස වසන සැණින් කඩ සුද්ද කරන බැව් ඔහුගේ හිතට නැගිණ. එයට පෙර බිනරි කතා කළාය. ‘සුදර්ශන ?’ ඔහු විමසිල්ලෙන් හිස වැනුවේය.මේ ගනුදෙනු කාරියක නොවන වග ඔහුගේ මොළය ඉඟි කර තිබිණ. ‘මම බිනරි.මේ කඩේ අයිති මට’ සුදර්ශන කපටි සිනාවක් පෑවේය. ‘චුට්ටං මුදලාලි අපේ තාත්තා’ අනතුරුව සුදර්ශන ගනුදෙනු කරුවෙකු වෙත යොමු වන්නට තැත් කළේය.කඩේ සාරයැයි බිනරි සිතා ගත්තාය. ගනුදෙනුකරු කේවල් කරන්නට පටන් ගත්තේය. කඩේ සේවක තරුණයකු සුදර්ශන වෙනුවට එතැනට ගියේය. ‘මං ආවේ වැදගත් කාරණාවකට.’ ගනුදෙනුකරු එහා මෙහා වතනතුරු සිට බිනරි පැවසුවාය. ‘මොනව හරි බොනවද ?’ ඔහු ඇසුවේ නිකමටය. නැහැ.මම ආවේ අපට කඩේ ඕන කරලා තියෙනවා කියන්න හෙණයක් ගසන්නාවක් වැනි හැඟිමක් ඔහුගේ මුහුණේ ඇදිනැයැයි බිනරිට වැටහිණ. ‘ඔයගොල්ලන්ගේ බද්ද මේ පාර ඉවර වුණාම අපට කඩේ ඕනෑ.මං කල් ඇතිව කිව්වේ ඔයාට වෙන තැනක් හොයා ගන්ඩ පුළුවන් වෙන්ඩ’ ඔහු කිසිත් කියන්නට ගියේ නැත.බදු කුලී කප්පං විදුලි බිල් අර බදු මේ බදු ගෙව්වාම කඩ කෙරුවාවෙන් ලැබෙන ලාබයක් නැත.බිල්ඩින් අයිතිකරුවෝ නම් ගෙදරට වී ලාබ ගනිති.අලුතෙන් කඩයක් ගන්නට නම් අලුත් අත්තිකාරම් හොයා ගත යුතුය.කොහොමටත් මේ තරම් හොඳ තැනක් සෛායා ගැනීම නම් අපහසුය. ‘චුට්ටං මුදලාලි මට ඒ වගක් කිව්වේ නෑ.’ ‘තාත්තා දැන් අනුරුධපුරේ නේ.කොහොමටත් මම ලංකාවේ හිටියේ නෑ.තාත්තා ඒ දවස් වල තමා බදු ඔප්පුව ලියලා තියෙන්නේ බදු ඔප්පුව ලිය්ද්දි චුට්ටං ඒ දේපළ බිනරි ගේ බව පවසා තිබිණ.ඒ බව සුදර්ශනට මතකය ‘මම දැන් අවුරුදු තුනක් කර ගෙන ආවා.මං බැලුවේ මේ අවුරුද්දේ ආපහු කල් ගන්ඩ කියලා’ ඔහු පැවසුවේ යන්තමින් හෝ සහනයක් ලබා ගන්නටය. බද්ද වැඩි කර වුව ද තැන හොඳය. ‘බැහැ.මට ඕන කරනවා’ මේ ගැහැනියගේ ස්වරයෙහි මහා හිතුවක්කාර ගතියක් සුදර්ශණට පෙනිණ.ඇය වුවමනාවෙන්ම තම කතා බහ ස්වරයට විදෙස් හුරුවක් ඇති කර ගෙන තිබිණ.ගෙන්දගම් පොළවේ හැප්පුණ චුට්ටං මුදලාලි සමග බදු ඔප්පුව ලියද්දී බොහෝ දේ කතා කර ගන්නට පුළුවන් කම තිබිණ. ‘විකුණන්නඩ ද?’ ‘අපොයි නෑ.විකුණලා ආයෙම ගන්ඩයැ’ බිනරි සිනහවක් මුහුණට නගා ගත්තාය. ‘විකුණනවා නම් කියන්ඩ.මං ගන්නං’ සුදර්ශන පැවසුවේ මුහුණට නගා ගත් සිනහවක් ආරූඩ කර ගනිමිනි. ‘නැහැ.විකුණන්න අදහසක් නැහැ.දැන් මං ලංකාවේ ඉන්නේ.ඒකයි.’ බිනරි සාප්පුවෙන් පිටව් යන්නට සැරසිණ.පාර පුරා නැගුණ දූවිල්ලට විරුද්ධව මුහුණ හැර වූ බිනරි බර කරට ගත් නාට්ටාමියක්ගේ ඇගේ නොවැදී බේරුණේ යාන්තමිනි. ඔහු මහ හයියෙන් කුණුහරුපයක් කියා ගෙන ගියේ බඩු ගෝනියක් කර තබා ගෙනය. ‘මොකක්ද කඩේට කරන්ඩ යන්නේ?’ අම්මා ඇසුවේ හැන්දෑ ජාමේය.තාත්තාගේ සිදුවීම නිසා අම්මා ගේ පෙර පවැති ප්‍රෙබා්ධය අතුරුදන්ව ඇති වග බිනරිට පෙනිණ. ‘මම ඒක කරනවා.’ ‘තාත්තාත් අද සල්ලි නම් එව්වා අම්මා පැවසුවොය.බිනරි ඇය දෙස රවා බැලුවාය. ‘මට එපා ඒ සල්ලි.අපිට පුලුවන් විධියට අපි කරමු’ ‘ගෑණියකුට පිටකොටුවේ බිස්නස් කරන එක ලේසි නෑ’ අම්මා දැනමුතුකමක් දෙන විලාසයෙන් පැවසුවාය. ‘කිසිම දෙයක් ලේසි වෙන එකක් නෑ.හැබැයි මට විශ්වාසයි මට කරන්ඩ පුළුවන් කියලා’
කිසිවක් උගුර පාදන හඩ සමග බිනරිත් අම්මාත් උන් තැනින් නැගිට බැලුවාය.නිවස ඉදිරිපිට
කුඩා ගේට්ටුව ළඟ මිනිසෙක් සිටගෙන සිටියේය.අවරුදු තිස් පහක් පමණ වන්නට ඇත.කාල
වර්ණය.මුහුණ පුරු අපිලිවෙලට වැවුණු රැවුල ඇතිවය. ‘බිනරි මිස්’ අම්මා බිනරි දෙස බැලුවොය.බිනරි ඔව් යැයි කියන්නට හිස වැනුවාය. ‘මාව එව්වේ ගෑස් කඩේ මුදලාලි .ගෙයි මේසන් වැඩ වගයක් තියනවා කිව්වා’ ඔහු පැවසුවේය.බිනරි සිනහවකින් තොරව ඔහුට නිවසට එන්නට ඉඩ හැරියාය. ‘මම කිව්වා’ ‘මොනවද දන්නෑ කරන්ඩ තියෙන්නේ’ ‘වැඩ ටිකක් තියෙනවා.මොනවද ඔයා කරන්නේ’ ‘ඕනැම මේසන් වැඩක් පුළුවන්.ගෑස් කඩෙත් අලුතෙන් හැදුවේ මම.’ ඔහු ගේ හඩ රළු ය.උසට ගැලපෙන සිරුර කි.ඇඳ සිටියේ ඩෙනිම් කලිසමකි.එයට ගැලපෙන කමිසයකි.කොණ්ඩය පීරා තිබිණ. මේ සියල්ල බිනරිගේ ඇස ගැසිණ. ‘ටිකක් වැඩ තියෙනවා.ගේ ඇතුලේ කාමර දෙකක ටයිල් කරන්ඩත් තියෙනවා.උඩ තට්ටුව සම්පූර්ණයෙන් රෙපයාර් කරන්ඩ ඕනෑ. එලියෙන් පඩිපෙළක් දාලා.’ ඔහු හිස වැනුවේය. ‘මට බලන්ඩ පුළුවන් ද?’ බිනරි ඔව් යැයැ පැවසුවේ හිස වනමිනි..
|