|
මාධ්‍යයට නෙලා ගෙනත්
ස්පාඤ්ඤ ජාතික ශ්‍රෙෂ්ඨ නවකතාකරුවකු වන බෙනිටෝ ෆෙරෝස් ගල්දෝස් විසින් විසි වන සියවසේ මුල් භාගයේදී රචනා කරන ලද 'මරියනෙලා' නවකතාව එදා පාඨකයන් අපූරු ලෙස රස වින්ඳහ. එම නවකතාව ඉන්ද්‍රානි රත්නසේකර සිංහලයට පරිවර්තනය කරන ලදී. ඒ 'නෙලා' නවකතාව නමිනි. එය ඇසුරෙන් බෙනට් රත්නායක විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ 'නෙලා' සිනමා සිත්තම බෙනට්ගේ අලුත්ම සිනමාපටයයි. එහි මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. එච්. ඩී. ප්‍රේ්මසිරි, සමන්මලී හේවාමාන්න, චරිත් නාගොඩවිතාන, ඩිලාන් ප්‍රනාන්දු, අතුල මහවලගේ එක්ව 'නෙලා' සිනමා සිත්තම නිෂ්පාදනය කර ඇත. ශලනි තාරකා, උදාර රත්නායක, තාරුකා වන්නිආරච්චි ප්‍රධාන රංගන ශිල්පීන් වේ. සේමිණි ඉද්දමල්්ගොඩ, පාලිත සිල්වා, දුමිඳු දොඩම්තැන්න, රොෂාන් පිලපිටිය, උදාරි පෙරේරා, අනුර ධර්මසිරිවර්ධන සෙසු චරිත මවන්මෝය. සුරේෂ් මාලියද්දගේ සංගීත නාද රටාවන්ට කසුන් කල්හාර හා ශ්‍රියා කාරියවසම් නෙලා ගැයුමට එක් වෙයි. මේ ඒ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා කීපයක් සරසවිය කැමරා ඇසට හසුකර ගත් අයුරුයි.
|