වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




බොල බූරු පුතේ දුක ශෝකා ඉතින් ඉවසන්

බොල බූරු පුතේ දුක ශෝකා ඉතින් ඉවසන්

අපි යන්ට යමු
දිව්‍ය ලෝකේ දිහා විගසින්

වේදිකා නාට්‍ය ජීවිතේට නොබලපු කෙනෙක් වුවත් මේ වේදිකා නාට්‍ය ගීතය නම් දන්නවා. ඒක ඇතුළත් වුණේ ආනන්ද එස්. විජයසිරි ගේ දෙව්ලොව යනකං නමැති වේදිකා නාට්‍යටයි. ගීතය අහලා තිබුණට ඒක ඇතුළත් වෙන්නේ ඒ නාට්‍යයට කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒ සිදුවීම මතක් වුණේ ඉකුත් දිනයක ආනන්ද සරසවියට ආව නිසයි. ඔහුගේ අලුත් නාට්‍යයේ විස්තරයක් පළ කර ගන්නයි ආනන්ද මෙහෙ ආවේ. ඒකේ නම සොක්කානෝ සක්විත්තාමෝ. ළඟදීම එය වේදිකා ගත කරන්නයි ආනන්දගේ වෑයම.