|
මී හරකා
ස්වාධීන රූපවාහිනි සේවයේ සති අන්ත සිනමා දැක්මේ ලබන 17 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කිරීමට නියමිතව ඇත්තේ 1994 වසරේදී තිරගත කෙරුණු අයි. එන්. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කළ මීහරකා චිත්‍රපටය යි. අයි. එන්. හේවාවසම් සහ වසන්ත කුලතුංග විසින් රචිත එහි ස්වර්ණා මල්ලවාරච්චි, ලින්ටන් සේමගේ, සනත් ගුණතිලක, සිරිල් වික්‍රමගේ, දමිතා අබේරත්න, දයා අල්විස්, ජේ. එච් ජයවර්ධන, එච්. ඒ පෙරේරා, දෙනවක හාමිනේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූහ. ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ගුණපාල නම් නූගත් තරුණයකු වටා මෙහි කතාව ගෙතී ඇති අතර අසභ්‍ය පුවත්පත් දැක මනස විකෘති වූ පසු ඔහු නගරයෙන් ගමට පැමිණෙන ඉංග්‍රීසි ගුරුවරිගේ රුවට ආකර්ෂණය වී ඇය පැහැර ගෙන ගොස් දූෂණය කිරීමත් එයට මුල් වූ සිදු වීම් දාමයත් මේ ඔස්සේ දිග හැරේ. මෙහි ගුණපාල ලෙසින් ලින්ටන් සේමගේ කළ රංගනය 1995 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. එම වසරේ ජනප්‍රිය චිත්‍රපට ලැයිස්තුවට ද ඇතුළත් වු මීහරකා චිත්‍රපටය සිංහල සිනමාවේ ආන්දෝලනයක් ඇති කළ චිත්‍රපටයක් සේම ප්‍රේක්ෂක අවධානය ද නොමඳව දිනා ගත් චිත්‍රපටයක් විය.
|