|
ත්‍රිල් ගණයේ චිත්‍රපටයකින් සනිටුහන් වූ සිනමා ගිවිසුම
ප්‍රසන්න විතානගේ සිනමා විශ්ලේෂණය -1
ප්‍රසන්න විතානගේ සිනමාවට පැමිණියේ "ත්‍රිල්" ගණයේ මෙවන් කතාපුවතක් රැගෙනය. මෙය සාමාන්‍ය කතා පුවතක් වනුයේ, අනියම් බිරින්දෑවරු හැමදාම අනියම් තත්වයේම නොසිට නිත්‍යානුකූල බිරිදට හා පවුලට හොඳින් හෝ නරකින් අභියෝග කරන නිසාය. ඉන්පසු ප්‍රසන්න අතින් සිදුවූ නිර්මාණ අතුරින් කථාන්දර කීමේ ක්‍රමය ප්‍රසන්න තුළ නොමැති වූවද, සිනමාවට මොනයම් ක්‍රමයකින් හෝ පැමිණීම අත්‍යවශ්‍ය නිසා, කථාන්දර කිවීමේ කලාවෙන් හෝ ඔහුට එය පටන් ගන්නට සිදු විය.
පුංචි මිනිසුන්ට විශාල වැඩ කළ හැකිය. ඒ එකල අප ඇසු බස් වහරකි. නමුත් දුටු ගැමුණු චරිත කථා තුල අප ඇසුවේ විශාල වැඩ කරනුයේ, විශාල මිනිසුන් කියාය. පාසැලේදී අපට දුටු ගැමුණු රජුගේ නීල මහා යෝධයා ගැන කියා දෙන විට අප සිටියේ මුව අයාගෙන, දෙනෙත් විශාල කරගෙනය. ඔහු කෙරූ විශාල වැඩ ගැන අපට සිතා ගැන්මට පවා නොහැකි විය. එකල ගාමිණී ෆොන්සේකාටත් වඩා නීල මහා යෝධයා අපේ වීරයා විය. ඔහු කෙරු වීර වැඩ අසා අප චින්තනයේ ඔහුව අප රදවා සිටියේ අප ඉතිහාස පාඩම් පොත්වල නීල මහා යෝධයාගේ රූපය ඇද තිබු ආකාරයටය. පසු කලෙක නීල් ආම්ස්ට්‍රෝන්ග් සද මතුපිට ඇවිදින විට, නීල මහා යෝධයා අමතක වී මේ පුංචි මිනිසා යෝධයෙක් ලෙස පුංචි අප හදවත් තුළ තැන්පත් විය. පුංචි මිනිසුන්ට විශාල වැඩ කළ හැකියයි, අපට හැගුණේ එවිටය. හැරිස් මාකලන්ද වංශාධිපතියෙකු සේම දක්ෂ නීතිඥවරයෙකි. ඔහු රදළ පෙළපතකින් ආ කුමාරි නම් තරුණියක් සමග විවාහ වී සිටියේය. ඔවුන් උගත් වැදගත් යයි සම්මත රට, පිළිගත් පවුලක් ලෙස අනිවාරයෙන්ම හැදින්වීය හැක. දිනක් එක්තරා උසස් සාදයකදී හැරිස්ට රූමත් ළාබාල තරුණියක් මුණ ගැසිනි. ඇය ඇනට් නම් වූ බර්ගර් තරුණියකි. හැරිස් ගේ නෙත මෙන්ම සිත බැදගත් මෙම තරුණියව යළි දෙවැනි වරට හැරිස්ට හමුවූයේ ඇය වර්ෂාවක තෙමි යන අතෙර්ය. ඔහු වහා ඇයව තම වාහනයට නංවා ගති . එම අහඹු සිදුවීමත්, සුළි සුළගත් ,වර්ෂාවත් හැරිස් හා ඇනට් ගේ ශාරිරීකව එක්වීමට කදිම හේතුවක් විය. සමාජයේ උසස්ම යැයි සම්මත වූ මිනිසුන් සමග පමණක් ගැවසුණු ඇනට් ,හැරිස් මාකලන්ද ද එවැන්නෙක් කියා සිතුවද, ඔවුනට නොදැනීම ඔවුන් අතර දැඩි බැදීමක් ඇතිවිය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, හැරිස් විසින් ඔහුගේ එක් බංගලාවක ඇනට් ව තබා ගැන්මය. ඉබේටම මෙන් ඇනට් හැරිස්ගේ අනියම් බිරිදගේ චරිතයට පත්විය. මේ කුමක් හෝ එක් කථාවක ආරම්භයකි. කථාව එලෙස ආරම්භ වනවිට ,එයින් තවත් විශාල වැඩ කළ හැකි පුංචි මිනිසෙකුගේ කථාවකුත් ආරම්භ විය. නීල මහා යෝධයාගෙන් ,නීල් අම්ස්ට්‍රොන්ග්ට පරිවර්තනය වී, දැන් එය "සිසිල ගිනි ගනී " නම් සිනමා පටය හරහා තවත් විශාල වැඩ කළ හැකි පුංචි මිනිසකුගේආගමනය සිදු විය. ඔහු නමින් ප්‍රසන්න විතානගේය. හැරිස් මාකලන්ද නගර සභා මැතිවරණයට තරග කිරීම සදහා ඉදිරිපත් වන්නට විය. ඔහුගේ බිරිද වූ කුමාරි හා කුමාරිගේ සහෝදරයන්ගේ බල කිරීම මත මෙය මුලින් සිදුවුවද, පසුව මෙය ජය ගත හොත් තමන්ට ලැබෙන උසස් තත්වය ගැන හැරිස්ට වැටහී හැරිස්ද ඒ ගැන උනන්දු විය. එහෙයින් ඔහුගේ මුළු කාලයම මෙයට යොදා මැතිවරණය ජයගැනීමට උත්සහා කළෙන්, ඇනට් සමග කාලය ගත කිරීමට ඔහුට නොහැකි විය. තත්වය මෙසේ තිබියදී හැරිස්ට ,ඇනට් ව තාවකාලිකව හෝ සදාකාලිකව තම ජීවිතයෙන් අයින් කිරීමට හෙමිහිට උත්සහා කළේය. හැරිස්ට හා කුමාරිට විජිත නම් කුඩා පුතෙක් සිටියහ. මෙම කුඩා දරුවා තරමක් මන්ද බුද්ධිකය . හැරිස්ගේ වෙනස්වීම ඇනට්ටද ටික ටික තේරුම් යන්නට විය. එලෙසම ඉදිරියේදී සම්ප්‍රදායානුකූලව අනියම් බිරින්දෑවරුන්ට සිද්ධ වන්නට යනදේ ඇනට් ටත් සිද්ධ වන්නට යන බව ඇයට වැටහිණි . ඇය හැරිස්ගේ කුඩා දරුවාට ළංවන්නට බැලුවේ,සිත තුල කිසියම් සැලැස්මක් ඇති කර ගෙනය. ප්‍රසන්න විතානගේ සිනමාවට පැමිණියේ "ත්‍රිල්" ගණයේ මෙවන් කතාපුවතක් රැගෙනය. මෙය සාමාන්‍ය කතා පුවතක් වනුයේ, අනියම් බිරින්දෑවරු හැමදාම අනියම් තත්වයේම නොසිට නිත්‍යානුකූල බිරිදට හා පවුලට හොදින් හෝ නරකින් අභියෝග කරන නිසාය. ඉන්පසු ප්‍රසන්න අතින් සිදුවූ නිර්මාණ අතුරින් කථාන්දර කීමේ ක්‍රමය ප්‍රසන්න තුළ නොමැති වූවද, සිනමාවට මොනයම් ක්‍රමයකින් හෝ පැමිණීම අත්‍යවශ්‍ය නිසා, කථාන්දර කිවීමේ කලාවෙන් හෝ ඔහුට එය පටන් ගන්නට සිදු විය. "සිසිල ගිනි ගනී " කතන්දරයක් වූවද, ප්‍රසන්න තමාගේ ක්‍රමයට හරවා ගන්නට උත්සහා ගත් බවක් පෙනුනි. නමුත් "සිසිල" තුළ ප්‍රසන්නට උවමනා ලෙසම කිරීමට නම් නොහැකි වූ බවක් පැහැදිලිවිය. නිෂ්පාදක සනත් ගුණතිලකගේ අධිපත්‍යයත්,ප්‍රසන්නගේ සිනමාවට තිබූ කෝඩුකාර කමත් "සිසිල" තුළින් අතරින් පතර පෙනුනි.පසු කාලයේ ප්‍රසන්නගේ නිර්මාණ හා සසදන කල, ප්‍රසන්නට ලාංකේය සිනමාව තුළ කීමට අවශ්‍ය දෑ "සිසිල" තුළින් නොකියවුනේ ඉහත කී හේතු නිසා වන්නට ඇත. ප්‍රසන්නට කතන්දර කීමේ කලාව එතරම් ගෝචර නොවුයේ, ප්‍රසන්න පුංචි ළමුන් වට කරගෙන කතාන්දර කියන සීයා කෙනෙක් නොවන නිසාය. එහෙත් "සිසිල" තුළින් ප්‍රසන්නට කතාන්දර කීමට සිදුවිය. "එක දිනක් හැරිස් ගේ පුතු කුඩා විජිත පාසැල් ගුරුවරුන් හා ළමුන් සමග විනෝද චාරිකාවක් ගිය අතර, ඇනට්ද ඔවුන්ව හඹා ගියාය. එක් කඳුකර තැන්නකදී ඇනට් හැරිස්ගේ පුතු විජිතව ඔවුන් අතරින් වෙන් කර ගති. එහෙත් ඒ සමඟම ආ විශාල මීදුමක් දැක විජිත ඒ දෙසට දුවන්නට වූ අතර ඇනට් ට එය නතර කිරීමට අපහසුවිය. නැවත මීදුම පහව ගිය පසු විජිත එතැන නොසිටියේය. විජිතට සිදු වූයේ කුමක්ද? විජිතගේ ජීවිතය අනතුරේද? ප්‍රශ්න වැල පටන් ගත්තේ, නො එසේ නම් සිසිල ගිනි ගත්තේ එතැන් සිටය." ප්‍රසන්න, මුල සිට ඇතිවුණු ආරම්භක සිදුවීම් සමග මෙම කතාන්දරය රැගෙන විත් කුඩා විජිත අතුරුදහන් වන තැනදී චිත්‍රපටයට අර පෙර කී පරිදි "ත්‍රිල්" එකක් එකතු කළේය. එතැන් සිට අවසාන වන තෙක් චිත්‍රපටය තිබුණේ "ත්‍රිල්" යන බෙල්ට් එක උඩය. නගර සභා මැතිවරණය හරහා දේශපාලන මුහුණු වරක් ඇතුළත් කෙරු පසු, දේශපාලන බලය තුල කෙතරම් දෙයක් කළ හැකිද, යන්නත් , දේශපාලනය, පොලිසිය විසින් කරන දූෂිත දෑ ඇනට් හරහා පෙන්වීමට යාම තුළ, කතාන්දර කලාවත්, එහි උච්ච බවත් ප්‍රසන්න පෙන්වන්නේ අර "ත්‍රිල්" කියන බෙල්ට් එක උඩමය.. එහෙත් ප්‍රසන්න තම කෝඩුකාර දක්ෂ කම මැනවින් පෙන්වූයේ සිසිල ගිනි ගත් පසු නැවත නොනිමෙන බව පෙන්වමිනි. බලය නැති මිනිසුන්, බලය ඇති මිනිසුන් හා හැප්පෙන්න යාමේදී සිදුවෙන ඛේදවාචකය නම් ප්‍රසන්න හරි අපූරුවට පෙන්වා තිබුණි.
ප්‍රසන්න "සිසිල"තුළින් තම සිනමා වෘතීය ආරම්භ කෙරුවද, සිසිල තුළ ප්‍රසන්නව පෙනුණේ,
ලාංකේය සිනමාවට හොද අනාගත ආයෝජනයක් ලෙසය. සිසිලට ඔහු සම්බන්ධ කරගත් දැවැන්තයන් නිසා
චිත්‍රපටය තුළ කිසියම් වටිනාකමක් ඇති විය. කැමරා කරණයෙන් සුමින්ද
වීරසිංහද,සංස්කරණයෙන් එල්මෝ හැඩිලිද, සංගීතයෙන් ප්‍රේමසිරි කේමදාස ද කලා
අධ්‍යක්ෂණයෙන් රොබ් නේවිස් ද එකතුවූකළ මැවිය යුත්තේ දැවැන්ත චිත්‍රපටයකි . නමුත්
සනත් ගුණතිලකගේ තිර රචනය තුල පුද්ගලවාදය නොතිබුණාම නොවේ. තිර රචනයත් , නිෂ්පාදනයත්,
ප්‍රධාන චරිතයත් සනත් ගුණතිලකගේනම් එය ප්‍රසන්නගේම චිත්‍රපටයක් වන්නේද නැත.
"සිසිලට" කෙසේ වෙතත් ප්‍රසන්නට සිදුවූයේ නම් එයයි.
රගපෑම් තුළ නම් විශිෂ්ට රංගනයන් දැක ගත හැකි විය. සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ටෝනි රණසිංහ, වීනා ජයකොඩි යන නළු නිළියන්ගේ ප්‍රධාන රංග වලට අමතරව ජයලත් මනෝරත්න,අසෝක පීරිස් ,ජී.ඩබ්ලියු .සුරේන්ද්‍ර ,හේමසිරි ලියනගේ, නවනන්දන විජේසිංහ ,චාන්දනී සෙනවිරත්න, නීල් අලස් ,තලතා ගුණසේකර,දයා තෙන්නකෝන්,ඉන්ද්‍රජිත් නාවින්න වැනි දක්ෂ නළු නිළි කැලක් ප්‍රසන්නට අනගි සහයක් දී තිබුණි. 1992 ස්වර්ණ සංඛ සම්මාන උලෙළදී හොදම චිත්‍රපටය, හොදම අධ්‍යක්ෂණය ( ප්‍රසන්න විතානගේ), හොදම නිළිය (සබීතා පෙරේරා) හොදම සංගීත අධ්‍යක්ෂණය (ප්‍රේමසිරි කේමදාස) හොදම කැමරා අධ්‍යක්ෂණය -කළු සුදු (සුමින්ද වීරසිංහ) හොදම නිෂ්පාදක (සනත් ගුණතිලක ) සිසිල ගිනි ගනී " දිනා ගත අතර ඕ.සී .අයි.සී සම්මාන උළෙලදී හොදම චිත්‍රපටය - හොදම අධ්‍යක්ෂණය- හොදම නළුවා- හොදම නිළිය - හොදම සංගීත අධ්‍යක්ෂණය -හොදම කැමරා අධ්‍යක්ෂණය දිනා ගති "සිසිල ගිනි ගනී " කුතුහලයෙන් පිරි නැරඹිය හැකි අනෙගි නිර්මාණයක් වූවද, ප්‍රසන්න විතානගේ "බ්‍රෑන්ඩඩ් " වූයේ නම් ඔහුගේ ඊළඟ චිත්‍රපට වලින්ය. "සිසිල ගිනි ගනී " එම "බ්‍රෑන්ඩඩ් "වර්ගීකරණයට අසුවන්නේ නැත. එය හුදු "ත්‍රිල්" කථාවක් පමණක්ම විය.
|