|
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
ඉතිහාසයේ කතාවක් සැබෑ ලෙසින් තිරයටසුනෙත් මාලිංග නවතම සිනමා නිර්මාණය
තවත් එක් පැහැබර උදෑසනක් ගෙවෙමින් තිබිණ. අසු පිට නැඟී සුපුරුදු ලෙසින් ගාළු මුවදොර පිටිය වෙත පැමිණි දොන් ස්ටීවන් සේනානායක මහතා වට පිට බැලුවේ තම සගයන් ඇවිත් ඇත්දැයි විපරම් කරමිනි. සුළු මොහොතකින් රිචඩ් අලුවිහාරේ සහ ජී. ජී. පොන්නම්බලම් එතැනට පැමිණියේය. තිදෙනාගේ කතාව මෙරටේ දියුණුව ගැනය. තමන් දකින සුභ සිහින ගැන සේනානායකයන් පවසන්නේ මහත් වූ උද්දාමයෙනි. ගත වන්නේ නිමේෂයකි. සේනානායකයන් අසු පිටින් ඇද වැටෙන්නේ සෙසු කාටත් කිසිත් සිතාගත නොහැකි අන්දමිනි. ඔහු සිහිසුන්ව ඇත. එතැන් පටන් ඇරැඹෙන්නේ එතුමාණන්ගේ ජීවිත කතාව ඇතුළත් සිනමාපටයයි. එය ‘නිදහසේ පියා ඩී. එස්.’ යනුවෙන් නම් තබා තිබේ. ජවසම්පන්න මල්ලව පොර ශූරයකු වූ තරුණ ස්ටීවන් මහතා එම දස්කම් පෙන්වමින් කීර්තිය අත්පත් කර ගනියි. ටික කලකින් ඔහු මෙරට තුළ විප්ලවීය චරිතයක් බවට පත්වේ. මෙරට පළමු අගමැති ධුරය හිමිවීමත් සමඟ රට තවත් ස්ථාවර කරන්නට පියවර ගනියි. රටටත්, ජාතියටත් නව ආරම්භයක් ලබාදෙමින් සේනානායකයන් නිදහස අත්පත් කරගනු පෙනේ. ගල්ඔය මිටියාවත දේශයේ ජීවනාලිය බවට පත් කිරීමට සේනානායකයන් පියවර ගන්නේ මහත් වූ බලාපොරාත්තු පීදෙන මොහොතකය. මෙවන් වූ අග්‍රගණ්‍ය මෙහෙවරක් කළ එතුමාණන්ට උපහාරයක් ලෙසින් ඔහුගේ ජීවිත කතාව ඇතුළත් නිදහසේ පියා ඩී. එස්. නිර්මාණය වී තිබේ.
හඳුනාගත හැකිද? මේ කවුද කියා
ගල්ඔය ව්‍යාපෘතිය නරඹන ඩී.එස්
|