|
'Life & Life' ස්වරයෙන් අකුරු කළ, ඔබෙත් මගෙත් ජීවිත යථාර්ථයයි
- සංගීතඥ වජිර ඉන්දික කරුණාසේනවජිර ඉන්දික කරුණාසේන සංගීතය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශිල්පියෙකි. එහෙත් ඔහු අපට හමුවන්නේ වෙනත් ක්ෂේත්‍රයකදීය. ඒ ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ වැඩසටහන් පාලකවරයා වශයෙනි. පසුගිය දිනෙක ඔහු සරසවියට පැමිණියේ වසර ගණනාවකදී සංගීතය පිළිබඳ ඔහු ලද අත්දැකීම් සමුදාය කැටිකොට ඔහු විසින් නිර්මාණය කළ 'ඹ්ඪටඥ ) ඹ්ඪටඥ'ස්වර සංධ්වනිය එළඹෙන 20 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී ඔබවෙත ගෙනෙන බව අපට කියන්නටය. වජිර සංගීතය සඳහා යොමුවන්නේ ඔහුගේ වයස අවුරුදු 11 දී පමණ කුඩා අවදියේදීමය. ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වෙතිනි. ඔහුගේ ඇසුරේ මනාව සංගීතය හැදෑරූ වජිර, පසුකාලීනව කේමදාසයන් සංගීතවත් කළ බොහෝ නිර්මාණ සඳහා වයලීන වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ද ලැබුවෙකි. 'බඹරු ඇවිත්', 'හංසවිලක්', 'දඩයම' යනාදි අති ජනප්‍රිය සිනමා නිර්මාණ සඳහා මෙන්ම, ධර්මසිරි බණ්ඩාරනායකගේ 'මකරාක්ෂයා', 'ඒකාධිපති', 'ධවල භීෂණ' සුගතපාල ද සිල්වාගේ 'මරාසාද්' චූලා කාරියවසම්ගේ 'සිරිත් විරිත්' යනාදි ජනප්‍රිය වේදිකා නාට්‍ය ගණනාවක් සඳහා ද කේමදාසයන් යටතේ වයලින වාද්‍ය ශිල්පියකු වශයෙන් ඔහු දායක වී ඇත. ඒ වනවිටත් ගුවන්විදුලි සංගීත අංශයේ ශිල්පියකු වීමට සිහින මවමින් සිටියද, කේමදාසයන් ඊට ඉඳුරාම හරස් වී ඇත්තේ ඔහුගේ නිර්මාණශීලීත්වයට එය බාධාවක් වන බව ඉවෙන් මෙන් දැනගත් නිසාවෙනි. කෙසේ වුවද, වජිරගේ දැඩි අවශ්‍යතාවය මත ඔහු ගුවන්විදුලියට පැමිණියද, ඒ සමඟම ඔහුගේ ගමන් මග වෙනත් දිශාවකට යොමු වුයේ එහි නාට්‍ය අංශය වෙත අනුයුක්ත වීමට සිදුවීමත් සමඟමය. ඉන් පසුබට නොවූ වජිර ගුවන් විදුලි නාට්‍ය ක්ෂේත්‍රය තුළද ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් වී ඇත. 'ගුවන්විදුලි රඟමඬල' සඳහා 1995 වසරේදී ජනාධිපති සම්මානයද, 1996 වසරේදී උණ්ඩා සම්මානයද, 2017 වසරේ දි සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ප්‍රදානය කළ හොඳම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානයද හිමිකර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇත. "මම ගුවන් විදුලි නාට්‍ය සඳහා සංගීතය බහුල ලෙස යොදා ගන්නවා. ඒ සඳහා කේමදාස මාස්ටර්ගෙන් ලැබූ ආභාසය මට ලොකු පිටිවහලක්. ඔහුගෙන් මම ව්‍යවහාරික සංගීතය පිළිබඳ විශාල අත්දැකීමක් ලැබුවා. ඒ මට විශ්ව විද්‍යාල ගණනාවකට ගියත් ලබාගත නොහැකි අත්දැකීම් සමුදායක්." ගුවන් විදුලි නාට්‍යය තුළ සිය සංගීත භාවිතාව පිළිබඳ වජිර පලකළේ එවන් අදහසකි. ඊට අමතරව ශිල්පීන් මෙහෙයවීම පිළිබඳවද, නිර්මාණයකට ශිල්පියෙකු දායක කරගැනීමේ දී ඔහුගේ උපරිම දායකත්වය ලබාගැනීම පිළිබඳව ද ඔහු ලබා ඇත්තේ හසල දැනුමකි. මේ සියලු අත්දැකීම් සමඟ සංධ්වනියක් නිර්මාණය කිරීමට වජිර තුළ පැවතියේ උග්‍ර අවශ්‍යතාවයකි. අවශ්‍යතාව කෙතරම් ප්‍රබල වුවද, ඒ සඳහා කිසිදු අනුග්‍රාහකත්වයක් ඔහු වෙත ලැබී නොමැත. ඒ සෑම බාධාවක්ම පසෙකලා මෙම නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට හැකිවූයේ සිය දයාබර බිරිඳ කාන්ති ධර්මවර්ධන ඔහුට අවශ්‍ය අත්වැල සපයන්නට උරදුන් හෙයිනි. "සංධ්වනියක් නිර්මාණය කරනවා කියන්නෙ හරියට දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. ඒකෙ කිසිම ලාභ අපේක්ෂාවක් නෑ. මෙවැනි නිර්මාණවලට අනුග්‍රාහකත්වයක් නැත්තෙ අනුග්‍රාහකයින් හට වින්දනිය ශක්තියක් නැති නිසා. ඒ තුළ කවදා හරි මේ වගේ නිර්මාණ බිහිවීම වළකිනවා. ක්ෂේත්‍රය වල් බිහිවෙනවා." නිර්මාණ කාර්යයේදී වර්තමානයේ පවතින ගැටලුකාරි බව ඔහු විග්‍රහ කළේ එලෙසිනි. කරුණු කෙලෙසක වුවද ඔහුගේ නිර්මාණය ඔබ වෙත ගෙන ඒමට ශිල්පීන් 28 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම සමඟ වජිර සූදානම්ය. 'ඹ්ඪටඥ ) ඹ්ඪටඥ' යනු ජීවිත ජීවත්කරවීමට පවතින සමාජමය වටාපිටාව තුළ දරන වෙර වීරියේ තවත් එක් පැතිකඩක් විවරණය කිරීමකි. ස්වාධීනත්වය පරයමින් විවිධ බලපෑම්වලට නතුවන ජීවිතවල නිදහස යනු හීනයක් ද යන්න මෙම සංධ්වනිය තුළ වජිර ඔබට පවසනු ඇත. එහි රස මිහිර විඳිනට එළඹෙන 20 වෙනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී 'ඹ්ඪටඥ ) ඹ්ඪටඥ' ස්වර සංධ්වනිය හා එක්වන්නට සරසවිය පාඨක ඔබටද අපි ඇරයුම් කරමු.
සටහන දිනේෂ් හේවාවිතාරණ ඡායාරූපය නිශ්ශංක විජේරත්න |