|
Saturday Night Movieහතරදෙනාම සූරයෝ
ස්වාධීන රූපවාහිනි සේවයේ සෙනසුරාදා රාත්‍රි සිනමා පෙළහැරේ 20 වැනිදා රාත්‍රි 10.30ට දිග හැරෙන්නේ නීල් රූපසිංහ විසින් අධ්‍යක්ෂණය කෙරුණු 1971 වසරේ තිරගත වූ 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටය යි. නිර්ධන පාන්තික තරුණයන් සිව් දෙනෙකු විරැකියාව සහ ප්‍රේමය අතර අතරමංව කරන්නා වූ අරගලය ගෙන එන 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටය එකල ඉහළ ජනප්‍රියත්වයක් ලබා බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයකි. ගාමිණී ෆොන්සේකා විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සේනාධීර රූපසිංහ, ශ්‍රියාණි අමරසේන, අග්‍රා සජීවනී, ඇන්තනි සී. පෙරේරා, බන්දු මුණසිංහ, තලතා ගුණසේකර, එම්. එස්. ප්‍රනාන්දු, පර්ල් වාසුදේවි, ලයනල් දැරණියගල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුගත් ප්‍රසන්න, වෛජයන්තිමාලා ඒ සඳහා රංගනයෙන් දායක වීය. එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, එම්. එස්. ප්‍රනාන්දු මෙහි ගීත ගායනයෙන් දායක වූ අතර "පැතුම් මල්ලකී මේ ජීවිතේ", "මේ දෑස මගේ පින්වන්තයි", "අහා අහා ආදරණිය සිනා", "රත්තරනින් රන් කිරිල්ලියේ", "කොඩි ගහ යට මම උපන්නේ" යන ඉහළ ජනප්‍රියත්වයක් ලද ගීත ඇතුළත්. ඇන්ටන් ග්‍රෙගරි සහාය අධ්‍යක්ෂණයෙන් ද ඒ. ඩී. රංජිත් කුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද ලෙනින් මොරායස් කැමරා අධ්‍යක්ෂණයෙන් ද කේ. සුබ්බයියා වේශ නිරූපණයෙන් ද ඩබ්. කේ. රූබන් සංස්කරණයෙන් ද පී. එල්. ඒ. සෝමපාල සංගීත අධ්‍යක්ෂණයෙන් ද හෙලන් කුමාරි නර්තන නිර්මාණයෙන් ද මේ සඳහා දායක වී තිබේ. 'හතර දෙනාම සූරයෝ' කතාව ධර්මසිරි ගමගේ විසින් රචිත අතර දෙබස් රචනය ආරියරත්න කහවිට විසිනි. 2008 වසරේදී නව පරපුරේ නළු නිළියන් යොදා කළ මෙහි ප්‍රතිනිර්මාණයක් තිරගත කෙරුණු අතර එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද නීල් රූපසිංහ විසිනි.
ගීතයේ අයිතිය කාගේද සංවාදය 24 දා
ගීතයේ අයිතිය සහ ගීතයේ ජීවය යන මාතෘකාව යටතේ විවෘත කථිකාවතක් සහ සංගීත සැඳෑවක් මෙම මස 24 වැනිදා සවස 4.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙහිදී ලූෂන් බුලත්සිංහල, නදීක ගුරුගේ, විශාරද ෂර්ලි වෛජයන්ත, ආචාර්ය ඩී. එම්. කරුණාතිලක ප්‍රධාන දෙසුම් පවත්වති. ලාල් ආනන්ද අබේධීර, නිලාර් එන්. කාසිම් සහ කැලුම් ශ්‍රීමාල් උත්සව සභාව මෙහෙයවනු ලබයි. සංගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයෙනි.
අශෝක පීරිස් වෙනුවෙන් ගී සැඳෑවක්
දශක කිහිපයක් පුරා හෙළ සංගීත ක්ෂේත්රයේ ගායකයෙකු වාදන ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කල අශෝක පීරිස් කලාකරුවා මේ වන විට දරුණු වකුගඩු රෝගයකට ගොදුරුව සිටි. මේ වන විට ඉතාමත් අසාධ්‍ය තත්වයෙන් යුතුව ප්‍රතිකාර ලබමින් සිටීන්නේය. ඔහුට ශක්තියක් වනු පිණිස අශෝක මියුරුසර පදනම හා සහෝදර කලාකරුවන්ගේ එකමුතුවෙන් ගී සැඳෑවක් පැවැත්වේ. ‘‘අශෝක මියුරු සර ගී සැඳෑව’’ එළැඹෙන ජනවාරි 28 වන ඉරිදා සවස 6.30 පිළියන්දල මධ්‍යම මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට මියුරුසර පදනම කටයුතු යොදා ඇත. කීර්ති පැස්කුවල්, කසුන් කල්හාර, පුන්සිරි සොයිසා, ප්‍රදීප් රංගන, නිරෝශා විරාජිනී, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, අතුල අධිකාරි, රාජු බණ්ඩාර, අමල් පෙරේරා, විජිත් ද සිල්වා, රෝහණ බෝගොඩ හා අජිත් රන්දුනුගේ ඇතුළු ජනපි‍්‍රය කලාකරුවන් එදින ගීතවත් වේ. කථනයෙන් කැළුම් ශී‍්‍රමාල්, සංගීතය නාද වාද්‍ය වෘන්දයෙනි. |