|
කාවිංග-සනායා විවාහයේ දුකා අයියා මාමා වෙලාදුක්ගන්නාරාල කළ කපුකමක්කාවිංග - සනායා විවාහය ගැන අපූරු තොරතුරක්
කාවිංග පෙරේරා විවාහ වු පුවත දැන් අලුත් එකක් නෙවෙයි. පුංචි තිරයේ දඟකාරයා වූ ඔහු යහපත් ස්වාමි පුරුෂයකු ලෙසට ඉදිරියේදී කටයුතු කිරීමට සැදී පැහැදී සිටිනවා. කාවිංගගේ පෙම් හබය අද ඊයෙක ඇරැඹූ එකක් නෙවෙයි. කාවිංගගේ බිරිය වූ සනායා ඔහුට හමු වුණේ කලා ලෝකෙම කෙනෙකු කළ කපුකමක් නිසා. මේ කපු උන්නැහේ වෙන කෙනෙක් නෙවෙයි, වසන්ත දුක්ගන්නාරාල. එහෙමත් නැතිනම් අප ආදරය කරන දුකා. ඔහු තමයි කාවිංගට සනායාව ජෝඩු කරලා තියෙන්නේ. දුකාගෙන් මේ අපි අහන්නට සැරසෙන්නේ ඒ පෙම් කතාවේ සුලමුලයි.
සනායා කියන්නේ මගේ ලොකු අම්මගේ දුවගෙ දුව. ඥාතිත්වයට අනුව ඇය මගේ දුවෙක්. * ඇය වෛද්‍යවරියක් නේද? ඔව්. සානායා ඉගෙන ගත්තේ චීනයේ. වර්තමානයේදී ඇය කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් ලෙසට සේවය කරනවා. * සනායාට කලා ලොව ගැන මොන වගේ දැනුමක් ද තිබුණේ? මම හැර අපේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. සනායාටත් එහෙම ලොකුවට කලා ලොවට එන්නට උනන්දුවක් තිබුණා කියලා මට හිතන්නට අමාරුයි. නමුත් ඇය නළු නිළියන් ගැන බෙහෙවින් උනන්දුයි. ඔය අතරේ ඇය මට කාවිංග ගැන කියලා තිබුණා. * මොනවද? සාමාන්‍යයෙන් නළුවන්ට කොහොමත් කෙල්ලො ආසනේ. ඒ වගේ දෙයක් තමයි කියලා තිබුණේ. විශේෂ තොරතුරක් කාවිංග ගැන අහලා නම් නැහැ. * ඒ වුණාට ඔබ සනායාගේ දුරකතන අංකය කාවිංගට ලබා දෙනවා? ඒක වෙන්නේ මෙහෙමයි. කාවිංග දවසක් අපේ ගෙදර ආවා. ඔය වෙලාවේ මට සනායාව මතක් වුණා. 'මෙන්න මේ කෙල්ල උඹට හරි කැමැතියි බං. මේකි මට දුවෙක් වෙනවා.' කියලා මං දුරකතන අංකය කාවිංගට දුන්නා. * ඔබ හිතුවේ නැහැ නේද සනායා කාවිංගගේ ජීවන සහකාරිය වී නවතීවි කියලා? කොහෙත්ම නැහැ. නමුත් දෛවය විසින් ඒ දේ කළා. * තරුණ නළුවකුට දුවව දෙන්න සනායාගේ මවුපියන් කැමැති වුණාද? ඕනෑම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දුව හොඳ පවුල් ජීවිතයක් ගත කරනවාට ආසයි. සනායාටත් ඒ කාරණය වලංගුනේ. කාවිංග ගැන කිව්වම ඇගේ මවුපියන් ටිකක් ගැස්සුණා. ඒ වුණාට ඒ ප්‍රේමය බිඳ දාන්න කොහෙත්ම උත්සාහ කළේ නැහැ.
මට තමයි. කාවිංග නිසා මට සී. අයි. ඩී. ගේම් එකකුත් කරන්න සිදු වුණා. * මේ ප්‍රේම කතාව දැනගත් මොහොතේ ඔබ කාවිංගට මොනවද කිව්වේ? මං කෙළින්ම කාවිංගට කිව්වා 'මට උඹ ගැන ප්‍රශ්න තියෙනවා කියලා' ඔහු මට කියපු දෙයක් තමයි 'ඔහු ගැන මතුපිටින් බලන්න එපා' කියපු දේ. ඒ වචනයත් එක්ක ඊළඟට මං කළේ ඔහු ගැන සොයා බලන එක. * එහෙම කළා කියලා ඔබ මෙහෙම කියනකම් කාවිංගවත් දන්නේ නැහැ? ඔව්. මං ඔහුට නොතේරෙන්න ඔහු ගැන සියලු තොරතුරු හොයලා බැලුවා. * දැන් කාවිංගගේත් සනායාගේත් විවාහයෙන් පස්සේ දැනමුතු වැඩිහිටියෙක් හැටියට දුන් උපදෙස් කොයි වගේද? මං ඒ දෙන්නටම කියන්න තියෙන දේවල් කියලා තියෙන්නේ. කසාද ජීවිතය කියන්නේ ප්‍රශ්න ගොඩක්. ඒක කාටත් පොදුයි. ඒත් එහෙම ආවා කියලා මාව ඇපේට තියන්න එපා කියලා මං කාවිංගට කියලා තියෙන්නේ. * කාවිංග ඔබේ කලා ලොවේ සමීපතමයෙක්. සනායා ඔබේ දුවෙක්. මේ දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබ ගන්නේ කාගේ පැත්තද? දෙයියන්ගේ පිහිටෙන් එහෙම නෙවේවා කියලා හිතනවා. මොනවා වුණත් මට ගන්න වෙන්නේ සනායාගේ පැත්ත. මොකද එයා මගේ දුවෙක්නෙ. * මේ කසාදෙන් පසුව ඔබ කාවිංගට මාමා වෙනවා. අයියා කෙනෙක් මාමා වෙන්නේ හරිම කලාතුරකින්? මං කාවිංගට කියලා තියෙන්නේ මට මාමා කියලා ඕං කියනවා නෙවෙයි කියලා. එදා වගේම දුකා අයියා කියලා කියපං කියලයි එයාට කිව්වේ.
|