වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




යළි රඟපාන්න පුළුවන් නිවාඩු කාලයට විතරයි

යළි රඟපාන්න පුළුවන් නිවාඩු කාලයට විතරයි

නර්තන ශිල්පිනියක් ලෙස සිය කලා ගමන අරඹන නයනි මහේෂිකා මුලින්ම ඔබට හමුවන්නේ වෙළෙඳ දැන්වීම් ඔස්සේයි. වෙළෙඳ දැන්වීම්වලින් පසුව ඇගේ පළමු රංගනය විහිදෙන්නේ ‘සූර්ය විංසතිය’ ටෙලි චිත්‍රපටයේයි.

එහි ඔබ

මා එහි රඟපෑවේ සාමාන්‍ය චරිතයක්.

ඒ කියන්නේ

ප්‍රධාන චරිතය රඟපෑ සමනලීගේ යෙහෙළියටයි මා රඟපෑවේ.

ඒ රඟපෑම

මගේ ජීවිතයට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.

ඒතරම් විශේෂ

ඒ හා... හා.. පුරා කියලා මා ටෙලි නාට්‍යයක කැමරාවක් ඉදිරියට ගිය පළමු වතාවයි.

ඊට පස්සේ

මට විවිධ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා.

ඒ අතර

‘සත්මහල’, ‘හිරුතනිවෙලා’, ‘අඹුදරුවෝ’, ‘දාමිනී, ‘ෆැන්ටසි ඇවනිව්’, ‘නෝනාවරුනි මහත්වරුනි’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම මා රංගනයෙන් දායක වුණා.

එහිදි

මට බොහෝ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා.

විශේෂයෙන්ම

නිළි රැජන මාලිනී ෆොන්සේකාව මතකයට නැඟිය යුතුයි.

ඒ වගේ ම

සෝමසිරි අලකොළංග, ටෝණි රණසිංහ වගේ ප්‍රවීණ ශිල්පීන් සමඟ රඟපෑමට ලැබීම මා වැනි කෙනෙකුට විශේෂයි.

ඒ අතරින්

මාලිනී අක්කා අධ්‍යක්ෂණය කළ ‘සොහොයුරෝ’ ටෙලි නාට්‍යයේ මා ප්‍රධාන චරිතයක් රඟපෑවා. එය මා බොහොම කැමැත්තෙන්ම රඟපෑ චරිතයක්

ප්‍රධාන චරිත

හර්බට් රංජිත් පීරිස්ගේ ‘හිරු තනිවෙලා’ ටෙලි නාට්‍යයේ මා ප්‍රධාන චරිතයක් රඟපෑවා.

ඒ කාලයේ

මා රඟපෑ ඒ චරිතය බොහොම ජනප්‍රිය වුණා. ඈ ඇන්ඳේ සරමක් හා ඊට හරියන හැට්ටයක්.

ඒ නිසා

බොහෝ ප්‍රේක්ෂකයන් ඒ කතාව හැඳීන්නුවේ ‘සරම් කතාව නමින්’.

එහි ඔබට

මහේන්ද්‍ර අයියා ප්‍රේම කරනවා. එය ඒ කාලයේ තිබුණු වෙනස්ම විදියේ ටෙලි නාට්‍යයක්.

එවැනි මතකයක්

‘නෝනාවරුනි මහත්වරුනි’ ටෙලි නාට්‍යයේ විජය අයියාවත් මතකයට නැඟිය යුතුමයි. ඔහු නම් පුදුම දක්ෂ නළුවෙක්. ඒ වගේ ම හොඳ මනුස්සයෙක්.

කාලයක්

මා ක්ෂේත්‍රයෙන් සමුගන්නවා. ඒ මගේ විවාහයෙන් පසුව පුතා ලැබුණාට පසුවයි.

නැවතත්

2009 වසරේදියි යළිත් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ ‘අරුංගල්’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරමින්. එහි චරිතයකුත් මා රඟපානවා. ඒ නිර්මාණයට සම්මාන රැසක්මත් හිමි වෙනවා.

මේ වනවිට

පුතාලා දෙන්නා ලොකුයි.

ලොකුපුතා

විහඟ ඉඳුවර. ඔහුට වයස අවුරුදු පහළොවක්.

පොඩිපුතා

සන්දේශ් කාලිංග. එයාට වයස දොළහක්. ඔවුන් පාසල් යන්නේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයටයි.

යළිත්

රංගනයට පිවිසීමටයි මා අදහස් කරගෙන ඉන්නේ.

නිර්මාණවලට

කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ මෙගා ටෙලි නාට්‍යවලටයි.

ඒත්

ඒ නිර්මාණවලට දායක විය නොහැක්කේ අපේ ආයතනයේ වැඩත්, නිවෙසේ වැඩත් නිසයි. පුතාලාගේ අධ්‍යාපන කටයුතුත් සමඟ මා කාර්යබහුල වෙනවා.

නිවෙසේ

සියලු කටයුතු කරන්නේ මමයි. උදෙන්ම නැඟිටලා ඒ කටයුතු සියලු දේ කරලා අවසන් වෙලා උදේ හත වනවිට කාර්යාලයටත් එනවා.

රැකියාව

ඇඳුම් නිර්මාණ ශිල්පය ඇතුළු ජුවලරි තිබෙන ආයතනය අපේමයි. එවිට දිගින් දිගටම දින විසිහයක කාලයක් රඟපාන කටයුතු සඳහා වෙන් කිරීමට කාලය සොයා ගන්න මට අපහසුයි.

සමහර විට

පුතාලාගේ නිවාඩු කාලයේදි නම් විවේකය තිබෙනවා.

මේ නිසා

මෙගා නැතිව වෙනත් නිර්මාණයකට නම් දායක විය හැකියි. වෙළෙඳ දැන්වීම්වල නම් රඟපානවා.

ළඟදීම

මා රඟපෑ තාක්ෂණය හඳුන්වාදෙන වෙළෙඳ දැන්වීමක රඟපෑවා. එය ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකියි.

සැමියා

සිසිර අමරබන්දුගෙන් රඟපෑමට කිසිම බාධාවක් නැහැ.

ඔහුව

මට මුණ ගැසෙන්නේ සිරස රූපවාහිනියෙන් කළ ‘ෆැන්ටසි ඇවනිව්’ කියන ටෙලි සිත්තමේදී. මා රඟපාන විට සිසිර ඒ ටෙලි නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළා.

ඔබ

පවුලේ එකම දරුවා. ඒ නිසා අම්මාත්, තාත්තාත් සොයා බලනවා වැඩියි. මුලින් ම මා අපේ ආදර සම්බන්ධය ගැන කිව්වේ අම්මාටයි.

ඊට පස්සේ

අම්මා මට කිව්වේ තාත්තාට කියන්න කියලා. තාත්තා සිසිරගේ පවුලේ අය හමුවිය යුතු යැයි පැවසුවා.

ඊළඟට

ඒ අය අපේ ගෙදර ආවා. තාත්තාගේ කැමැත්ත ලැබුණා.

ඔහුටත්

ගයන්න හැකියි. ඇඳුම් නිරූපණ ශිල්පයට අමතරව මේ දවස්වල ඔහු අලුත්ම ගීතයක් පටිගත කිරීම සඳහා සූදානම් වෙනවා.

පුතාලා

ලොකුපුතා ගිටාර් එක වයන්න කැමැතියි. පොඩිපුතා පියානෝ වයනවා. ඔහුට චිත්‍ර අඳීන්නත් පුළුවන්. ගයන්නත් හැකියි.

ඔබ රඟපානවාට

දෙන්නාම කැමැතියි. ඔවුන් පවසන්නේ අනේ අම්මේ, රඟපාන්න කෝ කියලා.

මේ සූදානම

සිසිරගේ ගම හඟුරන්කෙතට යන්නටයි.

හදිසියේම

අපි කොහොමත් ඉඳලා හිටලා සිසිරගේ ගමේ යනවා. මේ දවස්වල එහි තිබෙන කුඹුරුවල පැළ හිටුවනවා. එහි කටයුතු සඳහායි යන්නේ.

ඒ කටයුතු

සිසිර කොළඹ සිටියත් අමතක කළේ නැහැ.

මේ ගමනට

පුතාලා දෙන්නාත් එකතු වෙනවා.

ඔවුන්

ඒ ගමනට බොහොම කැමැතියි. එහේ මේ වගේ හිරවෙලා නැහැ. සිතූ අයුරින් දුවන්න පනින්න ඔවුන්ට පුළුවන්. වෙල්වල ඇවිදින්න, මාළු අල්ලන දඟ වැඩ කරන්න කාගෙන් නම් තහනමක්ද?

තවමත් ඔබ

ලස්සනයි කියලද කියන්නේ.

එහෙම වෙන්නේ

විශේෂ දෙයක් කරන්නේ නැහැ. කෑම බීම ටිකක් හිතලයි ගන්නේ. පලතුරු කනවා. සැලොන් නම් යන්නේ නැහැ. බොහොම සතුටින් සැහැල්ලුවෙන් සරලව ජීවිතය ගෙවනවා.