මේ නම් හොඳ වැඩක්
මේ නම් හොඳ වැඩක්
 
අප රටේ තිබෙන සිනමා ශාලා බහුතරයක් මේ වන විට වැසී ගිහින්. ඒ වගේම ඇතැම් සිනමා ශාලා
ගරා වැටිලා. ඒවත් කොයි මොහොතක හෝ වැහිලා යයිද දන්නේ නැහැ. අප සිනමාකරුවන් නිතර නඟන
මැසිවිල්ල තමයි සිනමා ශාලා අපෙන් ඉවත් වෙනවා කියන එක. එහෙම කාලෙක වැහිලා ගිය සිනමා
ශාලා ලහි ලහියේ අලුත්වැඩියා කරනවා දෙන්නෙක්. ඔවුන්ගේ ජීවිතය සිනමාව හා සමානයි. ඒකනෙ
සිනමා ශාලා නව්‍යකරණය කරන්න මෙතරම් උනන්දු වන්නේ. ඉන් එක් අයෙක් තමයි චිත්‍රපට
අධ්‍යක්ෂ සුරංග ද අල්විස්. අනෙක් කෙනා සිනමා නළු, නිෂ්පාදක සහ අධ්‍යක්ෂ අර්ජුන්
කමලනාත්. මේ දෙන්නා එකතු වෙලා වාද්දුවේ වින්ස් සිනමා හල නව්‍යකරණය කරලා යළි විවෘත
කළා. මේ දිනවල තවත් එවන් වූ සිනමාහල් දෙකක් අලුත්වැඩියා කරනවාලු. දිගින් දිගටම මේ
අන්දමින් චිත්‍රපට ශාලා අලුත්වැඩියා කිරීමයි ඔවුන්ගේ අරමුණ. එක් සිනමාහලක්
වලස්මුල්ලේ රෙජිනා. අනික පිළියන්දල දයා සෙවන.
|