|
Editor’s Cutබොරු උප්පැන්න ලියා ගත් මහලු රූ රැජන
බැරිම තැන බොම්බායේ ගණිකා මඩමකින් හෝ තරුණියක් සොයා ගිය පාල්කේට කවර තත්වයක් යටතේ හෝ සිනමා නිළියක් ලෙස අවමන් විඳීන්නට කමැති ගැහැනියක් ලැබුණේ නැත. එබැවින් පාල්කේට නිළියක සොයා ගන්නට හැකිවූයේ සිය දෙවැනි චිත්‍රපටය වන මෝහිණි භෂ්මසූර් චිත්‍රපටය සඳහාය.ඒ කමලාබායි කමත්ය. ඉන් පසු චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කරන්නට කමලාබායි සමත් වූ අතර එයින් පසු ඉන්දියානු සිනමාවේ නිළි පරපුර ඇරඹිණ.කමලා බායි පමණක් නොව ඉහළයැයි සම්මත පවුලකින් මුල් වරට සිනමාවට පිවිස එමෙන්ම සිය සැමියා හා එක්ව වර්තමාන බොලිවුඩ් සිනමා ලෝකයට පුරෝගාමී වූ බොම්බේ ටෝකිස් ගොඩ නැගූ දේවිකා රාණී ගැන වුව ඉන්දියානුවන්ගේ සැලකිල්ල එපමණය.රාජ් කපූර් වැනි සිනමා දැවැන්තයන් මොහමඩ් රාෆි,කිෂෝර් කුමාර් වැන්නන්ට ද අද ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන් අත් කර දී ඇති ඉරණම එයයි.එයට හේතුව කුමක්ද ? අතීතය සමරමින් සිටිනවාට වඩා අනාගතය වෙනුවෙන් කරන්නට ඉන්දියානු සිනමාවට වැඩ ඇත. අතීතයේ අභිමානය ගැන කයිවාරු ගසන්නා කිසිවිටෙකත් වර්තමානයේ ජීවත් වන්නක් නොවේ.ඔහුට අනාගතයක් ඇත්තේම නැත.ඉන්දියානු සිනමාව මේ කාරණය හොඳීන් දන්නේය.ඉන්දියානුවන් සිව් වසරකට පෙර ඉන්දියානු සිනමාවේ සියවස සැමරූහ.එහෙත් එක සිය එක ඔවුන්ට සාමාන්‍ය වර්ෂයකි. අපේ සිනමාවේ මුල්ම කතානාද චිත්‍රපටය තිර ගත කළ ජනවාරි 21 වැනි දින සිංහල සිනමාවේ උප්පත්තිය ලෙස සලකා කටයුතු කරති.එයට එකම හේතුව කඩවුණු පොරොන්දුව තිර ගත කරන ලද්දේ එදින ලෙස ඉතිහාස ගත ව ඇති නිසාය.මැයි පළමු වැනිදාට කම්කරුවන් කරපිටින් ගෙන ගොස් ඉන් පසු ඉතිරි දින තුන්සිය හැට හතරම උන් කරමතින් යන්නා සේ ජනවාරි 21 වැනි දිනට අපේ සිනමාවේ අතීත පම්පෝරිය එළි දක්වති.ඉතිරි දින හූල්ලා වැටෙති.කෙසේ වෙතත් සිංහල සිනමා ඉතිහාසයේ වැදගත් කාරණා කිහිපයක්ම ජනවාරි 21 වැනි දිනට යෙදීම විශේෂයකි. ලාංකික චිත්‍රපටයක් මුල් වරට ජාත්‍යන්තර සිනමා උළෙලක ජයග්‍රහණය ලබනුයේ ද ජනවාරි 21 වැනි දිනකය.ඒ තුන් වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම චිත්‍රපටය ලෙස 1965 වසරේ ගම් පෙරළිය සම්මාන දිනා ගැනීමය.මෙරට සිනමා කෙෂත්‍රෙය් එවකට බහුතරයේ අභිලාෂය පරිදි සිනමා කර්මාන්තයේ ව්‍යුහ පරිපාලනය සඳහා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවාලනු ලබනුයේ ජනවාරි 21 වැනි දිනය.ඒ 1972 වසෙර්ය.මෙරට මුල් වරට සිනමා නිළියක හොඳම නිළිය ලෙස ජාත්‍යන්තර බුහුමානයට පාත්‍රවනුයේ ද ජනවාරි 21 වැනි දිනකය.ඒ 1986 වසරේ දී ඉන්දියානු සිනමා උලෙළෙ දී අනෝජා වීරසිංහ හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය මල්දෙනියේ සිමියොන් චිත්‍රපටය උදෙසා දිනා ගැනීමය. මුල්ම කථානාද චිත්‍රපටය තිර ගත කළ දිනය ලෙස සලකනවා විනා සැබැවින්ම ජනවාරි 21 වැනි දින අපේ සිනමාවේ ජන්ම දිනය ලෙස සැලකිම ගජබින්නයකි.නැතහොත් එහි වයස අඩු කර දැක්වීමකි.1947 වන විට ලෝක සිනමාව දිග් විජය කොට අවසන්ය. සැමවිටම අලුතින් යමක් කිරීමේ සිතුවිල්ලෙන් සිටි ව්‍යාපාරිකයෙකු නිසා කඩවුණු පොරොන්දුව බිහි විණ.ඒ මෙරට ස්වදේශී නමින් සබන් විලවුන් ගිනි පෙට්ටි ප්ලාස්ටික්,ඇතුලු බොහෝ කර්මාන්ත ගොඩ නැගීමේ පුරෝගාමියකු වු එස්.එම්.නායගම් ගේ උත්සාහය නිසාය. ඉන්දීය සම්භවයකින් යුක්ත නමුත් මෙරට උපත ලැබ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නායගම් එහි ලා වෙහෙස විය.කඩවුණු පොරොන්දුව බිහිවනුයේ ද ඉන්දියාවේ මදුරෙයි නගරයේ පිහිටි ඔහුට අයත් කුඩා චිත්‍රාගාරයකය.
එහෙත් මේ සියලු යටගියාව තවත් ඉතිහාසයක් වළ දමන්නේය..එය හරියට මහාවංශය හරහා පමණක් අපේ ඉතිහාසය ආරම්භ කරන්නක් වැනිය.මහාවංශයේ වර්තමාන පරිච්ඡේදය තුළ මුල්ම සිංහල චිත්‍රපටය තිර ගත කළ දවස සියල්ලට වඩා වැරදිය.එහි හැටියට මුල්ම චිත්‍රපටය තිර ගත කළ දිනය සිදු වනුයේ 1952 වසෙර්ය. මෙරට සිනමා ඉතිහාසය නිවැරදිව ලියන්නෙකුට මුල්ම ඵෙතිහාසික සාධකය ලැබෙන්නේ චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබදවය.කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්මික දිසානායක විසින් පෙන්වා දෙන පරිදි මෙරට මුල්ම චිත්‍රපට ප්‍රදර්ශනය සහ ඉන්දියාවේ චිත්‍රපට ප්‍රදර්ශනය අතර ඇත්තේ මාස කිහිපයක පරතරයකි.මේ රටවල් දෙකෙහිම චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පුරෝගාමීි වනුයේ සිනමාව ලොවට දායාද කළ ප්‍රංශයේ ලුමියේ සහෝදරයන්ගේ නියෝජිත මොරිස් සේස්ටිසර්ය. ඒ 1897 වසර තරම් ඇතකය.එයින් තවත් ටික දිනකට පසු 1898 ජනවාරි 8 වැනි දින කොළඹ ඉබ්බන්වල හන්දියේ පිහිටි පබ්ලික් හෝල් ශාලාවේ කාල් හර්ට්ස් නම් මැජික් ශිල්පියා චිත්‍රපට ප්‍රදර්ශනයක් එළි දක්වා තිබිණ. එයින් පසු මෙරට බොහෝ සිනමා සමාගම් හා සංචාරක සිනමා ප්‍රදර්ශකයන් සිය ව්‍යාපාර අරඹන ලදී. 1907 තරම් ඈත ලංකාව පිළිබඳ තැනුණු වාර්තා චිත්‍රපට දර්ශන කිහිපයක් අමෙරිකාවේ ස්මිත් සෝනියන් කෞතුකාගරයේ තැන්පත්ව ඇත.මේ කාරණා වඩා වැදගත් වනුයේ නිවැරදි ඉතිහාසය සොයා යන්නටය.1910 වසර වන විට ඉන්දියාවේ දැවැන්ත සිනමා සමාගම ව පැවැති මදාන් සහෝදර සිනමා සමාගම ලංකාවේ සිනමා ව්‍යාපාරය ආරම්භ කරනු ලබන අතර 1936 වසර වන තෙක් මෙරට සිනමා ශාලා ඉදිකිරීමෙන් ද චිත්‍රපට ආනයනය සහ බෙදාහැරීමෙන් ද මදාන් සමාගම මඟින් පුරෝගාමි මෙහෙවරක් කළහ.ඉබ්බන්වල ට නුදුරුව තිබුණු පබ්ලික් හෝල් ශලාව ස්ථාවර සිනමාහලක් බවට පරිවර්තනය කළ මදාන් වරු එමගින් ලංකාවේ මුල්ම ස්ථාවර සිනමාහල එම්පයර් නමින් ගොඩ නැංවූහ.ඔවුන් විසින් ඉදි කරන ලද සිනමාහල් අතරින් තවමත් ඉතිරිව ඇත්තේ මරදාකේ එල්ෆින්ස්ටන් ශාලාව පමණී. කෙසේ වුවද අපේ සිනමාවේ මුල්ම නිෂ්පාදනය ලෙස ගිණිය හැක්කේ 1925 වසරේදී නිර්මාණය වූ ශාන්තා හෙවත් රාජකීය වික්‍රමයයි.ඒ වන විට මෙරට සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මෙන්ම සැබැවින්ම ලංකික සිනමාවේ පියා ලෙස අර්ථ දැක්විය හැකි ටී.ඒ.ජේ.නූර්බායි නම් බෝරා ජාතිකයා එහි නිෂ්පාදක විය.නූර්බායි මෙරට මුල්ම සිනමා ප්‍රදර්ශන ශාලාව වන කොළඹ මල්වත්ත පාරේ පිහිටි ලන්ඩන් බයිස්කෝප් සිනමා ශලාවේ ද හිමිකරු විය. පසු කලක ඔහු කොළඹ වැල්ලවත්තේ ට්‍රිවෝලි සිනමාහල ඉදි කළ්ය.එමෙන්ම මරදාන නිව් ඔලිම්පියා සිනමාහල සඳහා ද ඔහු පුරෝගාමි විය. නූර්බායි චිත්‍රපට තිර ගත කරවන ලද්දේ මදාන් චිත්‍රපට සමාගම හරහාය. මදාන් ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා චිත්‍රපට ආනයනය බෙදාහැරිම ප්‍රදර්ශනයේ ඒකාධිකාරය දැරුවේය.එකල ඉන්දියානු සිනමා ඉතිහාසය පිරික්සන්නෙකුට මදාන් වැනි සමාගමක ඒකාධිකාරය කවරෙක්ද යත් ඔවුන්ගෙන් බැහැරව චිත්‍රපට මිලයට ගැනීමට හැකියාවක් නොතිබුණ වග පෙනී යන කරුණක් වෙයි.රාජකීය වික්‍රමය අධ්‍යක්ෂණය කරනු ලබනුයේ ගුප්තා නම් සිනමාකරුවෙකි.එහි ප්‍රධාන චරිතය රඟපානුයේ පසුකලක මෙරට කීර්තිමත් දේශපාලඥයකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරා ය.
රාජකීය වික්‍රමය ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කළා නම් ප්‍රදර්ශනය කළ හැකි වනුයේ මදාන් හරහාය.එයට හේතුව සිංගප්පූරුව දක්වාම මදාන් අධිරාජ්‍යය පැවැති නිසාය. මදාන් තිර ගත කරන ලද රෝයල් ඇඩ්වෙන්චර් අපේ රාජකීය වික්‍රමය විනා වෙනත් චිත්‍රපටයක් නොවන වග උපකල්පන කිරීම කිසිසේත් වරදක් නොවේ.එමෙන්ම 1925 වසර අවසානයේ කල්කටාවේ මදාන් සිනමා චිත්‍රාගාරය සහමුලින්ම ගින්නට හසුවූයේ එහි තිබුණ චිත්‍රපට රාශියක් දවා හළු කරමිනි. මේ අවදියේ චිත්‍රපට සදහා භාවිතා කළ රසායන ද්‍රව්‍ය ඉක්මනින් ගිනි ඇවිලෙන සුළු ඒවා විය.රාජකීය වික්‍රමය මෙරට ප්‍රදර්ශනය නොවුණ ද නූර්බායි දේශිය සිනමා කර්මාන්තයෙන් මිය යන තුරුම සමුගත්තේ නැත.1928 වසරේ දී යාපනයේ ඉංග්‍රිසි ගුරුවරයකු වන ච්ත්තම්පලම් ඒ.ගාඩිනර් විසින් පිහිටු වනු ලබන සිලෝන් තියටර්ස් සමාගමේ එක් කොටස් කරු වකු වනුයේ නූර්බායි ය. නූර්බායි එහි මුල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වෙයි. ඉන් අනතුරුව 1936 වසරේ මැයි මස 19 වැනි දින මුල්ම ලාංකික චිත්‍රපටය කොටහේනේ එවකට පැවැති ගෙයිටි සිනමාහලේ තිර ගත වෙයි.ඒ ටවර් හෝල් සංගීතඥයකු වන දොන් එඩ්වඩ් විසින් නිර්මාණය කරන ලද පළිගැනීම චිත්‍රපටයයි.පළිගැනීම දීර්ඝ වෘතාන්තයක් නොවීය.එහි මුළු ධාවන කාලය රීල තුනකට සීමා විය.සාමාන්‍ය සම්මතය අනුව එය කෙටි චිත්‍රපටයකි.ඒ වන විටත් ලෝකයේ චිත්‍රපට වෘත්තාතයක ධාවන කාල සම්මුතියක් ඇති වෙමින් පැවතිණ.එහෙත් ලෝකයේ කවර රටක හෝ ආරම්භක චිත්‍රපට සඳහා එය වලංගු නොවිණ.පළිගැනීම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ එන්.ආර්.ඩයස් සහ රූපාවතීය.ඩයස් මෙරට නිහඩ සිනමාව සහ කථානාද සිනමාව යාකළ එකම නළුවා විය.ඔහුගේ වඩාත් කැපී පෙනෙන රංගනයක් වූයේ රේඛාව චිත්‍රපටයේ සූටි මහත්තයා ලෙස කළ චරිත නිරූපණයයි.එඩ්වඩ් ගේ පළිගැනීම චිත්‍රපටය ප්‍රචණ්ඩ චිත්‍රපටයක් යැයි එවකට බලධාරීන් කරුණු දැක්වීම අනුව එදවස පලකයන් විසින් චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවීය.අනතරුව එය එම කාලයේම ආනන්ද මහා විදුහලේ පැවැති ප්‍රදර්ශනයක දී තිර ගත කොට ඇත.චිත්‍රපටය සම්බන්ධ සිදු වූ කළකිරීම සහ පාඩුව එඩ්වඩ්ට දැඩිව දැනිණ.පසුකලක ඔහු ලංකාවේ චිත්‍රාගාරයක තැනුණ මුල්ම චිත්‍රපටය වන බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ රඟපාන්නට තෝරා ගැනිණ.එහෙත් එය අතරතුර කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරායේ දී ම ඇති වූ හෘදයාබාධයකින් ඔහු අභාවප්‍රාප්ත විය. 1947 ජනවාරි 21 වැනි දින ගැන කතාකරන්නට සිදුවනුයේ මේ කාරණා අමතක කරමින් නොවේ.මේ ලිපියේ ආරම්භයේ එහි මැයට යොදන ලද්දේ බොරු උප්පැන්න යනුවෙන් යෙදීමෙන් අදහස් කරන ලද්දේ එම කාරණයයි.රාජකීය වික්‍රමයට අනුව ලාංකික සිනමාව මේ වසරේ සැමරිය යුත්තේ 71 වසර නොව 93 වසරයි.එයට මහලු රූ රැජනකැයි යෙදුවේ තවත් කාරණයක් අනුවය.ඇත්තටම ලාංකික සිනමාව ඉන්දියානු සිනමාවට වඩා රූ රැජනක ව සිටියාය.ඒ හැට-හැත්තෑව දශකයන්ගේය.1957 වසරෙන් ඇරඹෙන සිංහල සිනමාවේ දෙවැනි දශකය මෙන්ම 1976 වසරේ අවසන් වන තෙවැනි දශකය කාලය ඇතුළත ලාංකික සිනමාවේ ක්‍රියාකාරීත්වය සැලකීමේ දී එය මැනවින් පැහැදිලි වෙයි.ඉතා ඉහළ ගණයේ විජයා-ලංකා වැනි චිත්‍රාගාර, අධි සුඛෝපභෝගි සිනමා ශලා ඉදිවන්නේ මේ සමයේය.සිනමා සමාජ හරහා විශ්ව විද්‍යාල මෙන්ම වැඩ බිම් වල, සාමාන්‍ය ගම්මාන වල පවා සිනමාව ගැන උනන්දුවක් ඇති වෙයි. විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම පාසල් සිසුන් ද ප්‍රායෝගිකව සිනමාකරණය අත්හදා බැලූහ. අලුත් ජනප්‍රිය සිනමා තරු හා සංකල්ප සිනමාකරුවන් බිහිවනුයේ මේ කාලයේය. සිනමාව පිළිබඳ ප්‍රකාශන තොග වශයෙන් බිහිවිණ. මෙම ප්‍රෙබෝධය කලාත්මක සිනමා වේ සිට ප්‍රධාන ප්‍රවාහය දක්වා එක ලෙස දැක ගත හැකි ලකුණකි.එමෙන්ම ඉන්දියානු සිනමාකරුවන් අපේ සිනමාවෙන් සමුගන්නා අතර සම්පූර්ණ ලාංකික සිනමාවක් බිහිවනුයේ මේ කාලයේය.අතිශය ජනප්‍රිය දෙමළ ඉංග්‍රිසි හින්දි භාෂා වලින් තැනෙන චිත්‍රපට අබිබවා සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නේ මේ අවදියේය.හැත්තැව දශකයේ මුල් භාගයේ වන විට එනම් චිත්‍රපට සංස්ථාව බිහි වූ පසු විදෙස් චිත්‍රපට ආනයනය දුර්මුඛ වූ අතර ඒ වන විට මෙරට පැවැති එකම ප්‍රධාන විනොදාස්වාද මාධ්‍යය වූයේ සිංහල සිනමාව විය.
ලංකික සිනමාව හා බැඳුණු කිසිදු සිදුවීමක් ලෝක සිනමාවේ සිදුවීම් වලින් ව්‍යුක්ත වන්නක් නොවේ.එයට හේතුව ලංකාව යනු ලෝකයේ කොටසක් විමය. සිනමාව පිළිබඳ අප විසින් අද අත්දකින සියලු අර්බුද කරුණු කාරණා සියල්ල ලෝකයේ සෙසු රටවල් අපට කලින් විඳ ගත්හ.ඒවාට ප්‍රතිකර්ම යෙදූහ.එහෙත් පසුකලක ලංකික සිනමාව තීන්දු තීරණ ගත්තේ සංස්ථාව හා එහි රැකියා ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක් ලෙස සලකා විනා සමස්ත සිනමා කර්මාන්තය දෙස සැලකිමෙන් නොවේ.සිනමාවේ වඩාත්ම වැදගත් තැනැත්තා ප්‍රේක්ෂකයා යන්න සහමුලින්ම අමතක විය.සිනමාවට මුල්ම ගැටලුව වූයේ දිනෙන් දින ප්‍රේක්ෂකයන් සිනමාහල් වලට පැමිනීම අඩුවීමය.එහෙත් ඔවුන් චිත්‍රපට නැරඹීම වෙනත් මාධ්‍ය හරහා දෙගුණ තෙගුණ කළහ.දෘශ්‍යමාන සිනමා වෙළඳ පෙළට වඩා අදෘශ්‍යමාන වෙළද පොළ වර්ධනය විය.1972 වසරේ සංස්ථාව බිහි වන විටත් මෙරට ටෙලිවිෂන් ව්‍යපෘතින් සඳහා ඉල්ලීම් කර තිබිණ.ඒ 1969 තරම් ඈතකය.එහෙත් එයට එවකට බළධාරින්ගෙන් ඉඩ කොලැබිණ. ඒ වන වට ලෝකය පුරා ටෙලිවිෂන් සංස්කෘතියක් ගොඩ නැගුන අතර හොලිවුඩ් වල පවා සිනමා සමාගම් ටෙලිවිෂන් කර්මාන්තය මගින් ඩැහැ ගෙන තිබිණ.වසර ගණනාවක් ගත් වද්දී සිනමාව සඳහා විසදුම් ද සොයා ගෙන තිබිණ.1979 වන විට මෙරට විවෘත ආර්ථිකයත් සමඟ සාමාන්‍ය සිනමා රසිකයන්ගේ විනෝද්ස්වාදී මාධ්‍ය පුළුල් වත්ම සම්මත සිනමාව අර්බුදයට ලක් විය.අනිවාර්යනේම තිර ගත කෙරෙනු ඇතැයි යන සහතිකය නිසා තැණුනු බොහො දේශිය චිත්‍රපට යල් පැන ගියේය.පසුගිය දශක කිහිපය ඇතුළත දේශිය චිත්‍රපට සඳහා ඇබ්බැහි වුන පේක්ෂක පිරිස අඩු වන්නට පටන් ගත්තේය.එහි ස්වර්ණමය යුගයේ ගොඩ නැංවුනු සිනමා වට ඇබ්බැහිවූවන් නැතහොත් ආදරණීය බයිස්කෝප් පිස්සෝ දැන් වැඩිමහල්ලන් ව සිටිති. සිනමාවේ ඩිජිටල් විප්ලවය හරහා චිත්‍රපට නිර්මාණය කොල්ලන් අතට පෑන් පැන්සල් ගාණට පත් විය.මේ සිනමාව පිළිබඳ නිවැරදි අවබෝධයක් කර මතට එන තුරු අපේ සිනමාවේ සමහරු දැන සිටියේ නැත.අද වන විට ද චිත්‍රපට ශාලා රාශියක් තවමත් පැරණි චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රම භාවිතා කරති. අලුත් සිනමාවේ සම්මත ප්‍රක්ෂේපණ ය පිළිබඳ තවමත් විවාද සහිතය.අපේ සිනමා රූ රැජන තවමත් තිරිහන් කළ හැක.එය නොනැසෙන රැජනක් වන්නට නම් සිනමාව පිළිබඳ ඇති තරුණ පිබිදීම කළමනාකරණය කරන්නට සියල්ල සමත් විය යුතුය.එයින් අදහස් කරනුයේ චිත්‍රපට නාමයෙන් හැදෙන සියල්ලම තිර ගත කරවීම නොවේ.අතීත කාමය සීල් කොට අලුත් ජවාධික තරුණ සිනමාවට දොර ඇරීමෙනි.මියුසික් වීඩියෝව ද ඇතැම් ටෙලි නට්‍ය ද දැන්වීම් කලාව ද අපේ සිනමාවට වඩා තරුණ වෙමින් පවතී.සිනමාවේ දොර යතුර සමාජ ජාලා අතට පත්වෙමින් පවතී.එසේ නම්හැත්තෑ දෙක සැමරීම නොව හැත්තෑ පහට ඉලක්කයක් හදන්නට සූදානම් විය යුතුය.
|