|
පෝය වැඩසටහන් කළාට මට සිල් ගන්න බැරි වුණා
අමිල ජයසූරියස්වාධීන රූපවාහිනියේ පෝදා වැඩ සටහනෙන් මේ සොඳුරු යෞවනය ඔබේ නිවසට ගොඩ වෙයි. වසර ගණනාවක් නිවේදකයකු ලෙසට අත්දැකීම් ලත් හෙතෙම වැඩිපුරම මෙහෙයවා ඇත්තේ ආගමික වැඩසටහන් වීම විශේෂත්වයකි. අමිල ජයසූරිය. නම මෙන්ම ඔහු ද ස්වාධීන රූපවාහිනියට අමිල චරිතයකි.
පුංචි කාලේ පටන් මාධ්‍යයට එකතු වෙන්න හීන මැව්වා. ඒ ඔස්සේ මං මුතුහර රූපවාහිනී ළමා සමාජයට එකතු වුණා. කාලයක් ඊට බැඳිලා වැඩ කටයුතු කළා. මම කැම්පස් තේරුණා. එතෙක් මා නාලිකා දෙකක පමණ වැඩ සටහන් මෙහෙය වුවා. කැම්පස් යනවා එක්ක ඒ සියල්ලගෙන් ඈත් වුණා. * ඊට පසුව ඔබ ස්වාධීන රූපවාහිනියට එකතුවනවා? ඔව්. පහන් දොර සඟරාව ඇතුළු අයි. ටී. එන්. එකේ උදා විකාශයට මං එකතු වුණා. කොෆී ටේබල් ආදී සාකච්ඡා වැඩසටහන් බොහොමයක් මෙහෙය වූවා. * මේ වන විට ඔබ වැඩිපුරම මෙහෙය වන්නේ ආගමික වැඩ සටහන්? සිප්මංසල, පෝදා වැඩ සටහන යන ආගමික වැඩසටහන් මෙහෙය වන්නේ මං. සමහරු කියනවා පෝයට ටී වී එක දාන්න බැහැ මං ඉන්නවා කියලා. * ඇයි ආගමික අංශයට වඩාත් යොමු වුණේ? කවදාවත් මං හිතලා ඒ වැඩසටහන්වලට යොමු වුණේ නැහැ. ඒක ඉබේම සිද්ධ වූ දෙයක්. ආගමික වැඩසටහනක් කිව්වාම ගොඩක් නිෂ්පාදකවරුන්ට මතක් වෙන්නේ මාව. * මා දැන් අහන්නට හදන්නේ බයෙන් ගැහි ගැහී ගංගාරාමයේ නවම් පෙරහැර පිළිබඳ නිවේදන කටයුතු කළ මොහොත ගැන? එදා මට තිබුණේ පෙරහැර ගැන සජීවී නිවේදනයක යෙදෙන්න. පෙරහැර වඩාත් හොඳින් දැක බලාගන්න හිතාගෙන මං එය ගමන් කරන මාර්ගය ළඟටම ගියා. ඔන්න දැන් කසකාරයෝ එනවා පේනවා. මට දැන් හිතෙනවා ඒ පැත්ත දිහා බලාගෙන ඉද්දී මගේ ළඟින්ම තමයි කසකාරයෝ යන්නේ කියලා. මට අයිනට වෙන්නත් බැහැ. එවෙලේ මං බොහොම බයෙන් නිවේදන කටයුතු කළා. කසයක් ඔන්න වදියි මෙන්න වදියි කියලා හිතුණත් මගේ වාසනාවට එහෙම වුණේ නැහැ. * සාමාන්‍යයෙන් බොහෝ දෙනක් පෝය දවස්වල ඉන්නේ ගෙදර. නමුත් ඔබ පෝයට ගෙදර හිටපු දවසක් පිළිබඳ මතකයක් ඇත්තෙම නැහැ නේද? කිව්වට විශ්වාස කරන්න අවුරුදු පහළොවකින් එක් පෝයකටවත් මං ගෙදර ඉඳලා නැහැ. අවුරුදු පහළොවක් තිස්සේ පොහොය වැඩසටහන් ඉදිරිපත් කරනවානෙ. * සමහරු කියනවා ඔබ පෝය වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙ හරියට සිල් අරගෙන වගෙයි කියලා? පෝය වැඩ සටහන් කරන්න ගියාට කවදාවත් සිල් අරගන්න ලැබිලා නැහැ. නමුත් සංයමයෙන් නිවේදන කටයුතු කරන නිසා ඇතැම් අයට හිතෙනවා ඇති මං සිල් අරගෙන එනවුසිං කරන්නේ කියලා. * මිත්‍ර සමාගමේදී ඔබගේ ඒ සංයමය බිඳෙනවා කියන්නේ ඇත්තද?
* ඔබට හිතෙන්නේ නැති ද ඔබ එක්තරා රාමුවක කොටු වෙලා කියලා? ඔව්. ඒක මම පිළිගන්නවා. ඒ කොටුවීමට මම කැමැතියි. ඒ මං එතැනට ගැළපෙන නිසා. මං එක අතකින් වාසනාවන්තයි. ඇයි දන්නවද එහෙම කියන්නේ කියලා, චාර්ට් ෂෝ එකක් කරන අයකුට ඒක කරන්න පුළුවන් එක්තරා කාල සීමාවකදී විතරයි. ප්‍රවෘත්ති කියන අයටත් එහෙමයි. නමුත් මට එහෙම නැහැ. වයසට යනකම් වුණත් මට පුළුවන් ආගමික වැඩසටහන් මෙහෙයවන්න. * ඔබට කඩවසම් රුවක් ලැබිලා තියෙනවා. ඉන් ප්‍රයෝජන ගෙන රංගනයට එන්න අදහසක් නැතිද? මට රංගනයට ආරාධනා ලැබුණා. මං ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළා. මට හිතෙනවා මං දක්ෂ නිවේදනයට පමණයි කියලා. දන්න දේ කරගෙන හිටියොත් හොඳයිනේ. * ඔබේ ගම මතක් කළොත්? පානදුර. * ඉගෙන ගත්තු පාසල? හොරණ තක්ෂිලා විද්‍යාලය. * පවුලේ විස්තර? අම්මයි අයියලා දෙන්නයි. * අමිලගේ හිත නැවතුණ කෙනෙක් එහෙම ඉන්නවද? තවම නැහැ. මේ වෙන තෙක් පෙම් බැන්දෙ නිවේදනයට පමණයි. |