දෙදෙනාම රෝගීවෙලා
දෙදෙනාම රෝගීවෙලා

කලාකරුවන් දෙදෙනෙකු හදිසි ආපදා තත්ත්වයන්ට ලක්ව නිවසට වී ප්‍රතිකාර ගන්නා වග අපට
වාර්තා වුණා. ඒ අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක සහ නළු සුසිල් පෙරේරායි. සෝමරත්න නොසිතූ
විරූ කරදරයකට මුහුණ දීලා. අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඔහු තම නිවසේ වහලය මතට
නැගලා එහිදි පය ලිස්සා සෝමරත්නව බිමට වැටිලා. මේ වන වි ට ඔහු නිවෙසට වෙලා කාලය ගත
කරනවලු. සුසිල්ට තම දණහිසේ අමාරුවක් වෙනුවෙන් ඔපරේෂන් එකක් කරන්නට සිදු වෙලා. මේ වන
විට ඔහුගේ රෝගී තත්ත්වය සුව වෙමින් පවතිනවලු. මේ දෙපොළට අප ඉක්මන් සුවය පතනවා.
|