වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රියාපාල වගේ

ශ්‍රියාපාල වගේ

බොහෝ කලාකරුවන්ට මාධ්‍ය ඕන වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවලදී පමණයි. ඒ අය ගැන පිටු ගණන් පත්තරවල පළ වුණායින් පසුව ඇතැම් අය ස්තූති කියන්නවත් පෙළඹෙන්නේ නැහැ. මෙවන් වූ පිරිස අතරින් නාට්‍යවේදී කලාභූෂණ ඊ. ඩී. ශ්‍රියාපාල වෙනස්ම චරිතයක් කියලා කියන්න පුළුවන්. අතින් කයිට් කරගෙන හරි තම මිතුරන්ට උදවු කරන අයකු හැටියටත් ඔහු ප්‍රසිද්ධයිනේ. මේ ශ්‍රියාපාල ඉකුත් දිනයකදී මාධ්‍ය ලෝකයේ කිහිප දෙනෙකුම එක් රැස් කළා. අපි හිතුවේ ශ්‍රියාපාලගේ අලුත් නිර්මාණයක් පිළිබඳ කතා කරන්නටයි මෙලෙස ආරාධනා කරන්නේ කියලා. නමුත් සිදු වූයේ ඒක නෙවෙයි. ශ්‍රියාපාලට මෙතෙක් උදව් කළ සියලු දෙනාට පුංචි සංග්‍රහයක් දෙන්නයි ඔහු මෙලෙස අපට කතා කරලා තියෙන්නේ. ඔහු අප හැමෝටම තුති පිදුව ඔහුගේ කලා ගමනට ශක්තියක් වුණාට. මුල අමතක කරන කලාකරුවන් සහ බොහොම ඉක්මනින් මාධ්‍ය අමතක කරන අයට ශ්‍රියාපාල වගේ කලාකරුවන් මහත් වූ ආදර්ශයක්.