|
18-8 A/L සඳහා සැරසෙමුප්රාසංගික කලා ප්රභේදප්රාසංගික කලාව
ඒ අනුව සජීවීව ඉදිරිපත් කෙරෙන සංගීතය, නර්තනය, බැලේ, මුද්‍රා නාට්‍ය, ඔපෙරා ගීත නාටක ආදිය ප්‍රාසංගික කලා ප්‍රභේද වේ. ප්‍රාසංගික කලාවන්ගේ සුවිශේෂ ලක්ෂණ පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය. * ශිල්පියාගේ සිරුර සහ කටහඬ මාධ්‍යවේ. * සජීවි ලෙස ඉදිරිපත් කරන කලාවකි. * නිශ්චිත ස්ථානයක (රංග භූමිය / වේදිකාව) ඉදිරිපත් කරයි. * නිශ්චිත කාලයක ඉදිරිපත් කරයි. ප්‍රේක්ෂක පිරිසක් සිටීම අනිවාර්ය වේ. * සතර අභිනය භාවිතයට ගනියි. * ආනුෂංගික කලා අවශ්‍ය පරිදි බද්ධ කර ගනියි. * ඉදිරිපත් කරන මොහොතේ පමණක් පවතියි (නැටුම, නාට්‍ය). * ගතික බවින් සහ වෙනස් වන සුළු ගුණයෙන් යුක්තය. * ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය ලබාදීම මූලික අරමුණයි. සංගීතය ප්‍රාසංගික කලාක් ලෙසරූපවාහිනියෙන් අප නරඹන හෝ අසන, ගුවන් විදුලියෙන් හෝ CD යන්ත්‍රයකින් අප අසන සංගීතය ප්‍රාසංගික නොවේ. එහෙත් අපි නරඹන සහ ශ්‍රවණය කරන සජීවි සංගීත (ගායන, වාදන) ප්‍රසංගයක් ප්‍රාසංගික වේ. මෙහිදි ඒකල, යුගල හෝ සාමුහික වශයෙන් සංගීතය ඉදිරිපත් කරනු ලබයි. මෙම සජීවී සංගීත ප්‍රසංගයකදී ගායනයේ ප්‍රාසංගික බව වර්ධනය කිරීම උදෙසා නර්තනය හා චලනය යොදා ගනියි. බොහෝ විට ගීතය වර්ණවත් කිරීම සඳහා නර්තන කණ්ඩායමක නර්තනයන් යොදා ගනියි. අලංකාර වස්ත්‍ර, අංග රචනය, ආලෝකය ඇතැම් විට පසුතල නිර්මාණ වැනි ආනුෂංගික කලාවන් භාවිතයට ගනු ලබයි. සජීවී හෝ පටිගත කරන ලද සංගීතයක් සජීවී ගායන ප්‍රසංග සඳහා භාවිතයට ගනු ලබයි. නර්තනය ප්‍රාසංගික කලාවක් ලෙස
සෙසු ප්‍රාසංගික කලා අතර නාට්‍ය කලාව සුවිශේෂී වන්නේ ඇයි? * කථා වස්තුවට මූලික ස්ථානයක් හිමිවීම * කථා වස්තුව තුළ ගැටුම ප්‍රධානම ලක්ෂණයක් විම * සතර අභිනයම භාවිතයට ගැනීම * සංගීතය, නර්තනය, රංග භූමි අලංකරණය, වේෂභූෂණ හා අංග රචනා අර්ථවත්ව යොදා ගැනීම * මිනිස් ජීවිතය වඩා පහසුවෙන් විවරණය කළ හැකි වීම * සෘජු ප්‍රේක්ෂක ප්‍රතිචාර මත සංවර්ධනය වන නම්‍යශීලී කලා මාධ්‍යයක් වීම භරතමුනි නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය කලාවේ විශේෂත්වය දක්වා ඇත්තේ පහත දැක්වන පරිද්දෙනි. "න තජ්ඥානං නතච්ජිල්පංන සා විද්‍යා න සා කලානොසෞ යොහො න තත් කර්මනාට්යෙ ස්මින් යන්න දෘෂ්‍යතෙ'(යම් කිසි ඤාණයක්, ශිල්පියක්, විද්‍යාවක්, කලාවක්, ප්‍රයෝගයක්, ක්‍රියාවක් නාට්‍ය තුළ නොමැති නම් එය 'නාට්‍ය' යන නම දැරීමට සුදුසු නැත)
සෙසු ප්‍රාසංගික කලාබැලේ 16 වන ශත වර්ෂයේදී ඉතාලියේ සහ ප්‍රංශයේ බිහි වී 19 වන ශත වර්ෂය වන විිට ලෝකය පුරා පැතිරී ගිය සම්භාව්‍ය නාට්‍ය විශේෂයකි. බැලේ නාට්‍ය රාජ්‍ය අනුග්‍රහය යටතේ රාජ්‍ය සභා ඇසුරින් විකාශය විය. බැලේ නාට්‍ය යනු බැලේ නම් නර්තන විලාශය භාවිතයෙන් සම්පූර්ණයෙන් කථාවක් ඉදිරිපත් කිරීමයි. මෙම බැලේ නාට්‍යවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් පහත සඳහන් පරිදි හඳුනාගත හැක.
* නාට්‍යාංගනාවන් සහ නර්තන ශිල්පීන් ශාරීරික චලනයේ නම්‍යතවාය මෙන්ම සුමට ලෙස අඟ පසඟ මෙහෙයවිමද දක්නට ලැබේ. * සම්භාව්‍ය සංගීතය ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් ලෙස භාවිතයට ගනු ලබයි. * සංකීර්ණ අභ්‍යාස සහ දීර්ඝකාලීන පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම නාට්‍ය එළිදැක්වේ. * බැලේ නාට්‍ය සඳහා ශිල්පීන් ළමා කාලයේ සිටම පුහුණු කරනු ලබයි. * රංගාලෝක, වේෂභූෂණ, අංග රචනා ආදී ආනුෂංගික අංග විචිත්‍ර ලෙස යොදා ගැනෙයි. උදා: චෛකොව්ස්කිගේ - හංස විල (Swanlake) (2) Nut Cracker (3) Sleeping Beauty (නිදි කුමාරි මුද්‍රා නාට්‍ය මුද්‍රා නාට්‍ය ශ්‍රී ලංකාවේදී ඉඟි නළුව, නෘත්‍ය නාටක යන නම්වලින් ද හැඳින්වේ. පෙරදිග නෘත්‍ය නාට්‍ය පදනම් කරගෙන බිහි වූ නාට්‍ය විශේෂයක් වන අතර බටහිර බැලේ නාට්‍යවලින් ද ආභාසය ලබාගෙන ඇත. මෙම නාට්‍යවල දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ පහත පරිදි වේ. * නර්තනය ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යයයි. * මුද්‍රා නාට්‍යවල ප්‍රකාශන ශක්තිය වර්ධනය කිරීමට පසුබිම් සංගීතය සහ ගායනය භාවිතයට ගනියි. * රංගභූමි අලංකරණ වඩා විචිත්‍රවත් ලෙස යොදා ගනු ලබයි. * උදා: එස් පණීභාරත - දිට්ඨ මංගලිකා චිත්‍රසේන සහ වජිරා - කරදිය, නල දමයන්ති ප්‍රේමකුමාර එපිටවෙල - සැළලිහිණි සංදේශය ඔපෙරා ක්‍රි. ව. 1000 දී ඉතාලියේ පුනරුද යුගයේ බිහි වූ නාට්‍ය විශේෂයකි. 16 වැනි සියවසේ ඉතාලියේ ලෝකයේ ප්‍රථම ඔපෙරා ද්විත්වය ඩැෆිනි (Dafne) සහ යුරිඩිස් (Euridice) ජෙකොපෙ පෙරි (Jacopo Peri) නම් කවියා නිර්මාණය කර ඇත. ඔපෙරා නාට්‍යයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ පහත පරිදි වේ. * ඔපෙරා මෙහෙය වන්නේ ගායනය, වාදනය ප්‍රමුඛ සංගීතයෙනි. * චීනයේ බෙයිජිං ඔපෙරාවලින් විප්ලව, ආර්ථික ගැටලු, සමාජ ගැටලු ප්‍රබල ලෙස නිරූපණය විය. * ඔපෙරා නළුවකු වීමට ගායනයේ මෙන්ම රඟපෑමේ ද දක්ෂයකු විය යුතුය. * ඔපෙරා රංගගත කිරීම සඳහා වෙනම රඟහලවල් ඉදි වී ඇත. ඒවා OPera House නමින් හැඳින්වේ. උදා: කවිරෝ ඔපෙරා හවුස් (ඊජිප්තුව) සිඩ්නි ඔපෙරා හවුස් (ඕස්ට්‍රේලියාව) * ඔපෙරා නිෂ්පාදනය සඳහා විශාල වියදමක් දැරීමට සිදු වේ. උදා : පුරාණ කථා, ජන කථා, නවකථාවල කථා ඔපෙරාවට ගැළපෙන සේ නැවත ලියා නිෂ්පාදනය වී ඇත (ඉලෙක්ට්‍රා, ඊඩිපස්, ඇලඩින්, රෝමියෝ ජුලියට්, ලයිලා සහ මජ්නු, සත්‍යග්‍රහ) * ශෝකජනක මෙන්ම හාස්‍යජනක ඔපෙරා ද ඇත (වලහැඩියා) * ශ්‍රී ලංකාවට ආවේණික ලෙස ඔපෙරා නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාස විසිනි. (මානසවිල, අග්නි) ගීත නාටක සංගීතයට ප්‍රමුඛත්වය ලබාදෙන පෙරදිග සංගීත නාටකය ගීත නාටක ලෙස හැඳින්විය හැකිය. මෙම ගීත නාටකවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය. ආංගික අභිනයෙන් ගීතයේ අර්ථය තිවෘ කරනු ලබයි. * විවිධ රංගන හා ගායන ශෛලීන් යොදා ගනියි. * බටහිර ඔපෙරාවේ ආභාසය ලැබී ඇත. * පුරාකථා, දේව කථා, ජන කථා පදනම් කරගෙන ගීත නාටක බිහි වී ඇත. උදා: ඩබ්ලිව්. බී. මකුලොලුව - දෙපානෝ ප්‍රේමසිරි කේමදාස - කැලෑමල්, බැරිසිල් * මෙම සෙසු ප්‍රාසංගික කලාවන්ගේ දක්නට ලැබෙන පොදු ලක්ෂණ මොනවාද? * සාමුහික ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයකි. * ප්‍රේක්ෂක සහභාගිත්වය අනිවාර්ය වේ. * සජීවි කලා මාධ්‍යයක් වේ. * ආවේණික ශෛලියක් ඇත. * කථා වින්‍යාසය ප්‍රබල වේ. * රූපණය සඳහාම නිර්මාණය වී ඇත. |