වර්ෂ 2018 ක්වූ  ජනවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




සිරුරක් නැති චරිතයක් චරිතයක් ඇති සිරුරක්

සිරුරක් නැති චරිතයක් චරිතයක් ඇති සිරුරක්

හොඳ රංගන ශිල්පියකුට වෙනස් වූ චරිතයක් ලැබීම ඔවුනගේ රංගන පිපාසාව සංසිඳවීමක්. එමෙන්ම දෙයක් කරන්න පුළුවන් චරිතයක් ලැබීම නිසා අත පය දිගහැරලා රඟපාන්නත් ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. අප ක්ෂේත්‍රයේ දෙදෙනෙකුට එහෙම අපූරු චරිත ලැබිලා. එක රංගධරයෙක් තමයි ජැක්සන් ඇන්තනී. ඔහු ජයන්ත චන්ද්‍රසිරි ගේ ඝරසරප සිනමාපටයේ කරන චරිතයත් මීට පෙර කිසිදු අවස්ථාවක ඔහු රඟපාලා නැහැ. එම චරිතයේ විශේෂත්වය තමයි එයට ශරීරයක් නොමැතිවීම. ඇත්තටම අපූරුයි නේද. ලක්ෂ්මන් මෙන්ඩිස්ටත් වෙනස්ම චරිතයක් ලැබිලා. ඒ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ගේ චරිතය. සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටයෙයි ඔහු එම ප්‍රතාපවත් චරිතය ජීවමාන කරන්නේ.