තවම 21 යි අපේ සුබපැතුම්
තවම 21 යි අපේ සුබපැතුම්

අනෝජා වීරසිංහ කියන සම්මානනීය රංගන ශිල්පිනියට මෙම මාසේ 21 ඉතාම විශේෂ දිනයක්. අපේ
මුල්ම කතානාද චිත්‍රපටය තිරගත වෙලා අවුරුදු 71 සපිරෙන්නේ එදාටනේ. ඒකත් අනෝජාට
සුවිශේෂයි. ඇයට මෙම දිනය තුළ පෞද්ගලික විශේෂත්වයක් තියෙනවා. ඒ ඇගේ 63 වැනි උපන්
දිනය යෙදී තිබීම. බෙහෝ විට රංගන ශිල්පිනියන් වයස හැංගුවට අනෝජා නම් එහෙම නැහැ. කට
ඇරලා නොබියව කියනවා තමන්ට 63 යි කියලා. ඒ වගේම අමෝජා ජාත්‍යන්තර සම්මානයක් දිනුවෙත්
එදාමයි. ඒ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය වෙනුවෙන්. මේ හේතු නිසා ජනවාරි 21 අනෝජාට
ඉතාම සුවිශේෂයි.
|