|
රහසක් නොවන රහසක් 12 Strong
12 Strong හෙට (ජනවාරි 19) සිට ලොව පුරා රිදී තිරයේ
එහිදී අල්කයිඩා ත්‍රස්තයන් විසින් පැහැරගත් ගුවන් යානා උපයෝගි කරගනිමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඒ හේතුවෙන් තුන්දහසකට ආසන්න පිරිසක් මිය ගියා. හයදහසක් පමණ අමෙරිකානුවන් එයින් තුවාල ලද අතර අමෙරිකා එක්සත් ජනපදයට අමෙරිකානු ඩොලර් බිලියන 10කට වඩා වැඩි පාඩුවක් සිදු වුණා. එපමණක් නොව අල් කයිඩා සංවිධානය එල්ල කළ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන්නේ ද අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල කළ මෙම ප්‍රහාරයයි. මේ වන විට එම ප්‍රහාරය එල්ල වී වසර දහසයක් ගත වී අවසන්ය. නමුත් එම ප්‍රහාරය හමුවේ අමෙරිකාව විසින්ද බොහෝ තීරණ ගන්නා ලද බව කාහටත් රහසක් නොවුණද ඒ සමඟින් වූ යුද රහස් ද බොහෝමයක් වන්නට ඇති බව කවුරුත් නොදන්නා රහසක්. කෙසේ නමුත් ඒ රහස් තොරතුරු අතරින් ඇතැම් ඒවා තවදුරටත් රහස් නොවන තත්ත්වයට පත් වී හමාරය. එය එසේ වන්නේ 12 Strong සමඟිනි. 12 Strong යනු හෙට (ජනවාරි 19) සිට ලොව පුරා රිදී තිරයේ දිග හැරෙන නවතම අමෙරිකානු යුද කතා තේමාවක් රැගත් සිනමා නිර්මාණය යි. ඩෙන්මාර්ක් ජාතික නිකොලායි ෆුග්ල්සිග් විසින් අධ්‍යක්ෂණය කෙරුණු 12 Strong සැප්තැම්බර් ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය වෙත සීඅයිඒ නිලධාරින් සහ අමෙරිකානු හමුදා විශේෂ කාර්ය බලකා භටයන් පිරිසක ගෙන් සමන්විත දොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පිටත් කර යැවූ මෙහෙයුමක් සම්බන්ධ සිදුවීමක් ගෙන එනවා.
මෙය එදා අමෙරිකාව විසින් දියත් කළ මෙහෙයුමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් බව ද පැවසෙනවා. මෙම කතාව සමඟින් කාලයක් රහස් ලෙසින් තිබූ යුද මෙහෙයුම් දැන් හෙළි වී ඇති අතර ඔවුන් අශ්වයන් මතින් ගොස් එම ප්‍රහාර එල්ල කළ බවත් සඳහන් වේ. මෙහි අධ්‍යක්ෂ නිකොලායි ෆුග්ල්සිග් පිළිබඳවද විශේෂ යමක් සඳහන් කළ යුතුම වෙයි. ඔහු ඡායාරූප මාධ්‍යවේදියකු මෙන්ම සම්මානනීය ලේඛකයකු ද වෙනවා. ඔහු ඡායාරූප ශිල්පියකු ලෙසින් කටයුතු කරන අවදියේදී කොසෝවෝ යුද බිමෙහි සිටිමින් එය අළලා Return of the Exiled නමින් මිනිත්තු 15ක වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළා. 12 Strong නිකොලායි ගේ පළමු වෘත්තාන්ත සිනමා නිර්මාණය වන අතර ඉදිරියේදී ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු තවත් වෘත්තාන්ත සිනමා නිර්මාණ කිහිපයක්ම එළිදැක්වෙන්නට නියමිත බවත් හොලිවුඩ් පුවත් ගෙන එනවා. 12 Strong හි රංගනයෙන් දායක වී සිටින්නේ. ක්‍රිස් හෙම්ස්වර්ත්, මයිකල් ෂැනොන්, මයිකල් පෙනා, නවිද් නෙගහ්බාන්, ට්‍රෙවෙන්ටේ රොද්ස් ඇතුළු පිරිසක්. ක්‍රිස් හෙම්ස්වර්ත් විසින් පණ පොවන කපිතාන් මිච් නෙල්සන් නම් චරිතය සත්‍ය සිදුවීමේදී මාර්ක් නච් ලෙසින් වන බවත් සඳහන්. 12 Strong තිරරචනය කර තිබෙන්නේ, ටෙඩ් ටැලී සහ පීටර් ක්‍රෙග් විසිනි.
|