වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මං පණ පිටින් ඉන්නේ

මං පණ පිටින් ඉන්නේ

මේ දවස්වල අන්තර් ජාලය ඔස්සේ විවිධාකාර ගොසිප් පළ වෙනවා. සමහරු තමන්ව ජනප්‍රිය කර ගන්නට ගොසිප් දානවා. සමහරු දන්නෙත් නැහැ ඒ අය ගැන ගොසිප් පළවුණත්. ඔය අතර ඇස් රතු වන ගොසිප් පවා පළ වෙනවා. මෙහෙම ගොසිප් එකක් පළ වුණා නව පරපුරේ ජනප්‍රිය නිළි තේජා ගැන. ඇයගේ පුවත්පත් ලිපියක් ඉකුත් සතියක සරසවියේ පළ වුණා ඔබට මතක ඇති. අන්න ඒ කිට්ටු දිනයක තමයි මේ ගොසිප් එක අන්තර් ජාලයේ පළ වෙලා තියෙන්නේ. මේක එසේ මෙසේ ගොසිප් එකක් නෙවෙයි 'තේජා සෙල්ෆියක් ගහන්නට ගිහින් දිය ඇල්ලකින් වැටිලා ජිවිතයෙන් සමුගෙන' කියලයි එම ගොසිප් වෙබ් පිටුවේ පළ වෙලා තිබුණේ. තේජා දියේ ගිලී ඉන්න පින්තුරයක් පවා එහි පළ වෙලා තිබුණා. මේකෙ ඇත්ත නැත්ත දැනගන්න අපි තේජට කතා කළා.

ඔය ෆොටෝ එක ගත්තේ අපි මියුසික් වීඩියෝවක් කරන අතරතුර. එහි කතාවට අනුව මං සෙල්ෆියක් ගහන්න ගිහින් දිය ඇල්ලකින් වැටිලා මැරෙනවා. ඔය සිද්ධිය පදනම් කරගෙනයි එම වැරැදි පුවත පළ වුණේ. එවලේ ඉඳලා මට කෝල්ස් එනවා ඉවරයක් නැහැ. හැමෝම හොදටම බය වෙලා. මං ටක් ගාලා ෆේස්බුක් එක ඔස්සේම ඒ වැරැද්ද නිවැරැදි කළා. කඳුළ නැමති ඒ ගීතය ගයන්නේ සඳුන් දොලමුල්ල. ඔහුගේ අදහසකට අනුවයි එහි මියුසික් වීඩියෝව නිර්මාණය වුණේ. ඔය ගීතය ළඟදීම අසන්නට ලැබේවි.