වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




‘ආවර්ජනා’ 04 සිට ස්වාධීන රූපවාහිනියේ

‘ආවර්ජනා’ 04 සිට ස්වාධීන රූපවාහිනියේ

අධ්‍යක්ෂ තිසූල දීප තඹවිටගේ නවතම ටෙලි නාට්‍යය ‘ආවර්ජනා’ මේ මස 04 වැනිදා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.

සමාජයේ විවිධ ගැටලු හමුවේ ඒ ගැටලුවලින් පැන නොයා විසඳුම් සෙවීමට උත්සාහ වන තරුණියක් හා තරුණයකු වටා ගෙතී ඇති ‘ආවර්ජනා ටෙලි නාට්‍යයේ සාරණ්‍යා ලෙස පණ පොවන්නේ දර්ශණී තිවංකායි. කලකට පසුව යළිත් දර්ශනී තිවංකා ටෙලි නාට්‍ය රංගනයට පිවිස ඇත්තේ ‘ආවර්ජනා ටෙලි සිත්තම ඔස්සේ ය. ඇයට අමතරව චන්දික නානායක්කාර, චමිලා පීරිස්, උදය ශාන්ත ලියනගේ, යමුනා එරන්දතී, සරත් කොතලාවල, ජී. ආර්. පෙරේරා, මහේන්ද්‍ර වීරරත්න, සුදර්ශි ගැලනිගම, රූපා ගෝමස්, ලක්ෂිකා ෆොන්සේකා, නිලූෂි හලුපිට, කුමුදුනී කුමාරි, හිමාලි උත්පලා, නිලංගනී පෙරේරා, නුවරඑළිය ගුණවර්ධන, නිව්ටන් විදානපතිරණ, උමංග නිර්මාල් යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණයෙන් තිසූල දීප තඹවිට, සහය අධ්‍යක්ෂණයෙන් අනුර දයාන්ජිත්, සංස්කරණයෙන් ජගත් වීරතුංග, අංගරචනයෙන් යයස් මනෝජ්, සංගීතයෙන් ප්‍රදීප් ජයතිලක, ගීතරචනයෙන් රෝහණ හෙට්ටිආරච්චි, ගායනයෙන් අසංක ප්‍රියන්ත පීරිස් ‘ආවර්ජනා ටෙලි නාට්‍යය සඳහා සහය වෙති. මෙහි පිපත කේබීත හේරත්ගෙනි.


රසික සුරවීරගේ කලු කුහරය එළිදකියි

රසික සුරවීර ආරච්චිගේ පළමු කෙටිකතා සංග්‍රහය ‘කලු කුහරය’ පාඨකයන් අතට පත් කිරීම අද දින පස්වරු 3.30ට කොළඹ 07 නිදස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙහි ආරාධිත දේශනය ආචාර්ය ජයලාල් රෝහණගෙනි.


‘හඳුන්මල් කඩුල්ල’ ජනගත වෙයි

සම්මානනීය ප්‍රවීණ ලේඛක හා සාහිත්‍ය විචාරකවරයකු වන සේන තෝරදෙණියගේ නවතම නවකතාව ‘හඳුන්මල් කඩුල්ල’ කෘතිය මේ මස 07 වැනිදා පෙරවරු 10.00ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වෙයි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.


ටවර් නාට්‍ය හා රංගකලා පාසලට අයැදුම් පත් කැඳවයි

ටවර් හෝල රඟහල පදනමේ ටවර් නාට්‍ය හා රංගකලා පාසල මෙහෙය වන නාට්‍ය හා රංග කලාව පිළිබඳ (දෙවර්ෂ පූර්ණ කාලීන) උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන වර්ෂ 2017 / 18 සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයැදුම් පත් කැඳවයි.

අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2017.02.28 දින දක්වා පමණි. මේ වැඩසටහන ටවර් හෝල් රඟහල පදනම හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. වැඩි විස්තර සඳහා ඹඹඹ.බධඹඥපඩචතත.තඬ වෙබ් අඩවියට පිවිසීමට ඔබට හැකිය.