වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




බලන් ඉඳල බැරිම තැන

බලන් ඉඳල බැරිම තැන

පසුගිය ඉරිදාවේ ටෙනිසන් කුරේ අපූරු වැඩක් කළා. ඒ අප කලාවට මහත් වූ සේවයක් කළ කලාකරුවන් හය දෙනෙකුට උපහාර තිළිණ පිරිනැමීම. එය සමඟ ඔහු සෑම කලාකරුවකුටම රුපියල් විසිපන් දාහක මුල්‍යමය ත්‍යාගයක් පිරිනැමුවා. මේ කටයුත්ත සිදු වුණේ මරදාන ටවර් රඟහලේදී. අරයට මෙයාට පවර පවර ඉන්නවට වැඩිය තමන්ම මෙම සද්කාර්යයට අත ගැසීමට තිරණය කළේ බලාගෙනම ඉන්නට බැරිම තැන බව ටෙනී කීවා. ඔහු අතින් උපහාර සහ මූල්‍යමය තිළිණ ලැබූ කලාකරුවන් වැඩි දෙනෙකු කාගෙන්වත් හව්හරණයක් නැති අය.

ඒ වුණත් ඔවුන් කලක් කලා ලොව තුළ දික් විජය කළ චරිත. මොවුන් ගැන ටෙනී හරි අවධානය යෙමු කළ එක ගැන අපට සතුටක්. ටෙනිසන් මෙවන් වූ කාර්යයක් කරන්නට යන වග දැනගත් ගමන් සමිතා එරන්දතී කතා කළාලු. වැඩි විස්තර අහ අහ ඉන්න ගමන් ඇය අහලා තිළිණ ලබන කලාකරුවන් ගැන. ඒ කලාකරුවන් අතර ගායිකා අයිරින් ද අල්විස් ඉන්න වග දැනගත් සමිතා ගත්කටටම කිව්වලු ඇයට ටෙනී දෙන්න හිටපු විස්පන් දාහ මම දෙන්නම් කියලා. මේ උත්සවය ගැන ආරංචිය තටු අරගෙන ඉඟිලිලා යද්දී රවින්ද්‍ර රන්දෙනියත් ටෙනීව ඇමතුවාලු. ඒ ඇමතුම නිමාව දුටුවේ රවී ටෙනීට රුපියල් පනස් දාහක් ලබාදෙන පොරොන්දුවෙන් පසුවයි. ටෙනී ඒ දෙදෙනාට බෙහෙවින් තුති පුදනවා කියලා කිව්වා. ඒ වාගේම මින් ඉදිරියටත් මෙවැනි කලාකරුවන්ට උදව් උපකර කරන බවත් සඳහන් කළා.