වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය. ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි. ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.

ඉන්දික චන්ද්‍රනාත්

SMBGP 37

ඉන්දික චන්ද්‍රනාත්. මින් පෙර කිසිම නිර්මාණයකට දායක වී නැහැ. සරසවිය මොඩල් බෑන්ක් හා එකතු වුණේ ඔහු කිනම් හෝ නිර්මාණයකට දායකවීමටයි. ඉන්දිකගේ ගම මාතර. වැලිගමදී අප පැවැත් වූ මොඩල් බෑන්ක් වැඩසටහනට ඔහුට එකතු වන්නට බැරි වෙලා. ඒ හින්දා දුරකතර නොබලා ඉන්දික තම ආසාව ඉටු කර ගැනීමටයි ගම්පහට එන්නේ. ඔහුගේ වයස අවුරුදු තිස් අටයි.

දුෂ්මන්ත රාජපක්ෂ

SMBGP 39

දුෂ්මන්ත රාජපක්ෂ මේ වන විට රඟපා ඇත්තේ වෙළෙඳ දැන්වීමක පමණයි. හේමාල් රණසිංහ ආදරණීය කතාවක් සිනමාපටයේ රඟපානවා දැකලා ඔහුට සිනමාවට එකතුවීමට කැමැත්තක් ඇති වෙලා. ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් තමයි දුෂ්මන්ත ගම්පහට ආවේ. ආදරණීය කතාවක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ ගේ චිත්‍රපටයකට දායකවීමට ඔහු කැමැත්තෙන් ඉන්නවා. දුෂ්මන්ත්ගේ ගම පස්යාල.

ඩිලාන් ජයවික්‍රම

SMBGP 38

ඩිලාන් ජයවික්‍රම වැඩිපුර තම රංගන දක්ෂතාවය විදහාලුවේ වේදිකාවේ. ඔහු මේ වන විට වේදිකා නාට්‍ය පහක රඟපා තිබෙනවා. ඩිලාන්ගේ වයස අවුරුදු විසි හයයි. මීගමුවෙ තමයි ඔහුගේ පදිංචිය. ඩිලාන්ගේ එකම බලාපොරොත්තුව සිනමාවට එකතුවීම. සුගත් සමරකෝන්ගේ සිනමා නිර්මාණයකින් රිදී තිරය ජය ගන්නයි ඩිලාන් අපේක්ෂා කරන්නේ.

ජයසිරි මාරසිංහ

SMBGP 40

රන්ජා, සිරි පැරකුම් ආදී චිත්‍රපටවල රඟපෑ ජයසිරි මාරසිංහ තවත් චිත්‍රපට කිහිපයකටම එකතු වී රංගන අත්දැකීම් ලබා ගත් අයෙක්. පිනි වැස්සක්, සිරිවාසල ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය අතර වෙනවා. සිනමාවේ විවිධ චරිත රංගනයේ යෙදෙමින් ඒ ඔස්සේ දිගු ගමනක් යාමට ජයසිරි බලාපොරොත්තු වෙනවා. ජයසිරිගේ ගම මීගමුව. වයස අවුරුදු පනස් දෙකයි. ජැක්සන් ඇන්තනි, සෝමරත්න දිසානායක වැනි අධ්‍යක්ෂවරුන් යටතේ තව තවත් රංගනයේ යෙදීම ජයසිරි අපේක්ෂා කරනවා.