වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි

එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි

බහුපෞරුෂ ව්‍යාධියෙන් පෙළෙන පුද්ගලයෙකු වන කෙවින් හට පෞරුෂ 23ක් ඇති බවට ඔහුගේ මනෝ වෛද්‍යවරයා සාක්ෂි දරයි. කෙසේ නමුත් කෙවින් සතු විශේෂ ලක්ෂණ දෙකක් ඇත. ඉන් එකක් නම්, ඔහුගේ මෙම පුරුෂ 23ම අබිබවා යන, හෙවත් පාලනය කළ හැකි අධිපති පෞරුෂයක් ඔහු තුළ තවමත් සැඟව පැවතීමයි. අනෙක් ලක්ෂණය වන්නේ යම් යම් පෞරුෂයන්ට අනුකූල වන පරිද්දෙන් භෞතිකමය ලෙස වෙනස් වීමට ඔහු තුළ ඇති හැකියාවයි. එක් පෞරුෂයක බලපෑමෙන් තරුණියන් තිදෙනෙක් බලහත්කාරයෙන් රැගෙන විත් සිරකොට තබන කෙවින් එක් තරුණියක වන කැසී ගේ මඟපෙන්වීමෙන් සිය ගැලවීම උදෙසා ස්වකීය පෞරුෂ සමඟ සේම තමා වටා සිටින පිරිස සමඟත් කරන සටන මෙම චිත්‍රපටයේ ගෙනහැර දැක්වේ.

Dissociative Identity Dissorder (DID) හෙවත් Multiple Personality Dissorder (MPD)  (බහුපෞරුෂ ව්‍යාධිය) යනු ලෝක ජනගහනයෙන් සියයට 1 - 3 අතර පිරිසක් පීඩා විඳීන මානසික ආබාධයකි. මෙම ආබාධයෙන් පීඩා විඳීන පුද්ගලයින් විවිධ අවස්ථාවන්හි එකිනෙකට වෙනස් පෞරුෂ නොහොත් අනන්‍යතාවයන් පෙන්නුම් කරයි. කලාතුරකින් දක්නට ලැබෙන මානසික ආබාධයක් වුවද ප්‍රබන්ධ සාහිත්‍යයේ මෙය බෙහෙවින් දක්නට ලැබෙන සංසිද්ධියකි. 1886 වසරේ රොබර්ට් ලුවී ස්ටීවන්සන් නම් ලේඛකයා අතින් ලියැවුණු 'Strange Case of Dr Jekyll and Mr Hyde' මෙම ව්‍යාධිය ආශ්‍රිතව නිර්මාණය වුණු පළමුවන ප්‍රබන්ධය ලෙස වාර්තා වේ. The Three Faces of Eve (1957), Sybil (1976), Identity (2003), Secret Window (2004) මෙම තත්ත්වය ආශ්‍රය කරගෙන සිනමාවට නැගුණු නිර්මාණයන් ය.

මනෝවිද්‍යාත්මක - භයංකාර (Psychological Horror)  චිත්‍රපටයක් වන Split (බෙදුණු) ද බහුපෞරුෂ ව්‍යාධිය පදනම් කරගෙන තැනුණු නවතම සිනමා නිර්මාණයයි. ඉන්දියානු - ඇමෙරිකානු සම්භවයක් ඇති, අති සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන එම්. නයිට් ශ්‍යාමලන් (The Sixth Sense, Signs, The Last Airbender,The Visit) විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය, ශ්‍යාමලන්, ජේසන් බ්ලම් සහ මාක් බීන්ස්ටෝක් ගේ නිෂ්පාදනයකි. ජේම්ස් මැකොය්  (Wanted, X-Men, Victor Frankenstei අන්යා ටේලර් ජෝයි සහ බෙටී බක්ලී ඇතුළු පිරිසක් මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කරති. යුනිවර්සල් පික්චර්ස් බෙදාහැරීමක් වන මෙය පසුගිය ජනවාරි 20 වන දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වේ.

බහුපෞරුෂ ව්‍යාධියෙන් පෙළෙන පුද්ගලයෙකු වන කෙවින් හට පෞරුෂ 23ක් ඇති බවට ඔහුගේ මනෝ වෛද්‍යවරයා සාක්ෂි දරයි. කෙසේ නමුත් කෙවින් සතු විශේෂ ලක්ෂණ දෙකක් ඇත. ඉන් එකක් නම්, ඔහුගේ මෙම පුරුෂ 23ම අබිබවා යන, හෙවත් පාලනය කළ හැකි අධිපති පෞරුෂයක් ඔහු තුළ තවමත් සැඟව පැවතීමයි. අනෙක් ලක්ෂණය වන්නේ යම් යම් පෞරුෂයන්ට අනුකූල වන පරිද්දෙන් භෞතිකමය ලෙස වෙනස් වීමට ඔහු තුළ ඇති හැකියාවයි. එක් පෞරුෂයක බලපෑමෙන් තරුණියන් තිදෙනෙක් බලහත්කාරයෙන් රැගෙන විත් සිරකොට තබන කෙවින් එක් තරුණියක වන කැසී ගේ මඟපෙන්වීමෙන් සිය ගැලවීම උදෙසා ස්වකීය පෞරුෂ සමඟ සේම තමා වටා සිටින පිරිස සමඟත් කරන සටන මෙම චිත්‍රපටයේ ගෙනහැර දැක්වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 9 ක පිරිවැයකින් තනා නිමකර ඇති මෙම චිත්‍රපටය පසුගිය (ජනවාරි) 29 දා වන විට අමෙරිකානු ඩොලර් මිලියන 101 ක අතිශය සාර්ථක ආදායමකට හිමිකම් කියා ඇත. විචාරකයින්ගේ පැසසුමට ලක්වී ඇති මෙම චිත්‍රපටය ධ්ර්ච්ඕ දර්ශකයේ 7.6/10 ක් වාර්තා කරන අතර රෝටන් ටෝමාටෝස් දර්ශකයේ ලකුණු සියයට 74 ක් ද, මෙටාක්‍රිටික් දර්ශකයේ සියයට 62ක් ද වාර්තා කොට ඇත. කෙවීන් ගේ චරිතයට පණ පොවන ජේම්ස් මැකොයි විවිධ චරිත නිරූපණය කරන සාර්ථක නාට්‍යමය ගමනක් වන මෙහි ශ්‍යාමලන් සිය දක්ෂතා නැවත රැගෙනවිත් ඇති බව රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසයි.