වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




පටලැවිලි

පටලැවිලි

ඩිමංක වෙල්ලාලගේ ගේ කියලා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. අර අවසාන ප්‍රේමයයි ගීතය යන්නේ එයා. ඔහුගේ ෆේස්බුක් පිටුවේ 21වැනි සෙනසුරාදාවේ පෝස්ට් එකක් දාලා තිබුණා අප අතරින් වියෝ වූ රෝයි පීරිස්ට සොව පළ කරලා. මෙහි රෝයි පීරිස්ගේ වෙනුවට තිබුණේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පින්තුරයක්. මේක අල්ලගෙන ෆේස්බුක් ජාලයේ විවිධ පුද්ගලයින් ඩිමංකට මඩ ගහලා තිබුණා නැති වෙන්නම. ඔවුන් කියලා තිබුණේ ඩිමංක රෝයිව හඳුනන්නෙත් නෑ ප්‍රින්ස්ව හඳුනන්නෙත් නැහැ කියලා. ඩිමංකටත් මේ වෙච්ච දේට හරිම අප්ස්ට්. ඔහුගේ ෆේස්බුක් ගිනුම මේන්ටන් කරන්නේ වෙන කෙනෙක්ලු. ඔහුගේ අතින්ලු ඒ වැරැද්ද වුණේ. ඩිමංක එහෙම කියනවා. අවසනදී ඔහු සමාවත් අයදලා තිබුණා. හරි, ඒක එහෙම වුණා කියමුකෝ. වෙන කෙනෙක් පරිපාලනය කළත් ඒ ෆේස්බුක් ඩිමංකගේ. ඒක නිසා ඔහු වඩා සැකිලිමත් විය යුතුව තිබුණා. ඒ වගේම ඒවන් වූ ගිනුමක් පරිපාලනය කරන්නට දෙන්න ඕන ගායක ගායිකාවන් හඳුනන කෙනකුට. මෙවන් වූ වැරැදි නිසා සමස්ත නවපරපුුරම බැනුම් අහනවා. ඒ වගේම දැන් සෑහෙන දෙනෙක් බලාගෙන ඉන්නේ අලුත් කෙනකුට වැරදෙනකම්නෙ. ඒ පුවත දැකලා සමහරු පෝස්ට් හදලා ෆේස්බුක් එකේ දැම්මා ප්‍රින්ස් නැති වෙලා කියලා. ඒකෙනුත් වුණේ එක දෙයයි. ඒ ප්‍රින්ස්ගේ ආයු කාලය වැඩි වෙච්ච එක.