|
ඇගැයීමක් නැහැ, ඒත් මං රඟපානවාකුමාර කරුණානන්ද
මේ රුව දුටු සැනින් ඔබ හඳුනයි. අතීතයේ ඇතැම් දිනවලදී ඔහු අප ටෙලි සිතුවම් දෙක තුනකම එකවර දැක ගත්තෙමු. ඒ කුමාර කරුණානන්දය. ඉතා දිගු කලකට පසු අපට කෙනෙකු මුණ ගැසුණු විට ඉතින් කොහොමද කියා ඇසෙන්නේ ඉබේටමය. කුමාරගෙන්ද අප එලෙස අසමින් මේ සාකච්ඡාව ආරම්භ කළෙමු. ලොකේෂන්වලම ජීවිතය ගෙවෙනවා මල්ලි . . . * ඒතරම්ම වැඩද? අහ් . . . එහෙම කිව්වේ මට නාට්‍ය ගොඩක් තියෙනවා කියලා නෙවෙයි. මං ඔය දොඩම් ගොඩ බදා ගන්නවා වගේ නාට්‍ය බදා ගන්නේ නැහැනෙ. නාට්‍ය දෙකක තුනක විතර රඟපෑවා. එකක් තමයි සේයා. ජී. නන්දසේනගේ නාට්‍යයක රූපගත කිරීම්වලට සහභාගි වුණා. ඕවා තමයි. * කුමාර අයියා කොයි කාලේ වගේද රඟපාන්න ආවේ? මතකෙ හැටියට අසූවේ විතර. * ඒ කියන්නේ දශක හතරකට ආසන්න කාලයක් කලා ලොවේ ඉන්නවා? නැත්නං නැත්නං . . . සෙල්ලං නැහැ නේද . . . * ඔබගේ කලා ජීවිතය යම් අඩාල වීමකට ලක්වෙනවා දේශපාලනයට පිවිසීමත් එක්ක? මං නිවැරිදද? ඔව්. ඒ කතාව ඇත්ත. මං දේශපාලනයට පිවිසෙන්නට පෙර හොඳ සමාජ සේවකයෙක්. කිරුළපන ප්‍රදේශය තුළ මං පය නොගහපු තැනක් නැති තරම්. මොන යම් හෝ පොදු කාරණයකදී මං කලඑළියට එනවා. ඔන්න ඔය මැදිහත්වීම මත මට ප්‍රදේශවාසීන්ම කිව්වා ඡන්දෙ ඉල්ලන්න කියලා. මං ඒකත් කළා. නමුත් දැන් ඒ දේශපාලන වැඩවලින් මං ටිකක් අයින් වෙලා ඉන්නේ. * කලකිරිලද? අපොයි නැහැ. ඒ කාලයේදී මගේ කලා ජීවිතය නොසිතූ අන්දමට ආපස්සට ගියා කියලා මට හිතුණා. ඇත්ත ඒක තමයි. මොකද අපි වැර වෑයමෙන් කලා ලොවට ආව මිනිස්සු. අද වගේ පහසු නැහැ ක්ෂේත්රයට එන්න. ඒත් එක්කම මට තවත් දැනිච්ච කාරණයක් තමයි වේදිකාව මට අතපසු වෙච්ච එක. මොකද මං හරියට ආදරය කරන තැනක් තමයි මේ වේදිකාව. එයට ගොඩ වෙන්නත් බැරි වුණා. මගේ තිබ්ච්ච කාර්යබහුලකමට. ඔය අතරතුරදී මට හිත් රිිදීම් වෙච්ච කාරණයකුත් තියෙනවා. * ඒ මොකක්ද? කුමාර කරුණානන්ද වැඩක් බාර අරගෙන ඒකට එන්නේ නෑ කියලා කට කතාවක් හැදුණා. ඒක මේ අපේම අය විසිනුයි හදලා තිබුණේ. ඔවුන් තනිකරම මගේ දේශපාලන ජිවිතයට ඊර්ෂ්‍යාකම් කළා. මං අර කලින් කිව්වේ අපි මේ ක්ෂේත්රයට ආවේ හරිම මහන්සි වෙලා කියලා. ඉතින් ඔය වගේ කතා ඇහුනම දැනෙන්නේ අපමණ වේදනාවක්. * අද නිර්මාණය වන නාට්‍ය ගැන කුමාර අයියා පැහැදීමකින් ද ඉන්නේ? මට ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. ඉස්සර නාට්‍යයක් ලිවීමට හැකි පිරිස හිටියේ ඉතාම සීමිතව. ඔවුනට අප්‍රමාණ සාහිත්‍ය දැනුමක් තිබුණා. ප්‍රේක්ෂකයන්ව අල්ලන්න ඕන ක්‍රම සහ විධි දැනගෙන හිටියා. තමන් ලියන කතාවෙහි මුල මැද අග ක්‍රමවත්ව හැදුවා. අන්න ඒ නිසා එදා නාට්‍ය නොසිතූවිරූ අන්දමට ජනප්‍රිය වුණා. ඒත් අද . . . තමන් ලියන්නේ මොනවද කියලා දන්නෙ නැති පිරිසක් ඉන්නේ. දර්ශන තලයෙදි ඉන්න නළු නිළියන් ප්‍රමාණයට අනුව පිටපත එජෙස් වෙනවා. එතකොට පිටපත් රචකයා පවා දන්නේ තමන්ගේ කතාව වෙනස් කළා කියලා නාට්‍ය විකාශය වෙද්දි. අන්න එවන් වූ නාට්‍ය කලාවක් අද තියෙන්නේ. * ඔබ ඔය නොකියා බනින්නේ ඇතැම් මෙගා නාට්‍යවලටද? ඔව්. මෙගා කියන නාට්‍ය වර්ගය නාට්‍යවල ඇති ගුණාත්මකභාවය නැති කළා. මුලක් තියෙනවා. ඒත් අග කොහේද දන්නේ නැහැ. ඒක හරියට අපි නිශ්චිතව තැනක් නොදැන යන ගමනක් වගේ. කොහේ නවතියිද, අනතුරක් වෙයි ද කියලා අපිවත් දන්නේ නැහැ. * කලාකරුවා දේශපාලනයට සුදුසුද? මං ඇහැව්වේ ඔබ දේශපාලනයට ගිහින් ඇතැම් දේ අහිමි කරගත් නිසා? කලාකරුවකු කියන්නේ හරවත් යමක් සිතන්න පුළුවන් අයකුට. ඔහු තරම් දේශපාලනයට සුදුසු අයකු තවත් නැති තරම්. හැමෝටම දේශපාලනයට පිවිසෙන්නට පුළුවන් වුණාට හැමෝටම කලාකරුවකු වෙන්න බැහැ. අන්න ඒකයි කලාකරුවා වෙනස්. එවන් වූ අයකු දේශපාලනයට එනවා කියන්නේ වෙනමම දෙයක් එතන තියෙනවා. * මෙතෙක් කල් ඔබ ලැබූ අත්දැකීම් එක්ක අධ්යක්ෂණයට පිවිසීමට අදහසක් නැතිද? අධ්‍යක්ෂණය කරන්නට නම් අදහසක් නැතුවාම නොවෙයි. කිහිප දෙනෙකුම ඇරැයුම් කළා. මගේ පරක්කුව තියෙන්නේ. * ඇයි ඒ? මට හිතෙනවා තව ටික කලක් නළුවකු විදිහට ඉන්න. අත්දැකීම් එකතු කරගෙන සවිශක්තිමත් වෙලා අධ්යක්ෂණයට පිවිසුණොත් කාටත් හොඳයිනෙ. * මේ දිනවල ටෙලි නාට්‍ය විකාශය කර ගැනීමේ අර්බුදයක් තියෙනවා? ඒක කලක සිටම තිබුණා. දේශපාලන බලයක් නැතිව නාට්‍යයක් විකාශය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ආවා. එහෙම බලපුවාම ටෙලි නාට්‍යවලින් පවා දේශපාලඥයෝ හම්බ කර ගත්තා. හරිම සෝචනීයයි. * ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය නෙකර ඉන්නේ ඒ අර්බුදයට ඔබේ ටෙලි නාට්‍යයත් හසුවේවි කියලද? නැහැ. කොහෙත්ම මං නාට්‍යයක් කළත් එය විකාශය කර ගන්නේ නීත්‍යනුකූලව. කවදාවත් දේශපාලඥයෝ පසුපස ගිහින් නාට්‍ය දාගන්නේ නැහැ. මොන අර්බුද තිබුණත් නාට්‍යයක් කරන්න ඕනෑ කියලා හිතුණොත් ඒක කරනවාම තමයි. * රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම ගැනයි මං ඊළඟට අහන්නේ? බිනරමලී නාට්‍ය කරන්න ගිහිල්ලා එම දර්ශන තලයේ ගත කරපු කාලය ඉතාමත්ම සුන්දරයි. ඒ වගේම කවදාවත් අමතක වන්නේ නැහැ. බලංගොඩ පැත්තේ කර්කෂ පරිසරයක එය රූපගත කිරීම් කළේ. ඇතැම් අවස්ථාවලදී සෙරෙප්පු නැතුව පවා ඉන්න වුණා. කකුල් ගල් උඩ වැදිලා කපලා ගියා. ඒත් ඒ සියල්ල විඳ දරා ගනිමින් ඉතාමත් හොඳින් සහ සතුටින් එහි රූපගත කිරීම් සිදු කළා. * කාලයක් තිස්සේ ඔබව අපි දැක්කේ වැඩිහිටි චරිතවලින්. ඔබ කැමැතිද දිගින් දිගටම එවන් වූ චරිත රඟපාන්න? මං ගොඩක් වයසයි කියලා පේනවද මල්ලි (කුමාර සිනාසෙයි) හරි, මං හිතනවා වැඩිහිටි චරිත කරන්න මේක තමයි සුදුසු කාලේ කියලා. අවුලක් නැහැ. එන විදිහකට ලැබෙන හොඳ චරිත මං රඟපානවා. * වසර ගණනාවක් රංගනයේ යෙදුණත් ඔබට සම්මාන හිමි වී නැහැ? අපි මහ ලොකු නළුවො නෙවෙයිනේ. නමුත් ලැබෙන චරිතයට උපරිම කැපවීමෙන් සාධාරණය ඉටු කරනවා. ඒත් නිසි ඇගයීමක් නැහැ. ඒත් මං රඟපානවා.
|