|
සඳා ටෙලි නාට්‍යයෙන් කලා ලොවට ආ මංගලිකා
කෙටි කාල සීමාවකින් පවා ඇය බොහෝ දෙනාගේ සිත් ගත් රංගන ශිල්පිනියක් වුණා. සීමිත රංගන පරාසයකදී ඇගේ රංගන ප්‍රතිභාව, කෞශල්‍ය මනා සේ ඉස්මතු වුණා. රංගන ශිල්පිනී මංගලිකා රාජපක්ෂ සිය කලා දිවියේ සොඳුරු මතකය මෙසේ අවදි කළා. පුංචි කාලේ පටන් කලාවට ඇල්ම, දක්ෂතාවය තිබුණත් මගේ රංගනයට පිවිසීම සිදු වෙන්නේ බොහොම අහම්බෙන්. මගේ දුවව කලාවට යොමු කරන ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ශාන්ත සොයිසා මහතා හමුවුණු අවස්ථාවෙයි. ඒ වෙලාවේ ශාන්ත අයියා මගෙන් ඇහුවා 'ඔයා රඟපාන්න කැමැතිද?' කියලා. ඒ වෙලාවේ මට මහත් ලොකු සතුටක් දැනුණා. ඉන් පසුව සැමියාගේ අවසරයත් අරන් මා ශාන්ත සොයිසාගේ සඳා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ ඇරැයුම සමඟින් අත්තම්මා, සුහද කොකා, ආදර දෑසක්, රිතු, සමනලී ආදී නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී මා රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක් විකාශනය වීමට නියමිතයි. කලා කටයුතු නිසා පෞද්ගලික දිවියේ කාර්යබහුල බව වැඩි වුණත් ඉන් මා අත්විඳින ආත්ම තෘප්තිය ඊට වඩා වටිනවා. සැමියා ජයසිංහ රාජපක්ෂ, දුව මල්ෂානි ජයසිංහ හා පුතා චමල්ක ජයසිංහගෙන් මේ හැමදේම වෙනුවෙන් ලැබෙන්නේ අපරිමිත සහයෝගයක්. කලාව සේම පෞද්ගලික දිවියත් සාර්ථකව ගෙනයාමයි මගේ ලොකුම බලාපොරොත්තුව.
|