කිරිබත් උපන් දිනයක්
කිරිබත් උපන් දිනයක්
ආදරේ සුවඳ අරන් ටෙලි සිතුවමේ විකී ලෙසින් ඔබ හමුවට එන හරිඳු වරුණ පෙරේරා නිර්මාංශ
අයකු කියලා වැඩි දෙනෙකු දන්නේ නැහැ. අඩුම තරමේ ඔහු බිත්තරයක්වත් කන්නේ නැතිලු. මේ
හේතුව නිසා එළඹෙන ඔක්තෝබර් මස 02 දාට යෙදෙන හරිඳුගේ උපන් දින දාට මෙවරත් කේක් එකක්
කපන්නේ නැහැ. මොකද කේක්වලට බිත්තර දානවනෙ. කිරිබතක් කපලා උපන් දිනය සමරන්නයි හරිඳු
සූදානම් වන්නේ. හරිඳුගේ පියා අපිට හිටපු දක්ෂ කලාකරුවෙක්. නම එල්. එම්. පෙරේරා.
රංගනයට මෙන්ම කලාවේ අංශ කිහිපයක් යටතේම ඔහු දස්කම් පෙන්නුවා. හරිඳුගෙත් ඉතින්
තියෙන්නේ ඒ ජානනෙ. ඉතින් ඔහුත් අධ්‍යක්ෂණයට මෙන්ම තිර රචනයටත් පිවිසිලා. ළඟදීම ඒ
නිර්මාණ එළි දක්වනවලු. ඒ වගෙම ඔහු ලියූ ගීත කිහිපයක් සමඟින් අලුත් ගායකයන් කිහිප
දෙනෙකුව හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
|