වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සමන් පි‍්‍රයංකරගේ මල්හීන 3දා එළිදකී

සමන් පි‍්‍රයංකරගේ මල්හීන 3දා එළිදකී

මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුණිගේ විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් සහ සංගීත තැටියක් මෙන්ම මියුසික් වීඩියෝවක් මෙම මස 3 වැනිදා සවස මරදාන ටවර් රඟහලේදී එළිදැක් වේ.

එම ග්‍රන්ථ තුන වනුයේ 'මල් හීන', 'ඇදහිය නොහැකි සත්‍ය කතා', සහ 'ගීයක සැඟවුණු ඇත්ත' වේ.

ජාතික පුවත්පතකට සම්පාදනය කළ කොටස් වශයෙන් පළ වූ 'මල් හීන' කතාව ඇසුරෙන් 'මල්හීන' ග්‍රන්ථය සකස් වී ඇත. 'ඇදහිය නොහැකි සත්‍ය කතා' සඳහා ඇතුළත් වන්නේ මෙරට සිදු වූ සත්‍ය සිදුවිම් කිහිපයකි. එමෙන්ම ගීත පිළිබඳ එම ගීත පද රචකයින් සමඟ කළ සාකච්ඡා කිහිපයක් 'ගීයක සැඟවුණු ඇත්ත' ග්‍රන්ථයට ඇතුළත් වේ. සමන් කුඩා කල පටන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වි සිටි ගායන ශිල්පියකු ද වේ. 'තරු වැට ළඟ' එදින එළි දැක්වෙන සංයුක්ත තැටියයි.


ගාලු වාර්තා සිනමා උලෙළට චිත්‍රපට ඕනෑ

ගාල්ල සරවා කලා සහ මාධ්‍ය පාසල මගින් සංවිධානය කරන ගාලු වාර්තා සිනමා උලෙළ සඳහා නිර්මාණයන් මේ දිනවල බාර ගැනේ. මෙයට සුදුසුකම් ලබන්නේ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ පළමු දෙවැනි සහ තෙවැනි චිත්‍රපට පමණක් වේ. ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් නිතරඟයෙන් උලෙළේ ප්‍රදර්ශනය කරනු ලැබේ. නිර්මාණයන් ඉදිරිපත් කිරීමට නිර්මාණයේ නම, සාරාංශය, අධ්‍යක්ෂවරයාගේ අධ්‍යංශය චිත්‍රපටයේ කාලය, නිෂ්පාදිත වර්ෂය, ඔබගේ නිර්මාණයේ වීඩියෝ අප්ලෝඩ් කර එහි ලින්ක් එක සහ මුරපදය, දුරකතන අංකය සහ ලිපිනය ආදී විස්තරයන් අවශ්‍ය වේ. ඒවා  sarawa [email protected] යන විද්‍යුත් ලිපිනයට එවීමෙන් උලෙළට ඇතුළත් විය හැකිය.


ජානක වික්‍රමසිංහට කලා භූෂණ

ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍ර‍මසිංහයන් පසුගිය 22 වන දින රත්මලාන ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවයේ දී කලා භූෂණ සම්මානයට පාත්‍ර විය.

කොළඔ දිසාව දිසාපති සුනිල් කන්නන්ගර මැතිතුමා ද සංස්කෘතික අධ්‍යක්ෂක අනුෂා ගෝකුල මැතිණිය හා රත්මලාන ප්‍රදේශීය ලේකම් හේමසිරි පියතිලක මහතා ඇතුළු සම්භාවනීය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ඔහු කලා භූෂණ සම්මානය ලබා ගන්නා ලදී.

එහි හේතු පාඨයන් මෙසේ විය. ශ්‍රී ලාංකේය කලා කෙත සුපෝෂණය සඳහා සිදු කරන ලද අපිරිමිත සේවය අගයමින් රත්මලාන ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවයේ දී ජානක වික්‍රමසිංහ ප්‍රවීණ කලාකරුවා කලා භූෂණ සම්මානයෙන් පුද ලද බවයි.