|
දුර ප්‍රශ්නයක්ද?
සාමාන්‍යයෙන් අපි වේදිකා නාට්‍යයක් බලන්න යන්නේ අපේ ගෙවල් කිට්ටුව ඇති ශාලාවක එම නාට්‍ය පෙන්වන වෙලාවක. ඇතැම් විට නිතරම වේදිකා නාට්‍ය පෙන්වන කොළඹ තිබෙන ප්රමුඛ පෙලේ ශාලාවලට ගිහිනුත් අප වේදිකා නාට්‍ය නරඹන අවස්ථාවනුත් තියෙනවා. නමුත් බොහෝ විට අපි වේදිකා නාට්‍යයක් නරඹන්නේ අපිට ළඟම තිබෙන ශාලාවකට එය ආවාම. එය එහෙම වුණාට වේදිකා නාට්‍යයක් නරඹන්නට පමණක් යාපනේ ගිය කෙනෙක් ගැන අහලා තියනවාද. එහෙම කෙනෙක් ඉන්නවා. නම ජයසේකර අපොන්සු. ඔහු යාපනේ ගිහින් නරඹපු වේදිකා නාට්‍යය තමයි පරාක්‍රම නිරිඇල්ලගේ චරන්දාස්. අපොන්සු කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටියලු පරාක්රමගේ ජන කරළියෙ නාට්‍යයක් බලන්න. කොළඹ අවට එය වේදිකා ගත කළ සෑම අවස්ථාවකදීම ඔහුට මඟහැරුණලු. ඔය වෙලාවක තමයි ජන කරළිය යාපනේ පෙන්වනවා කියලා අපොන්සුට ආරංචි වුණේ. දෙවතාවක් හිතුවේ නැහැ. අපොන්සු ගියාලු යාපනේ. පොඩ්ඩක් යාපනේ අවට ඇවිදලා සිරි නරඹලා ජන කරළියටත් ගොඩ වෙලා එය නරඹලා අනෙක් අතට අපොන්සු ගෙදර ආවලු. කොහොමද ඒ ගමන.
|