වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




තනියට හේතුව

තනියට හේතුව

අප අතරින් වියෝ වූ විශිෂ්ට නිශ්චල ඡායාරූප ශිල්පියකු වූ රැලෙක්ස් රණසිංහයන්ගේ රැලෙක්ස් ග්‍රන්ථය නිකුත් වූදා උත්සවයේදී සනත් ගුණතිලකයන් කළ කතාවේදී අපූරු දෙයක් කියවුණා. ඒ මෙතෙක් කල් ඔහු තනිකඩව හිටියේ රවීන්ද්‍ර රන්දෙණියගේ උපදෙස් පිට කියලා. අහගෙන හිටපු අයට සිනහත් පහළ වුණා ඒ කතාවට. අපිට හිතාගන්න බැරි කසාද බැඳලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන රවී අයියා සනත්ට තනිකඩව ඉන්න මොන වගේ අදහසක් ද දුන්නේ කියලා. කෙසේ වෙතත් ඒ කතාවෙ ඇත්ත නැත්ත දන්නේ සනත්ම තමයි. හැබැයි රවි අයියා මේ ගැන මොනවා කිව්වද කියලා අපි දන්නේ නැහැ. මොන දේ වුණත් තනිකඩව හිටියත් සනත් කියන්නේ හොඳ නළුවෙක්ය කියන කාරණය නම් කියන්න ඕනෑ.