|
පඩික්කම් වන්නම
ජාතික නාළිකාවේ හිරු වියන මෙහෙය වන අමාධි උපෙකලා දිනෙත්ති අදින් වසර ගණනාවකට පෙර අපූරු සිදුවීමකට මුහුණ දීලා. ඇය එවකට විදුල ළමා ගුවන් විදුලි සේවයේ ළමා නිවේදිකාවක් හැටියට කටයුතු කළා. අමාධි නිවේදනයට වගේම නර්තනයටත් හපන්කම් දක්වන අයෙක්. ඒ හින්දා ඇයව තේරිලා දැයට කිරුළ ප්රදර්ශනයේ එක් නර්තන අංගයක් වෙනුවෙන්. අමාධිට තිබුණේ කලගෙඩි නැටුමක්. ඔන්න අමාධි කලගෙඩි නැටුම නටන්නට ස්ටේජ් එක ළඟට ආවලු. ඇයගේ නම කිව්වම දඩිබිඩිගාලා ස්ටේජ් එකට නඟිද්දී මතක් වුණාලු අතේ කලේ නැහැ කියලා. එවලේ අමාධිට කලේ දෙන්න නර්ථනය උගන්නපු කෙනාට අමතක වෙලා. එවලේ අමාධිගේ අතෙහි කලේ නැහැ කියලා දැනගත්ත කෙනෙක් දඩිබිඩිගාලා ළඟ තිබුණු දෙයක් අමාධිට දුන්නලු. කලබලේට ඒ මොකක්ද කියලා බලන්නේ නැතුව අතට අරගෙන නැටුම නටලා. ප්රේක්ෂකයන්ගෙන් උණුසුම් අත්පොලසන් නාදයකුත් ආවලු. අවසනදි අමාධි තමන්ගේ අතේ තිබුණු එක මොකක්ද කියලා බලලා. එතකොට ඇයට තරු පෙනුනලු. කලබලේම අර පුද්ගලයා අමාධිට දීලා තියෙන්නේ වර්ණ ගැන් වූ පඩික්කමක්. අමාධි ඒක අරගෙන තමයි නැටුම නටලා තියෙන්නේ. වෙච්ච ලැජ්ජාවට ඇයට පොළව පලාගෙන යන්න හිතිලා. ඇය එදා නටලා තියෙන්නේ කලගෙඩි නෙවෙයි පඩික්කම් නැටුමක්.
|