|
සිනා සයුර 4 මිනිස්සු වගේ ද සත්තු 14 දා එළි දකී
එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත නවතම ග්රන්ථ ද්විත්වයක් ජනගත කිරීම මෙම මස 14 වැනිදා සවස කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. ‘මිනිස්සු වගේ ද සත්තු’ සහ සිනා සයුර 04 එම ග්රන්ථ ද්විත්වය වේ. විවිධ සතුන්ගේ චර්යාවන් සේම ඒ ඒ සතුන් හා බැඳි ජනප්‍රවාද, ජන ජීවිතය තුළ පැන නඟින සිදුවීම් වත්මන් දේශපාලන සංසිද්ධීන් හා සසඳමින් හාස්‍යමය රීතියකින් මිනිස්සු වගේද සත්තු කෘතිය රචනා කොට තිබේ. මේ නමින් තීරු ලිපි එකතුවක් සති අන්ත පුවත්පතකට එඩ්වඩ් විසින් ලියනු ලැබීය. එම තීරුලිපි වලින් 16ක් එකතු කොට ඒ අනුසාරයෙන් මෙම ග්‍රන්ථය සකස් වී ඇත. ‘සිනා සයුර – 04’ එනමින් ඇති ග්රන්ථ දිගුවේ නවතම ග්‍රන්ථය යි. එඩ්වඩ් විසින් වරින්වර පුවත්පත් කිහිපයකට ලියූ හාස්‍යෝත්පාදක කතාංග රැසකින් ‘සිනා සයුර – 04’ සමන්විත වේ. මෙම ග්රන්ථයන් එළිදැක්වෙන දින වියත් දේශන ද්විත්වයක් ද පැවැත් වෙනු ඇත. එමෙන්ම එම ග්රන්ථ ආශ්රිත ජවනිකා කිහිපයකින්ද එම අවස්ථාව රස ගැන්වීමට කටයුතු යොදා ඇත.
චම්පිකා දීපානිගෙන් ළමාපොත් හතක්
තරුණි පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන චමිපිකා දීපානි රණසිංහ ලියූ ‘ඩිංගිරි මාමාගේ අපූරු උගුල’, ‘කැලෑගමේ අවුරුදු’, ‘ගස් අපේ යාළුවෝ’, ‘කපටි ගිනිමකරා’, ‘සෙල්ලම ලෙල්ලම වෙයි’, ‘ටික්කා මීයාගේ ගැලවිජ්ජාව’, ‘රජහිනාව’ යන ළමා කෘති පසුගියදා එළිදැක්විණි. ළමයින් වෙනුවෙන් ළමා ලෝකයේ සුන්දරත්වය උකහා ගනිමින් මෙම කෘතීන් රචනා වී ඇත. |